රන් කැකුළු SMART වෙතින් පිරිනමන පහසුකම් රැසකි

  • සාමාන්‍ය ඉතුරුම් ගිණුම්වලට වඩා වැඩි පොලී අනුපාතයක්.
  • ගිණුම් හිමියා* සඳහා වෛද්‍ය රක්‍ෂණ ආවරණයක්.
  • ගිණුම් ආරම්භ කළ දෙමාපිය/ භාරකරු* සඳහා ජීවිත රක්ෂණ ආවරණයක්.
  • 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ජයග්‍රාහකයින් සඳහා ශිෂ්‍යත්ව.
  • විශේෂයෙන් නිර්මාණය කළ ඉලෙක්ට්‍රොනික් කාඩ් පතක්.
  • ගිණුම් ශේෂය සහ ගනුදෙනු පිළිබඳ පිරික්සීම සඳහා Smart Passbook පහසුකම.
  • නොමිලේ කෙටි පණිවුඩ පහසුකම.
    *මෙම ප්‍රතිලාභ බැංකුව විසින් දක්වා ඇති සීමිත කාලයක් සඳහා වලංගු වේ.
ගිණුමක් විවෘත කිරීම සඳහා සුදුසුකම්
  • වයස අවුරුදු 18ට අඩු, ශ්‍රී ලංකාවේ පදිංචි ඕනෑම දරුවෙකු සඳහා දෙමාපියන්ට/ භාරකරුට මෙම ගිණුම විවෘත කළ හැක.
  • වයස අවුරුදු 16 සහ 18 අතර බාල වයස්කරුවෙකුට දෙමාපියන්/භාරකරුගේ අත්සන නොමැතිව වුවද, තමා වෙනුවෙන් ගිණුමක් විවෘත කළහැක.
  • වයස අවුරුදු 18 දී ගිණුම ස්වයංක්‍රීයව තරුණ ඉතුරුම් ගිණුමකට මාරුකරු වෙනු ඇත.

නීතිරීති සහ කොන්දේසි

  • ගිණුම් සඳහා ලබා දී ඇති ඕනෑම කොන්දේසියක් හෝ පහසුකමක් වෙනස් කිරීමට, එකතු කිරීමට හෝ සංශෝධනය කිරීමට ලංකා බැංකුවට අයිතිය ඇත.
  • නවතම තොරතුරු සහ පවතින නීතිරීති සහ කොන්දේසි දනගැනීම සඳහා, ඔබට ළඟම ඇති BOC ශාඛාව හෝ 1975 ඔස්සේ අපගේ ඇමතුම් මධ්‍යස්ථානය හා සම්බන්ධ වන්න.


 

ප්‍රතිලාභ
  • ඉහළ පොලී අනුපාතයක්
    » සාමාන්‍ය ඉතුරුම් ගිණුමට වඩා 1.5% වැඩි පොලී අනුපාතයක් පිරිනැමීම (අවම පොලිය මසකට රු. 5/- කි). පොලී ආන්තිකය කලින් කලට වෙනස්විය හැක.
  • රන් කැකුළු Smart රක්ෂණාවරණය 
    ගිණුම් හිමියා සඳහා ශල්‍ය සහ රෝහල්ගත කිරීමේ ආවරණය
    » හදිසි අනතුරු හේතුවෙන් රෝහල්ගතවීම් සහ අර්ථදක්වා ඇති බරපතල රෝග 12ක් මෙමගින් ආවරණය කෙරේ
    » වසරකට රුපියල් 150,000/- දක්වා ප්‍රතිලාභ
    » අදාළ සිදුවීමට ආසන්නතම මාස 12කට පෙර සිට ගිණුමේ රු. 5,000/-ක අවම ශේෂයක් අඛණ්ඩව පවත්වාගෙන තිබිය යුතුය.
    » එක් රාත්‍රියක් ද ඇතුළුව, අවම වශයෙන් පැය 24ක් රෝහල්ගතව සිටිය යුතුය.
     
