දින 14න් නිවාස ණයක් දැන් ලංකා බැංකුවෙන්

May 21, 2025

BOC Articles - දින 14න් නිවාස ණයක් දැන් ලංකා බැංකුවෙන්

තමාගේ ම නිවසක හිමිකරුවකු වීම බොහෝ දෙනෙකු දකින ප්‍රධානතම සිහිනයකි. මේ නිසා ම ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව විසින් ශ්‍රී ලාංකේය ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කර ගැනීමට සුවිශේෂී නිවාස ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇති අතර, එම ණය යෝජනා ක්‍රමය පිළිබඳ ව තොරතුරු දැන ගැනීම සඳහා අපි  ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා ණය මෙහෙයුම් කලාප 1) අජිත් කරුණාරත්න  මහතා සමඟ සාකච්ඡා කළෙමු.

ලංකා බැංකුව හඳුන්වා දෙන, දින 14න් ලබා ගත හැකි නිවාස ණය සම්බන්ධයෙන් කෙටියෙන් පැහැදිලි  කළොත් ....

ශ්‍රී ලංකාවේ අංක එකේ බැංකුව විදියට ලංකා බැංකුව,අපගේ ගනුදෙනුකරුවන් ගේ නිවාස සිහිනය සැබෑ කිරීම වෙනුවෙන්  දින 14කින් ලබා ගත හැකි,  වඩාත් සහනදායී ණය ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කරල තිබෙනවා. ඒ වෙනුවෙන් අපි දිවයින ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ණය මධ්‍යස්ථාන 16ක් විවෘත කිරීමට කටයුතු කර තිබෙන බව පැවසිය යුතු ම යි.

මෙම ණය ලබා දීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද? 

මුළු දිවයින ම ආවරණය වන පරිදි ස්ථාපිත 655 කට අධික ලංකා බැංකු ශාඛා අතුරින් ඕනෑ ම ශාඛාවකට නිසි පරිදි සම්පූර්ණ කරන ලද ණය අයදුම්පතක් ලබා දීමෙන් මෙම නිවාස ණයක් ලබා ගැනීමට පුළුවන්. එහි දී අදාළ ශාඛාව විසින්, ණය අයදුම් පත සහ අදාළ ලියකියවිලි එම ශාඛාව අයත් වන ප්‍රාදේශීය ණය මධ්‍යස්ථානය වෙත යොමු කරනවා. මෙම ණය මධ්‍යස්ථානවල සේවය කරන නිලධාරීන් ණය කටයුතු සම්බන්ධයෙන් පමණක් ක්‍රියාත්මක වන නිසා, ඔවුන් එම විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පුළුල්  දැනුමින්, අත්දැකීම්වලින් සමන්විත පුහුණු නිලධාරීන් වීම , අපගේ ගනුදෙනුකරුවන් වෙත ගුණාත්මක සේවාවක් ලබා දීමට මහත් රුකුලක්.  නිසි ලිපි ලේඛන ලැබුණු පසු  වැඩ කරන දින 14ක කාලයක් තුළ අදාළ ණය මුදල ලබා දීමට අපි කටයුතු කරනවා.

මෙවැනි විශේෂ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට හේතුව කුමක් ද ?

ඇත්ත වශයෙන් ම මෙම දින 14 නිවාස ණය ක්‍රමවේදය හඳුන්වා දීම, අපගේ ගනුදෙනුකරුවන්ගේ  නිවාස සිහිනය සැබෑ කිරීම වෙනුවෙන් ම හඳුන්වා දුන්නා කිව්වොත් මා නිවැරදි යි. පසුගිය වකවානුව තුළ රටේ පැවති ආර්ථික අස්ථාවර භාවය නිසා ජනතාව නිවාස ණය පිළිබඳ ව උනන්දුවක් තිබුණේ නැහැ. නමුත් මේ වන විට ආර්ථිකය ක්‍රමයෙන් ස්ථාවර වීමත් සමඟ නිවාස ණය සම්බන්ධයෙන් ජනතාවගේ  අවධානය නැවතත් යොමු වී තිබෙනවා. එම නිසා ම අපි මෙම සුවිශේෂී ණය යෝජනා ක්‍රමය හඳුන්වා දුන්නා කිව්වොත් මා නිවැරදි යි. 

මෙම නිවාස ණය සැලසුම ඔස්සේ ගනුදෙනුකරුවන්ට ලැබෙන ප්‍රතිලාභ මොනවා ද ?

ඉඩමක් මිලදී ගැනීම,  නිවසක් මිල දී ගැනීම, නිවසක් ඉදි කර ගැනීම හෝ තිබෙන නිවස අලුත් වැඩියා කිරීම හෝ නිවසට අලුතින් කොටසක් එක් කිරීම යන අවශ්‍යතා සඳහා මෙම ණය මුදලක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. 10% සිට තරඟකාරී පොලී අනුපාත යටතේ මෙම ණය මුදල් ලබා දීමට අපි සැලසුම් කර තිබෙනවා. ඒ වගේම විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින්ටත් මෙම ණය සැලසුම ඔස්සේ ශ්‍රී ලංකාවේ  සිටින පවුලේ ළඟ ම ඥාතියකු සමග සම්බන්ධ වී මෙම ණය මුදලක් ලබා ගැනීමේ අවස්ථාව ලබා දී තිබෙනවා.

නිවාස ණයක් සඳහා ලංකා බැංකුව ම තෝරා ගත යුත්තේ ඇයි ?

ලංකා බැංකුව මේ වන විට වසර 85කට අධික කාලයක් ශ්‍රී ලාංකේය ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා ඉටු කිරීමට  සක්‍රීය ව මැදිහත් වී තිබෙනවා. රාජ්‍ය බැංකුවක් විදියට  අත්කරගත් විශ්වාසය සහ අත්දැකීම් තුළින් අපගේ ගනුදෙනුකරුවන් වෙත නිවාස ණය ලබා දීමේ දී අනෙක් ආයතනවලට වඩා නම්‍යශීලී ක්‍රමවේදයක්  අනුගමනය කිරීමේ හැකියාව අපට ලැබී තිබෙනවා.  මේ නිසා ලංකා බැංකුව සමඟ එක් ව ඔබගේ නිවාස සිහිනය යථාර්ථයක් කර ගැනීමට හැකි බව පැවසිය යුතු ම යි. ඒ වගේ ම ඔබට ණය මුදල ගෙවා ගැනීමට දුෂ්කර අවස්ථාවල දී වඩා ප්‍රායෝගික නම්‍යශීලී විසඳුම් ලබාදීම තුළින් ඔබට ශක්තියක් වීමට අප කටයුතු කර තිබෙනවා. මේ සියල්ල තුළින් අපගේ මූලික අරමුණ වන්නේ ඔබේ ම නිවසක සිහිනය දකින ඔබට ශක්තියක් ලබා දෙමින් ඒ සිහින යථාර්ථයක් කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දීමයි.

මෙම නිවාස ණය ලබා ගැනීම සඳහා ගනුදෙනුකරුවකු සපුරාලිය යුතු සුදුසුකම් මොනවා ද ?

වයස අවුරුදු 18ට වැඩි රැකියාවක නියුතු හෝ ව්‍යාපාරික කටයුතුවල නියැලී සිටින ඕනෑ ම ශ්‍රී ලාංකිකයෙකුට මෙම නිවාස ණයක් ලබා ගත හැකි යි. එසේ ම විදේශ ගත ව රැකියා කරන ශ්‍රී ලාංකිකයින්ටත් මෙම නිවාස ණයක් සඳහා අයදුම් කිරීමේ හැකියාව තිබෙනවා.