අරමුණ

කාන්තා ව්‍යවසායිකාවන් විසින් මෙහෙයවනු ලබන, නීත්‍යනුකූල ව පිළිගත හැකි ඕනෑ ම ආදායම් උත්පාදන ක්‍රියාවලියක් මීට ඇතුළත් වේ. මෙම ණය පහසුකම් ලබා දීමේ දී සංචාරක ව්‍යාපාරය සහ අපනයනය ඉලක්ක කරගත් ව්‍යාපාර සඳහා ප්‍රමුඛතාව ලබා දෙනු ලැබේ.
 

ණය ලබා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම්

කාන්තාවන් විසින් පවත්වාගෙන යනු ලබන ඕනෑ ම ව්‍යාපාරයක් මෙම ණය පහසුකම ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබයි.

  • ව්‍යාපාරයේ කොටස්වලින් 50%කට වඩා කාන්තාවන් සතු විය යුතු ය.
  • ඒස‌ේ නොමති නම්  පහත සඳහන් නිර්ණායක තුන ම සපුරාලිය යුතුය.
    - ව්‍යාපාරයෙන් අවම වශයෙන් 20%ක් කාන්තාවන් සතු විය යුතු ය.
    - කාන්තාවක් විසින් ව්‍යාපාරයේ ප්‍රධාන තීරණ ගත යුතු ය. 
    - අධ්‍යක්ෂ මණ්ඩලයක් සිටින අවස්ථාවක නම් අදාළ අධ්‍යක්ෂ මණ්ඩල සංයුතියෙන් අවම වශයෙන් 30%ක් කාන්තාවන් විය යුතු ය. 


උපරිම ණය මුදල

රු. මිලියන 100ක් හෝ ව්‍යාපෘති පිරිවැයෙන් 75%ක් (මින් අවමය)

  • ආයෝජන අරමුණු සඳහා          - රු. මිලියන 50.0
  • කාරක ප්‍රාග්ධන අරමුණු සඳහා   - රු. මිලියන 50.0


පොලී අනුපාතය (ROI) - ස්ථාවර

  • රු. මිලියන 1.0 දක්වා                             -  9.00 %  වා.පො.
  • රු. මිලියන 1.0 සිට  රු. මිලියන 10.0  දක්වා     - 10.00 %  වා.පො.
  • රු. මිලියන 10.0 සිට රු. මිලියන 100.0 දක්වා - 12.00 %  වා.පො.


උපරිම ආපසු ගෙවීමේ කාලය 

  • කාරක ප්‍රාග්ධන ණය සඳහා  - උපරිම වසර 03
  • ආයෝජන ණය සඳහා          - සහන කාලය ඇතුළුව උපරිම වසර 05


සහන කාලය

  • උපරිමය මාස 6ක් (ආය‌ෝජන ණය සදහා පමණි)


කොන්දේසි අදාළ වේ.

රන්ලිය

ඔබේ සහයට

  1975 |    +94 11 2204444