“BOC My Sri Lanka” යනු ශ්‍රී ලංකාවේ විදේශ මුදල් තැන්පතු පදනම වර්ධනය කිරීම සඳහා දායක වීමට කැමති ගනුදෙනුකරුවන්ට ලංකා බැංකුව විසින් හඳුන්වා දී ඇති විශේෂ විදේශ මුදල් ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රමයකි. මෙය ශ්‍රී ලංකා ආර්ථිකය නංවාලීමට දායක වන අතර, ගනුදෙනුකරුවන් වෙහෙස මහන්සි වී උපයාගත් විදේශ විනිමය සඳහා මෙමගින් උපරිම ප්‍රතිලාභ ලබාදෙයි.

විශේෂාංග

  • වෙනස්වන පොලී අනුපාතය (මාස 3 SOFR + 0.75%)
  • මුදල් වර්ගය: ඇමරිකානු ඩොලර් (USD)
  • අවම තැන්පතුව: USD 5,000
  • කාලසීමාව: වසර 5
  • පොලිය පහත විකල්ප යටතේ විදේශ මුදලින් ගෙවනු ලැබේ;
    - කල්පිරීමේදී පොලිය ගෙවනු ලැබේ
    - කල්පිරීමේදී පොලිය තැන්පතු මුදලට එකතු කිරීම හෝ මෙහෙයුම් ගිණුමට මාරු කිරීම කළ හැක.
  • කල්පිරීමේදී ගිණුම ස්වයංක්‍රියව අලුත් වේ
  • විද්‍යුත් සහතිකය (e-Certificate)
  • e-Prestige කාඩ්පත (මෙම යෝජනා ක්‍රමය යටතේ තැන්පත් කර ඇති මුළු තැන්පතු වටිනාකම අනුව)

තැන්පතු වටිනාකම්

කාණ්ඩය

USD 10,000 - 24,999Silver
USD 25,000 - 49,999Gold
USD 50,000 හෝ ඊට වැඩිPlatinum
  • ඕනෑම වේලාවක මුදල් ආපසු ගත හැක.

 

   ප්‍රතිලාභ

  • රු. 1,000,000/- දක්වා ජීවිත රක්ෂණ ක්‍රමය 
  • හදිසි අනතුරක් හේතුවෙන් ස්ථිර ආබාධිත තත්ත්වයට පත්වුවහොත් රු. 500,000/- දක්වා ලබාදීම 
  • රු. 50,000/- දක්වා ගමන් මලු රක්ෂණාවරණය
  • විදේශ මුදල් මාරුකිරීම් සඳහා විශේෂ විනිමය අනුපාත
  • සුදුසුකම්ලත් ගනුදෙනුකරුවන් සඳහා ගුවන් තොටුපල taxi වවුචර් නොමිලයේ

ගනුදෙනුකාර කාණ්ඩය

වවුචර් වටිනාකම (රු.)

Silver3,000
Gold6,000
Platinum6,000
  • සුදුසුකම්ලත් ගනුදෙනුකරුවන් සඳහා ගුවන් තොටුපළෙහි විවේකගැනීමේ පහසුකම (Airport lounge) / සේද මාර්ගය (Silk Route) / රන් මාර්ගය (Gold Route) ප්‍රවේශය නොමිලයේ

ගනුදෙනුකාර කාණ්ඩය

පැකේජ වර්ගය

ගිණුම්හිමියා

ගිණුම්හිමියා සමඟ තවත් එක් පුද්ගලයකු සඳහා

SilverTopaz Package (Silk route Arrival)Garnet Package (Executive Lounge Access)
GoldAmethyst Package (Silk route Arrival and Departure)Topaz Package (Silk route Arrival)
PlatinumGold Route access (Arrival or Departure)Ruby Package (Silk route Arrival and Departure / Executive Lounge)

 

 

සුදුසුකම්
  • ශ්‍රී ලංකාව තුළ හෝ පිටත වාසය කරන විදේශිකයකු
  • ශ්‍රී ලංකාවේ හෝ ඉන් පිටත පදිංචි ද්විත්ව පුරවැසිභාවය ඇති ශ්‍රී ලාංකිකයකු
  • වෙනත් රටක ස්ථිර පදිංචිය (PR) හෝ පුරවැසිභාවය ලබා ඇති, ශ්‍රී ලංකාවේ හෝ ඉන් පිටත පදිංචි ශ්‍රී ලාංකික ජාතිකයකු
  • ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි විදේශයක සේවය කරන ශ්‍රී ලාංකික පුරවැසියකු (සංක්‍රමණිකයින් හැර)
ඉල්ලුම් කළ යුතු ආකාරය
  1. අපගේ ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරීන් සම්බන්ධ කර ගැනීමෙන් හෝ අපගේ විදේශීය ශාඛා සහ අනුබද්ධිත ආයතන හෝ ජාත්‍යන්තර ගනුදෙනුකාර සේවා සහාය ඒකකය - විදේශ කවය (Foreign Circle) වෙත පැමිණීමෙන් "My Sri Lanka Foreign Currency Fixed Deposit" ගිණුම විවෘත කළ හැකිය.
    >> අයදුම්පත බාගත කර, නිසි ලෙස සම්පූර්ණ කර අනෙකුත් සනාථකිරීමේ ලේඛන සමඟ භාර දී ඒවා;
    •    ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක බලයලත් නිලධාරියකු විසින් හෝ
    •    අපගේ ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරියකු (විදේශ නියෝජිතයකු) හෝ
    •    චෙන්නායි / මාලේ / සීෂෙල්ස් / BOC UK Ltd හි විදේශීය ශාඛා සහ අනුබද්ධිත ආයතන මගින් 
                          සහතික කර ගන්න. 
    >> අයදුම්පත සහතික කරගෙන ඇත්තේ තානාපති කාර්යාලයක් හරහා නම්, එය mysrilanka@boc.lk හරහා යොමු කරන්න.
  2. ඔබ දැනට ශ්‍රී ලංකාවේ සිටී නම්, දිවයින පුරා පිහිටි අපගේ ඕනෑම ශාඛාවක් වෙත පිවිසීමෙන් මේ සඳහා 

 

 

අවශ්‍ය ලිපි ලේඛන : 

ගිණුමක් විවෘත කිරීමට අවශ්‍ය සුදුසුකම් සනාථ කිරීම සඳහා පහත සඳහන් ලේඛන අයදුම්පත සමඟ යොමු කරන්න,
- වලංගු විදේශ ගමන් බලපත්‍රයේ ජීව දත්ත පිටුවේ පිටපතක්
- ජාතික හැඳුනුම්පතේ (NIC) පිටපතක් (අයදුම්කරු ශ්‍රී ලාංකිකයකු නම්)
- ලිපිනය තහවුරුකිරීමේ ලේඛනයක් (උදා: පදිංචි බලපත්‍රය)
- අරමුදල් මූලාශ්‍රය සනාථ කිරීම සඳහා වීසා/රැකියා ගිවිසුමේ/අවසර පත්‍රයේ පිටපතක් හෝ  අරමුදල් මූලාශ්‍රය සනාථ කිරීමේ වෙනත් ලියවිල්ලක පිටපතක්

නියමයන් හා කොන්දේසි
  • විචල්‍ය පොලී අනුපාතය සෑම වසරකම කාර්තුමය වශයෙන් වෙනස් වේ.
  • ගිණුමට අවසර ලැබෙන බැර කිරීම්: දැනට පවතින “My Sri Lanka” ස්ථාවර තැන්පතුව කල්පිරීමේදී පවතින ශේෂය හෝ PFCA හෝ IIA හෝ DFCA හෝ අක්වෙරළ බැංකු ඒකකයේ පවත්වාගෙන යන ගිණුම්වලට ‘My Sri Lanka’ යෝජනාක්‍රමය යටතේ ගිණුම් විවෘතකිරීම වෙනුවෙන් ලැබෙන අරමුදල්.
  • තැන්පතු මුදල යනු “My Sri Lanka” ස්ථාවර තැන්පතුව විවෘතකිරීම වෙනුවෙන් මෙහෙයුම් ඉතුරුම් හෝ ජංගම ගිණුමට ලැබෙන අරමුදල් වේ. 
  • ගිණුමේ විශේෂ ප්‍රතිලාභ (උදා: ගුවන්තොටුපල පහසුකම්, රක්ෂණය වැනි) ලබා ගැනීම සඳහා, ගිණුම් හිමියා/හිමියන්, බැංකුව විසින් ප්‍රකාශිත නියමිත නිර්ණායක සපුරාලිය යුතුය.
  • බැංකුවේ හුදු හා පරම අභිමතය අනුව ගිණුමට අදාළ නියමයන් හා කොන්දේසි, වරප්‍රසාද, සේවා හා පහසුකම් ඕනෑම අවස්ථාවක වෙනස් කිරීමට, සංශෝධනය කිරීමට හෝ ඒවාට යමක් එකතු කිරීමට බැංකුවට අයිතිය ඇති අතර මේ යටතේ විවෘතකරනු ලබන අලුත් ගිණුම් සඳහා මෙන්ම ගිණුම් අලුත්කිරීමේදී ද එම සංශෝධනයන් අදාළ වේ.
  • නීතිය, රජයේ නියෝග හා ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් අනුව සිදුකරන ලද සංශෝධනයන් වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ වේ.
සම්බන්ධ වන්න

වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න.

ජාත්‍යන්තර ගනුදෙනුකාර සේවා ආධාරක ඒකකය - Foreign Circle
ජාත්‍යන්තර අංශය

WhatsApp : +94 707 203 203
                    +94 707 205 205

ඇමතුම් මධ්‍යස්ථානය  : +94 11 220 4444

විද්‍යුත් තැපෑල - mysrilanka@boc.lk

SWIFT කේතය - BCEYLKLX

ලංකා බැංකු කේතය - 7010

ඔබේ සහයට

Foreign Circle
ජාත්‍යන්තර ගනුදෙනුකාර සේවා සහය ඒකකය

+94 11 220 3859
+94 11 220 3860
+94 11 220 3886
+94 11 220 3887

 
+94 707 203203
+94 707 204204
+94 707 205205

fc@boc.lk