ආමුඛ ආයෝජන ගිණුම (IIA) යනු ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත පදිංචිව සිටින සුදුසුකම් ලත් ආයෝජකයින් සඳහා අවසර ලත් ආයෝජන සඳහා මුදල් යෙදවීම වෙනුවෙන් නම් කරන ලද විශේෂ ගිණුමකි.

IIA ගිණුම් ඉතුරුම් , ස්ථාවර තැන්පතු  හෝ ජංගම ගිණුම් (චෙක්පත් පහසුකම නොමැතිව) ආකාරයෙන්  පහත සඳහන් විදේශ මුදල්වලින් විවෘත කළ හැක.

LKR - ශ්‍රී ලංකා රුපියල්
USD - ඇමරිකානු ඩොලර්
GBP - බ්‍රිතාන්‍ය පවුම්
EUR - යුරෝ
JPY - ජපාන යෙන්
AUD - ඕස්ට්‍රේලියානු ඩොලර්
CHF - ස්විස් ෆ්‍රෑන්ක්
CAD - කැනේඩියානු ඩොලර්
SGD - සිංගප්පූරු ඩොලර්
NZD - නවසීලන්ත ඩොලර්
CNY - චීන රෙන්මින්බි

  • IIA ඉතුරුම් හෝ ජංගම ගිණුම් සඳහා මූලික තැන්පතුවක් අවශ්‍ය නොවන අතර අවම ශේෂ අවශ්‍යතිවය අදාළ නොවේ.
  • ජංගම ගිණුම් සඳහා
    » චෙක් පොත් සහ අයිරා පහසුකම් (OD) නොමැත.
  • ස්ථාවර තැන්පතු සඳහා
    » ස්ථාවර තැන්පතු විවෘත වන්නේ IIA ඉතිරිකිරීමේ ගිණුම් සහ ජංගම ගිණුම් පවත්වාගෙන යන ගනුදෙනුකරුවන්  සඳහා පමණි.
    » ස්ථාවර තැන්පතු විවෘත කිරීම සහ අවසන් කිරීම සඳහා මුදල් මාරු කිරීම සිදු කෙරෙන්නේ IIA ඉතුරුම් හෝ ජංගම ගිණුම් හරහා පමණි.
සුදුසුකම්
  •  ශ්‍රී ලංකාවේ හෝ ඉන් පිටත පදිංචි විදේශිකයින්.
  • ශ්‍රී ලංකාවේ හෝ ඉන් පිටත පදිංචි ශ්‍රී ලාංකික ද්විත්ව පුරවැසියන්.
  • ශ්‍රී ලංකාවේ හෝ ඉන් පිටත පදිංචි වෙනත් රටක ස්ථිර පදිංචිය (PR)  හෝ පුරවැසිභාවය ලබා ඇති ශ්‍රී ලාංකිකයින්. 
  • විදේශ රැකියාවක නියුතු, ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි ශ්‍රී ලාංකික පුරවැසියන්. (විගමණිකයන් හැර)
  • ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත සමාගම්.
  • ශ්‍රී ලංකාවෙන් පිටත ලියාපදිංචි හවුල් ව්‍යාපාර.
  • ශ්‍රී ලංකාවෙන් පිටත පිහිටුවා ඇති දේශීය අරමුදල්, කලාපීය අරමුදල්, අන්‍යෝන්‍ය අරමුදල්, ඒකක භාර සහ විදේශ ආයතනික ආයෝජකයින්.
  • බැංකුව සමඟ IIA ගිණුමක් පවත්වාගෙන ගිය මියගිය පුද්ගලයෙකුගේ දේපළක පරිපාලකයෙකු හෝ විධායකයෙකු.
  • බැංකුව සමඟ IIA ගිණුමක් පවත්වාගෙන ගිය සමාගමක ග්‍රාහකයෙකු හෝ ඈවර කරන්නෙකු.
ලේඛන සහ තොරතුරු
  • සුදුසුකම් ලත් පුද්ගලයා පහත සඳහන් ලේඛනවල මුල් පිටපත් ඉදිරිපත් කළ යුතුය
    » ආයෝජන විස්තර ඇතුළුව IIA විවෘත කිරීම සඳහා ඉල්ලීම් ලිපිය
      ගිණුම් විවෘත කිරීමේ අයදුම්පත
      ගනුදෙනුකාර  ලියාපදිංචි අයදුම්පත
      (KYC) පෝරමය 
      FATCA ප්‍රකාශය (අදාළ නම්)
      බදු ප්‍රකාශය (අදාළ නම්)
    »ලිපිනය තහවුරු කිරීමේ ලේඛන. (බැංකුවට ලබා දී ඇති ලිපිනය ජාතික හැඳුනුම්පතේ / රියදුරු බලපත්‍රයේ / විදේශ ගමන් බලපත්‍රයේ සඳහන් ලිපිනයෙන් වෙනස් වන්නේ නම්.)
    » ආදායම් මූලාශ්‍ර සාක්ෂි ලේඛන. (ආයෝජන අරමුදල් ශේෂය සමඟ බැංකු ප්‍රකාශය)
  • ශ්‍රී ලංකාවෙන් පිටත තනි තනිව පදිංචිව සිටින සහ ගිණුම විවෘත කිරීම සඳහා ශාඛාවක් වෙත පැමිණීමට නොහැකි, සුදුසුකම් ලත් පුද්ගලයින්,  පහත සඳහන් ඕනෑම නිලධාරියෙකු විසින් අනුමත අයදුම්පත්‍රවල මුල් පිටපත් සහ  අවශ්‍ය වෙනත් ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය.
         i. BOC ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරියෙකු (BPO)
        ii. විදේශයන්හි BOC ශාඛා/ බැංකුවක බලයලත් නිලධාරියෙකු
       iii. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ බලයලත් නිලධාරියෙකු.

 

සුදුසුකම් ඇති සමාගම්

  • අවශ්‍ය ලියකියවිලි සහ තොරතුරු සඳහා කරුණාකර BOC ශාඛාව අමතන්න.

 

For any assistance 

Foreign Circle
International Customer Service Support Unit

+94 11 220 3859
+94 11 220 3860
+94 11 220 3886
+94 11 220 3887

 
+94 707 203203
+94 707 204204
+94 707 205205

fc@boc.lk