දැයේ අනාගත පරපුර පරිසරය සුරැකීම සදහා නැඹුරු කිරීමේ අරමුණ පෙරදැරිව ලංකා බැංකුව විසින් හරිත සංකල්පයට අනුකුලව BOC හරිත කැකුළු විශේෂ ළමා ඉතිරි කිරීමේ ගිණුම හදුන්වා දී ඇත.
පරිසර හිතකාමී විශේෂාංග සහිතව සැලසුම් කර ඇති මෙම ගිණුමෙහි තැන්පතු තිරසාර සංවර්ධන ව්‍යාපෘති සඳහා පමණක් ආයෝජනය කෙරේ.
BOC හරිත කැකුළු විශේෂ ළමා ඉතිරි කිරීමේ ගිණුමක් විවෘත කිරීමෙන් දරුවා වෙනුවෙන් මුල්‍යමය වශයෙන් ස්ථාවර අනාගතයක් මෙන්ම පරිසරිකමය වශයෙන් සුරක්ෂිත අනාගතයක් දායාද කිරීමේ අවස්ථාව උදා වේ.
විශේෂාංග
- සාමාන්‍ය ඉතුරුම් පොළී අනුපාතයට වඩා 1.5%ක ඉහළ පොළී අනුපාතයක්
- ගිණුම් හිමියා සඳහා වෛද්‍ය රක්ෂණ ආවරණය*
- ගිණුම් ආරම්භ කරන දෙමාපිය/ භාරකරු සඳහා ජීවිත රක්ෂණ ආවරණය*
- 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු ලබා ගන්නා සමතුන්ට ශිෂ්‍යත්ව
- ගිණුම් ශේෂයන් සහ ගනුදෙනු පිරික්සීම සඳහා e-Statement සහ Smart Passbook පහසුකම්
- නොමිලේ SMS Alert පහසුකම
*මෙම ප්‍රතිලාභ සහ සුදුසුකම් නිර්ණායක බැංකුව විසින් කලින් කලට සංශෝධනය කරනු ලැබේ.