  • ගිණුම විවෘතකරන පියා/මව/භාරකරුගේ මරණය (ස්වාභාවික/අනතුරු) සහ ස්ථිර ආබාධිතභාවය (අනතුරු හේතුවෙන්) සඳහා ආවරණය
    » උපරිම රුපියල් මිලියන 2.0ක් දක්වා වූ රක්ෂණාවරණයක්
    » අදාළ සිදුවීම වන විට, ආසන්නතම මාස 12කට පෙර සිට ගිණුමේ රු. 50,000/-ක අවම ශේෂයක් අඛණ්ඩව පවත්වාගෙන තිබිය යුතුය.
    » ගිණුම් විවෘත කරන දෙමාපිය/භාරකරුට, ඔහු/ඇය විසින් විවෘතකරන ලද ගිණුම් 03ක උපරිමයකට යටත්ව, රු. මිලියන 2ක් දක්වා වූ ප්‍රතිලාභ.

    නියමයන් හා කොන්දේසි 
    » පිරිනමනු ලබන ප්‍රතිලාභ කලින් කලට වෙනස් විය හැකිය. 
    » රක්ෂණ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා බැංකුව/රක්ෂණ සමාගම විසින් ඉදිරිපත් කරන ලද සුදුසුකම් නිර්ණායක සපුරාලිය යුතුය.
    » හිමිකම ලබාගන්නා අවස්ථාවේදී මව හෝ පියා/භාරකරු වයස අවුරුදු 65ට අඩු විය යුතුය.
    » හිමිකම ලබාගන්නා අවස්ථාවේදී ගිණුම් හිමියාගේ වයස අවුරුදු 18ට අඩු විය යුතුය. 
    » රක්ෂණ සමාගම විසින් හිමිකම ලබාදීමට කටයුතු කරන්නේ නම්, එසේ කරන විට ප්‍රතිලාභ ගෙවනු ලබන අතර, සිද්ධියේ ස්වභාවය සහ ප්‍රමාණය (බැහැර කිරීම්වලට යටත්ව) මත පදනම්ව ප්‍රතිලාභ ප්‍රමාණය වෙනස් විය හැකිය. 
    » සිද්ධියෙන් මාස 6ක් ඇතුළත බැංකුවට හිමිකම් ඉදිරිපත් කළ යුතුය. 
    » වැඩි විස්තර හා අනෙකුත් නියමයන් දැනගැනීම සඳහා අදාළ බැංකු ශාඛාව අමතන්න. 

    *කොන්දේසි අදාළ වේ
     
  • 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය 
    » 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඉහළම ලකුණු ලැබූ ජයග්‍රාහකයන් සඳහා ශිෂ්‍යත්ව 2,000 (ශිෂ්‍යත්ව වටිනාකම රු. 15,000/-)
    නියම සහ කොන්දේසි:
    » විභාග ප්‍රතිඵල නිකුත් කරන දිනට එක් දිනකට පෙර රන් කැකුළු ගිණුමේ පවත්වාගත් යුතු අවම ශේෂය රු.5000/- ක් විය යුතුය.



 

අවශ්‍ය ලිපි ලේඛන
  • දරුවාගේ මුල් උප්පැන්න සහතිකය සහ එහි ඡායාපිටපතක් (මුල්පිටපත බැංකුව විසින් ආපසු ලබාදෙයි)
  • දෙමාපිය / භාරකරුගේ හෝ බාලවයස්කාරයාගේ (වයස අවුරුදු 16 සහ 18 අතර නම්) ජාතික හැඳුනුම්පත 
  • ලිපින‍ය තහවුරු කිරීමේ ලියවිලි (ජාතික හැඳුනුම්පතේ සඳහන් ලිපිනයේ පදිංචිව නොසිටින්නේ නම්)
  • නිසි ලෙස සම්පූර්ණ කළ අයදුම්පත

වැඩි විස්තර සඳහා ළඟම ඇති ලංකා බැංකු ශාඛාව හෝ ඇමතුම් මධ්‍යස්ථානය හා සම්බන්ධ වන්න.

