ගනුදෙනුකාර කේන්ද්‍රීය වීම
අපගේ ගනුදෙනුකරුවන්ට ගුණාත්මක මූල්‍ය සේවාවන් සැපයීම සහ අපගේ පාර්ශවකරුවන්ට දිගු කාලීන ප්‍රතිලාභ ලබා දීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් කැප වන්නෙමු. අපගේ සියලු ම නිමැවුම් සහ සේවා අපගේ පාරිභෝගික ජනතාව සවි බල ගැන්වීම තහවුරු කරන වටිනාකම් සමූහයක් මත පදනම් වන බව සහතික කිරීමට නිරන්තරයෙන් කටයුතු කරන්නෙමු.
විවිධත්වයට ගරුකිරීම
අපි සමස්ත ප්‍රජාවගේ ගෞරවණීය භාවය ආරක්ෂා කරන්නෙමු. අප එකිනෙකාට ගරු කරන අතර, ලංකා බැංකුව ලෙස අප පෙනී සිටින දෑ සඳහා ද ගරු කරමු. බහු වාර්ගික සහ බහු ජාතික ප්‍රජාව ජීවත් වන, සමෘද්ධිමත් සහජීවනයෙන් යුතු පරිසරයක් තුළ ඇති සියලු ආකාරයේ වෙනස්කම් වලට උපරිම ලෙස ගරු කරමු.
ආචාර ධර්ම, පාලනය සහ වෘත්තීය භාවය වෙනුවෙන් කැපවීම
අපි අවංකභාවයේ ප්‍රමිතීන් දැඩි ලෙස ආරක්ෂා කරමු. අපගේ සමස්ත ව්‍යාපාර ආකෘතිය පදනම් වී ඇත්තේ අපගේ පාර්ශ්වකරුවන්, විශේෂයෙන් ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය සහ අවංකභාවය මත ය. අපි අපගේ ගනුදෙනුකරුවන්, කොටස් හිමියන් ඇතුළු සමස්ත ජනතාව සමඟ සිදු කරන සියලු කටයුතුවල දී විනිවිදභාවය, නවෝත්පාදනය, වගවීම සහ උසස් සේවාවක් සැපයීම වෙනුවෙන් කැප වී සිටිමු.
කාර්යක්ෂමතාව සහ නව්‍යකරණය කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීම
අපගේ ජනතාවට මෙන් ම ව්‍යාපාරික තිරසාර වර්ධනයට බලපාන පරිදි, දුර දක්නා නුවණින් යුතු ව කටයුතු කරමින්, ගැටලු නිරාකරණය අතින් ඉදිරියෙන් සිටීමට අපි සෑම විටම උත්සාහ කරමු. අපගේ ගනුදෙනුකරුවන් ඇතුළු සමස්ත ජනතාව බලගන්වන සහ දිරිගන්වන සංස්කෘතියක් පෝෂණය කිරීමට අපගේ ආයතනික නායකත්වය නිරන්තරයෙන් කටයුතු කරයි.
අපගේ සියලු ක්‍රියාකාරකම් වෙනුවෙන් වගවීම
අපගේ පොදු අරමුණ වන්නේ, අප සමග ඇති සම්බන්ධතා ඔස්සේ අපගේ ගනුදෙනුකරුවන්ට ගුණාත්මක මූල්‍ය සේවාවක් ලබා දීමයි. ලංකා බැංකුව සිය සමස්ත මෙහෙයුම්, නිමැවුම් හා සේවාවන්ගේ වගකීම දරන අතර, ව්‍යාපාරයට, ගනුදෙනුකරුවන්ට සහ කාර්‍යමණ්ඩලයට වටිනාකම් එක් කිරීමට කටයුතු කරමු. එමෙන් ම ආර්ථික වර්ධනයට දායකවන ‘ක්‍රියාකාරී සහ ඵලදායී ආයතනයක්’ බවට අපි අපගේ ආයතනය පරිවර්තනය කර ඇත.
සාමූහිකත්වය
අන්‍යොන්‍ය විශ්වාසය, හවුල්කාරිත්වය සහ වගවීම මත විශිෂ්ට කණ්ඩායමක් ගොඩනැඟෙන බව අපි තරයේ විශ්වාස කරමු. අපි එක් කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වන අතර, එමගින් අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලන අතරම, අපගේ කොටස් හිමියන් වෙත ද ඉහළ ම ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරමු. එක් එක් සේවාදායකයා මෙන් ම අපගේ කණ්ඩායම් සාමාජිකයින් තනි පුද්ගලයෙකු ලෙස සැලකීමේ වැදගත් බව අප විශ්වාස කරමු. අපි එකිනෙකා අතර ගෞරවය සහ විශ්වාසය පෝෂණය කරන අතර ම, අන්තර් සබඳතා ප්‍රවර්ධනය කරමින් මනා සහයෝගයෙන් යුතු ව කටයුතු කරන්නෙමු. අපගේ මීළඟ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා, අපට ඇති හැකියාව පිළිබඳ ව අපි දැඩි ලෙස විශ්වාස කරමු.
අපගේ ව්‍යාපාරය හා සම්බන්ධ සියලු ජනතාවගේ මානව හිමිකම්වලට ගරු කිරීම
අපගේ අරමුණු සහ වගකීම්වලට අනුකූලව, අපගේ ව්‍යාපාරය හා සම්බන්ධ මෙන් ම එහි බලපෑමට යටත් වන සියලු ම පුද්ගලයින්ගේ මානව හිමිකම්වලට ගරු කිරීමට ලංකා බැංකුව කැප වී සිටියි. ගන්නා සියලු ව්‍යාපාරික තීරණ සහ සිදු කරන සියලු ම මෙහෙයුම්, අපගේ ආයතනික අරමුණුවලට අනුකූල බව සහතික කරමින්, මව්බිමේ හෙට දවස තිරසාර කිරීම වෙනුවෙන් කැප වන්නෙමු. අපගේ සේවා, නිමැවුම් සංවර්ධන සහ ගනුදෙනුකාර සබඳතා යන සියලු ම අංශ ආශ්‍රිතව කටයුතු කිරීමේ දී මෙම තීරණ ගැනීමේ ආකෘතිය අනුගමනය කරමු. ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස අප ඉහළ ම ප්‍රමිතීන් පවත්වා ගෙන යන බවට සහතික වන අතර, අපගේ තීරණ ගැනීම වඩාත් කාර්යක්ෂම එමඟින් අපට හැකියාව ලැබී ඇත.