පාරිසරික තිරසාර භාවය වර්ධනය කිරීම වෙනුවෙන් ලංකා බැංකුවේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරමින් ඉහත වැඩසටහන පසු ගිය දා සාර්ථක ව දියත් කෙරුණු අතර, ලංකා බැංකුවේ තිරසාර බැංකු ඒකකයේ සංවිධානයෙන් සහ මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මීගමුව මහ නගර සභාව, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA), මීගමුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) කාර්යාලය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, හෝටල් හිමියන්ගේ සංගමය, ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලය, මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසල, Ernst & Young (EY) සහ Biodiversity Sri Lanka යන ආයතන ඇතුළු පාර්ශ්ව කරුවන්ගේ සහයෝගයෙන් දියත් කෙරුණු මෙම වැඩසටහනට පාසල් සිසු සිසුවියන්, ස්වේච්ඡා සේවකයින්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
එමෙන් ම මෙම සුවිශේෂී වැඩසටහනට ලංකා බැංකුවේ සහභාගිත්වය සනිටුහන් කරමින් මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරිවරයා, ප්‍රධාන මෙහෙයුම් නිලධාරිවරයා ඇතුළු, ආයතනික හා විධායක කළමනාකාරිත්වය සහ ශාඛා කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවෝ එක් වූහ.
මෙම කර්තව්‍යය ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ දිගු කාලීන සංරක්ෂණය වෙනුවෙන් ලංකා බැංකුවේ කැප වීම පිළිබිඹු කරන අතර, මේ සඳහා අත්වැල් බැඳ ගත් සියලු දෙනාට ලංකා බැංකුව සිය ස්තුතිය පුද කර සිටී.
Photos on Facebook
Videos
https://web.facebook.com/share/r/1MKPPeyxtr/
https://web.facebook.com/reel/1745681759705968
https://web.facebook.com/reel/4005703686402963
https://web.facebook.com/reel/1070296382007223
https://web.facebook.com/reel/1044022591856780
https://web.facebook.com/reel/2130902207465924
https://web.facebook.com/reel/1611140000799545
https://web.facebook.com/reel/874294172231493
https://web.facebook.com/reel/1395894335805899
https://web.facebook.com/reel/1058880000334783
https://web.facebook.com/reel/2568917310210630
https://web.facebook.com/reel/2939690373049407
https://web.facebook.com/reel/27878011991807731