* බදු හා කොන්දේසි අදාළ වේ

Download Application 

සිංහල
தமிழ்
English

නියමයන් හා කොන්දේසි
  1. රන් කැකුළු SMART ගිණුම වයස අවුරුදු 16-18 අතර බාලවයස්කරුවන් විසින් විවෘත කළ හැකි අතර වයස අවුරුදු 16ට අඩු බාලවයස්කරුවන් සඳහා ඔවුන්ගේ දෙමාපියන්/භාරකරු විසින් විවෘත කළ යුතුය.
  2. ගිණුම් හිමියාට වයස අවු. 18 වන විට, මෙම ගිණුම් කාණ්ඩවලට අදාළ සුදුසුකම් නිර්ණායක ගිණුම්හිමියා විසින් සපුරාලන්නේ නම් මෙම ඉතුරුම් ගිණුම යොවුන් ඉතුරුම් ගිණුමකට/ PFC ගිණුමකට මාරු කරනු ලැබේ. එය ක්‍රියාත්මක කිරීම සඳහා ගිණුම් හිමියාගේ අත්සන සහිත අලුත් ඉල්ලුම් පත්‍රයක් පුරවා ලබාදිය යුතුය.
  3. බාලවයස්කරුට වයස අවුරුදු 18 සපිරෙන තෙක් ගිණුමෙන් කිසිඳු මුදල් ආපසු ලබා ගැනීමකට / ගිණුම වසා දැමීමකට අවසර නොලැබේ. කෙසේ වෙතත්, ගිණුමෙන් මුදල් ආපසු ගැනීම්/වසා දැමීම් අවසර දෙනු ලබන්නේ අධ්‍යාපනය, වෛද්‍ය ප්‍රතිකාර වැනි බාලවයස්කරුට  ප්‍රතිලාභ ලැබෙන අරමුණු හෝ හේතූන් මත බැංකුවේ තනි අභිමතය පරිදි පමණි.
  4. දේශීය මුදලින් විවෘත කරන ලද රන් කැකුළු SMART ගිණුම සඳහා පිරිනමන රක්ෂණ ප්‍රතිලාභ ගිණුම්හිමියා වයස අවුරුදු 18 වන තෙක් වලංගු වේ.
  5. මෙම ඉතුරුම් ගිණුමට සම්බන්ධ තෑගි යෝජනා ක්‍රම සහ/ හෝ වෙනත් විශේෂ ප්‍රතිලාභ බැංකුව විසින් කලින් කලට සංශෝධනය කිරීම/අඩුපාඩු සකස් කිරීම/ වෙනස් කිරීම හෝ අන්හිටුවීම කළ හැකිය. එවන් වෙනස් කිරීම් බැංකුවේ වෙබ්  අඩවියෙහි පළ කරනු ඇත.
  6. ගිණුම සඳහා පිරිනමන විශේෂ ප්‍රතිලාභ (උදා: රක්ෂණ, තිලිණ ප්‍රදානය, ශිෂ්‍යන්ට ආදිය) ලබා ගැනීම සඳහා, ගිණුම් ශේෂය/තැන්පතුව, වයස් සීමාව වැනි බැංකුව විසින් වරින් වර ප්‍රකාශිත නියමිත නිර්ණායක ගිණුම්හිමියා විසින් සපුරාලිය යුතුය.
  7. SMS හෝ SMART පාස්පොත හෝ බැංකුව විසින් සපයනු ලබන වෙනත් ඕනෑම ඩිජිටල් පහසුකමක් සැලසීම හේතුවෙන් බැංකුවට සිදු විය හැකි හෝ විඳීමට සිදුවන ඕනෑම පාඩුවක්, අයකිරීමක්, නඩුවක්, හිමිකම් පෑමක්, වියදමක් හෝ හානියක් වේ නම් ඒවායින් බැංකුවට හානියක් නොවන පරිදි රැක ගැනීමේ වගකීම ගිණුම විවෘත කරන මව/පියා/භාරකරු විසින් දැරිය යුතුය.
  8. ගිණුම් හිමියා මරණයට පත්වුව හොත්, ශ්‍රී ලංකාවේ නීතීන්ට අනුකූලව ගිණුමේ ශේෂය ගිණුම්හිමියාගේ නීත්‍යනුකූල උරුමකරුවන්ට ගෙවනු ලැබේ.

ඔබේ සහයට

  1975 |    +94 11 2204444