ගිණුමේ විශේෂාංග 

  • විද්‍යුත් තැපෑල හරහා ගිණුම විවෘත කිරීමේ, අලුත් කිරීමේ සහ වසා දැමීමේ පහසුකම
  • භෞතික වශයෙන් සහතිකයක් නිකුත් කරනු නොලැබේ (ආරම්භක තහවුරු කිරීමක් නිකුත් කරනු ලැබේ)
  • ක්ෂණික SMS පණිවුඩ සේවාව
  • අවම තැන්පතුව රු. 10,000/-
  • කාලසීමාව - මාස 01, 03, 06 සහ අවුරුදු 01 සිට 05 දක්වා (මාසයක තැන්පතු සඳහා කොන්දේසි අදාළ වේ)
  • තැපෑල, විද්‍යුත් තැපෑල හෝ ෆැක්ස් මඟින් අයදුම්පත් / අවසන් කිරීමේ ඉල්ලීම එවිය හැකි වීම
  • ශාඛාවක් වෙත පැමිණීමෙන් තොරව වසා දැමිය හැකිය
  • Smart FD සඳහා වන පොලී අනුපාත, සාමාන්‍ය ස්ථාවර තැන්පතුවලට ලබා දෙන පොලී අනුපාතයන්ට සමාන වේ
  • Smart FD, ණය ඇපකර ආදිය සඳහා ඇපයක් ලෙස පිළිගැනේ
  • ශාඛාව වෙත පැමිණීමෙන් නාමනය කළ හැකිය

* බදු හා කොන්දේසි අදාළ වේ

 

ගිණුම් විවෘත කිරීම සඳහා සුදුසුකම්

  • වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකික පදිංචිකරුවෝ මෙම ගිණුමක් විවෘත කිරීමට සුදුසුකම් ලබති
  • ජංගම හෝ ඉතුරුම් ගිණුමක් පවත්වාගෙන යාම (නව පාරිභෝගිකයෙකුට Smart FD ගිණුමක් විවෘත කිරීමට පෙර ඉතුරුම් ගිණුමක් විවෘත කළ හැකිය)

වැඩි විස්තර සඳහා ළඟම ඇති ලංකා බැංකු ශාඛාව අමතන්න. නැතිනම්, 1975 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ අපගේ ඇමතුම් මධ්‍යස්ථානය හා සම්බන්ධ වන්න.

ඔබේ සහයට

  1975 |    +94 11 2204444