BOC Smart Salary Saver ගිණුම යනු මාසිකව වැටුප් ලබන පුද්ගලයන්ට, ඉතා පහසු බැංකු සේවා රැසක් සමඟින්, තමා උපයා ගත් මුදල් කළමනාකරණය කර ගැනීම සඳහා සඳහාම වෙන්වූ ගිණුමකි. මෙම ගිණුම මගින් අතිරික්ත අරමුදල් සඳහා ප්‍රතිලාභ හිමි කර දෙන අතර ම, හදිසි අවශ්‍යතාවක දී ක්ෂණික වැටුප් අත්තිකාරම් ලබාගත හැකි ය.
ඔබ වයස අවුරුදු 18-55 ත් අතර, මාසිකව රු.25,000/-කට වැඩි ශුද්ධ වැටුපක් ලබන අයෙකු නම්, දිවයින පුරා පිහිටි ඕනෑම ලංකා බැංකු ශාඛාවක දී BOC Smart Salary Saver ගිණුම විවෘත කළහැක.
BOC Smart Salary Saver ගිණුමෙන් ඔබට
- දෛනිකව, අතිරේක අරමුදල් ආයෝජනයකිරීමේ හැකියාව.
- එදිනෙදා ගෙවීම් සඳහා, ආයෝජනය කළ මුදල් වෙත පහසුවෙන් පිවිසීමේ හැකියාව.
- ක්ෂණික වැටුප් අත්තිකාරම්.
- විද්‍යුත් ගනුදෙනු (e-Commerce) සඳහා සක්‍රීය කරන ලද හර /ATM කාඩ් පතක්.
- ඩිජිටල් බැංකු සේවා

