පසු ගිය දා සිංගප්පූරුවේ දී පැවැත්වුණු '2026 Digital CX' සම්මාන උළෙලේ දී ශ්‍රී ලාංකේය මූල්‍ය ක්ෂේත්රය ආශ්රිත ඩිජිටල් බැංකුකරණ නවෝත්පාදනයේ වර්ධනය පිළිබිඹු කරමින් ලංකා බැංකුව (BOC) සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීමට සමත් විය. ගෝලීය වශයෙන් කීර්තිමත් මෙම සම්මාන උළෙල 2026 Digital CX සමුළුවට සමගාමී ව පැවති අතර, එහි දී ඇගයීමට ලක් වූ එක ම ශ්‍රී ලාංකේය බැංකුව ලංකා බැංකුව වීම විශේෂත්වයකි.
මෙම සම්මාන උළෙලේ දී ලංකා බැංකුවේ ප්‍රමුඛතම ඩිජිටල් සේවාව වන BOC Flex, ජංගම සහ අන්තර්ජාල බැංකුකරණය හරහා හොඳ ම පාරිභෝගික අත්දැකීම (ශ්‍රී ලංකාව), පාරිභෝගික අත්දැකීම් සඳහා හොඳ ම ඩිජිටල් බැංකුව (ශ්‍රී ලංකාව) සහ කැපී පෙනෙන Digital CX බැංකු යෙදුම (ශ්‍රී ලංකාව) යන සුවිශේෂී සම්මාන ත්‍රිත්වය ම දිනා ගත් අතර, එම ජයග්‍රහණය සමඟින් ලංකා බැංකුව, ශ්‍රී ලාංකේය ඩිජිටල් නවෝත්පාදන අංශයේ සහ ගනුදෙනුකාර කේන්ද්‍රීය බැංකුකරණයේ ප්‍රමුඛයා බව නැවත වරක් තහවුරු කිරීමට සමත් විය.
ඩිජිටල් පරිවර්තනය සහ පාරිභෝගික අත්දැකීම් පිළිබඳ ගෝලීය නායකයින් සහභාගී වූ මෙම ජාත්‍යන්තර සම්මාන ප්‍රදානෝත්සවයේ දී ලංකා බැංකුවේ මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරි වයි. ඒ. ජයතිලක මහතා විසින් මෙම සම්මාන ලබා ගන්නා ලදී.
BOC Flex 'සියලු සේවා එක ම යෙදුමකින්' (All in One App) යන සංකල්පය යටතේ නිර්මාණය කර ඇති අතර, ලංකා බැංකු ගනුදෙනුකරුවන්ට පමණක් නොව, සියලු ම ශ්‍රී ලාංකිකයින්ට පරිශීලනය කළ හැකි බව ද සිහිපත් කළ යුතු ම කරුණකි. මෙම යෙදුම කෙටි කාලයක් තුළ මිලියන 1.6 කට අධික ක්‍රියාකාරී පරිශීලකයින් සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ වැඩියෙන් ම භාවිත වන මූල්‍ය යෙදුම බවට පත් වී ඇති බව ලංකා බැංකුව සිහිපත් කරන්නේ අභිමානයෙනි. මාස 12 ක කාලයක් තුළ, මෙම සේවාව ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ ගමන් මඟේ සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් රුපියල් ට්‍රිලියන 1 කට වැඩි වටිනා කමකින් යුත් ගනුදෙනු පහසුකම් සපයා ඇත. එමෙන් ම එය දැනට ශ්‍රී ලංකාවේ App Store, Google Play Store සහ Huawei App Gallery හරහා බාගත (Download) වන අංක එකේ බැංකු යෙදුම ලෙස ශ්‍රේණිගත වී ඇත.
මෙම සමුළුවේ දී අදහස් දක්වමින් ලංකා බැංකුවේ මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරි වයි. ඒ. ජයතිලක මහතා මෙසේ පැවසුවේ ය. " මෙම සම්මාන අපගේ ගනුදෙනුකරුවන් ඇතුළු ශ්‍රී ලාංකික ජනතාව අප කෙරෙහි තබා ඇති විශ්වාසය මැනවින් පිළිබිඹු කරනවා. මෙම සම්මාන දිනා ගැනීමේ ගෞරවය ඔවුන්ට වගේ ම අපගේ සමස්ත කාර්ය මණ්ඩලයට සහ සියලු පාර්ශ්වකරුවන්ටත් පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා."
වැඩි දුරටත් අදහස් දක්වමින් ජයතිලක මහතා පැවසුවේ, "අපි භෞතික වශයෙන් මුදල් භාවිතයෙන් තොර ආර්ථික ක්‍රියාවලියක් (Cashless Economy) කරා ස්ථාවර ලෙස ගමන් කරමින් සිටින බව සිහිපත් කිරීමට කැමතියි. මෙම පරිවර්තනයේ දී BOC Flex සේවාව ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකය නැංවීමට ලංකා බැංකුව දක්වන දායකත්වය වගේ ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වයට ලබා දෙන සහයෝගය සහ මූල්‍ය අන්තර්ගතකරණය වෙනුවෙන් ලංකා බැංකුවේ දායකත්වය මෙම සම්මාන උළෙලේ දී කැපී පෙනුණු බව අවධාරණය කිරීමට කැමතියි." යනුවෙනි.
'2026 Digital CX' සම්මාන උළෙලේ දී ඇගයීමට ලක් වීම ඩිජිටල් විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ ගනුදෙනුකාර කේන්ද්‍රීය බැංකුකරණය යන ක්ෂේත්‍ර ප්රශස්ත කිරීම වෙනුවෙන් ලංකා බැංකුවේ කැපවීම පිළිබිඹු කරයි. BOC Flex යෙදුම ආශ්රිත සේවා සහ ප්‍රවේශය අඛණ්ඩ ව පුළුල් කිරීමට ලංකා බැංකුව කටයුතු කරන අතර, එය නවීන, ආරක්ෂිත මෙන් ම භෞතිකමය වශයෙන් මුදල් භාවිතයකින් තොර මූල්‍ය ක්‍රියාවලියක් කරා ශ්‍රී ලාංකේය මූල්‍ය ක්ෂේත්රය පරිවර්තනය කිරීම වෙනුවෙන් මෙම සේවාව සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි.