ආකර්ෂණීය පොලී අනුපාත යටතේ ගනුදෙනුකරුවන්ට සිය අරමුදල් වසර 3 සහ වසර 5 යන කාල සීමාවන් සඳහා ආයෝජනය කිරීමට හැකි පරිදි හඳුන්වාදෙනු ලබන නව ස්ථාවර තැන්පතු ගිණුමකි.
ගිණුම විවෘත කිරීම සඳහා සුදුසුකම්:
- වයස අවුරුදු 18 හෝ ඊට වැඩි ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන් (තනි / බද්ධ ගිණුම් සඳහා)
- වයස අවුරුදු 18ට හෝ ඊට වැඩි, විදේශයන්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකික අනේවාසිකයින් (Employment VISA යටතේ)
- ශ්‍රී ලංකාව තුළ විධිමත් ලෙස ලියාපදිංචි වූ ආයතන (සංගම්, තනි/හවුල් ව්‍යාපාර සහ සමාගම් ආදිය)
ගිණුමේ විශේෂාංග:
වසර 2 – Prosperity තැන්පතු
| කාලය | වසර 2 | |
|---|---|---|
| අවම තැන්පතුව | රු. 250,000/- | |
| පොලී ගෙවීම | මාසික පොලී ගෙවීම (නව) | කල්පිරීමේදී ගෙවන පොලිය |
| නාමික අනුපාතය (වාර්ෂික) | 9.40% p.a. | 10.50% p.a. |
| වා.ස.පො.අ. | 9.82% | 10.00% |
| පොලී ගෙවීමේ ක්‍රමය | ජංගම / ඉතුරුම් ගිණුමට ප්‍රේෂණය | පොලී මුදල සමඟ තැන්පතුව අලුත් කිරීම හෝ ජංගම / ඉතුරුම් ගිණුමට ප්‍රේෂණය |
වසර 3 – Prosperity තැන්පතු
| කාලය | වසර 3 | |
|---|---|---|
| අවම තැන්පතුව | රු. 250,000/- | |
| පොලී ගෙවීම | මාසික පොලී ගෙවීම (නව) | කල්පිරීමේදී ගෙවන පොලිය |
| නාමික අනුපාතය (වාර්ෂික) | 9.60% p.a. | 11.00% p.a. |
| වා.ස.පො.අ. | 10.03% | 9.97% |
| පොලී ගෙවීමේ ක්‍රමය | ජංගම / ඉතුරුම් ගිණුමට ප්‍රේෂණය | පොලී මුදල සමඟ තැන්පතුව අලුත් කිරීම හෝ ජංගම / ඉතුරුම් ගිණුමට ප්‍රේෂණය |
වසර 5 – Prosperity තැන්පතු
| කාලය | වසර 5 | ||
|---|---|---|---|
| අවම තැන්පතුව | රු. 250,000/- | ||
| පොලී ගෙවීම | මාසික පොලී ගෙවීම | වාර්ෂික පොලී ගෙවීම | කල්පිරීමේදී ගෙවන පොලිය |
| නාමික අනුපාතය (වාර්ෂික) | 9.50% p.a. | 10.00% p.a. | 12.00% p.a. |
| වා.ස.පො.අ. | 10.20% | 10.00% | 9.86% |
| පොලී ගෙවීමේ ක්‍රමය | ජංගම / ඉතුරුම් ගිණුමට ප්‍රේෂණය | ජංගම / ඉතුරුම් ගිණුමට ප්‍රේෂණය | පොලී මුදල සමඟ තැන්පතුව අලුත් කිරීම හෝ ජංගම / ඉතුරුම් ගිණුමට ප්‍රේෂණය |
වසර 7 – Prosperity තැන්පතු
| කාලය | වසර 7 | ||
|---|---|---|---|
| අවම තැන්පතුව | රු. 1,000,000/- | ||
| පොලී ගෙවීම | මාසික පොලී ගෙවීම | වාර්ෂික පොලී ගෙවීම (නව) | කල්පිරීමේදී ගෙවන පොලිය |
| නාමික අනුපාතය (වාර්ෂික) | 9.80% p.a. | 10.00% p.a. | 12.50% p.a. |
| වා.ස.පො.අ. | 10.25% | 10.00% | 9.40% |
| පොලී ගෙවීමේ ක්‍රමය | ජංගම / ඉතුරුම් ගිණුමට ප්‍රේෂණය | ජංගම / ඉතුරුම් ගිණුමට ප්‍රේෂණය | පොලී මුදල සමඟ තැන්පතුව අලුත් කිරීම හෝ ජංගම / ඉතුරුම් ගිණුමට ප්‍රේෂණය |
- අන්තර් ජාල බැංකුකරණ සහ Smart Passbook ඔස්සේ ගිණුම පිළිබඳ තොරතුරු විමසීමේ පහසුව
- ගිණුම ආරම්භ කිරීමේදී කෙටි පණිවුඩ මඟින් දැනුම්දීම
- විද්‍යුත් තැපෑල හරහා ගිණුම් කල්පිරීමේ විස්තර
- ස්වයංක්‍රීය අලුත්කිරීම (එකලට පවතින පොලී අනුපාත යටතේ)
- තැන්පතු මුදල මත ණය පහසුකම්:
කොන්දේසි:-
අ) ස්ථාවර තැන්පතු වටිනාකමෙන් 85% දක්වා ණය ලබාගත හැක
ආ) ණය මුදලේ මාසික වාරිකය සහ පොලිය මාසිකව ගෙවිය යුතුය.
ඇ) පොලී අනුපාතය: ස්ථාවර තැන්පතුවට අදාළ නාමික පොලී අනුපාතයට වඩා 3%
ඈ) ණය කාලය තැන්පතු කාලය නොඉක්මවිය යුතුය - ගිණුම් විවෘත කළ හැක්කේ ශ්‍රී ලංකා රුපියල්වලින් පමණි
- නේවාසික හෝ අනේවාසික පුරවැසියන් අතරින් එකම කාණ්ඩය යටතට අයත් පාර්ශ්වයන්ට පමණක් හවුල් ගිණුම් අරැඹිය හැකිය
- නේවාසික පුද්ගලයින්ට අනේවාසික ශ්‍රී ලාංකිකයින් සමඟ හෝ අනේවාසික ශ්‍රී ලාංකිකයින්ට නේවාසික පුද්ගලයින් සමඟ හවුල් ගිණුම් අරඹා පවත්වාගෙන යෑමට සුදුසුකම් නොලැබේ.
- අනේවාසික ශ්‍රී ලාංකිකයින් ගිණුම ඇරැඹිය යුත්තේ අවසරලත් මූලාශ්‍ර ගිණුම් ඔස්සේ ලැබෙන ප්‍රේෂණවලිනි. - පොලී මුදල් රජයේ බදු කොන්දේසිවලට යටත් වේ.
*කොන්දේසි අදාළ වේ.

