• 18+ යොවුන් ඉතුරුම් ගිණුම යනු, තරුණ පරපුර වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කර ඇති පරිපූර්ණ ඉතුරුකිරීමේ පැකේජයක් ලෙස හඳුන්වාදිය හැකිය.
  • වයස අවුරුදු 18 සහ 25 අතර ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට ඕනෑම ලංකා බැංකු ශාඛාවක් වෙත ගොස් මෙම ගිණුමක් විවෘත කළ හැකිය.
  • ගිණුමේ ප්‍රතිලාභ, වයස අවුරුදු 35 දක්වා භුක්ති විඳිය හැකිය.
  • පවතින රන් කැකුළු සහ 14+ ගිණුම්, වයස අවුරුදු 18 දී ස්වයංක්‍රීයව 18+ යොවුන් ඉතුරුම් ගිණුම් බවට පරිවර්තනය වේ.
ප්‍රතිලාභ

ඉහළ පොලී අනුපාතයක්  

  • සාමාන්‍ය ඉතුරුම් ගිණුමකට වඩා 0.5% වැඩි පොලී අනුපාතයක්

ගිණුම් හිමියා සඳහා වෛද්‍ය රක්‍ෂණාවරණයක්

  • හදිසි අනතුරක දී හෝ බරපතළ රෝග 10ක් සඳහා, රු.100,000/-ක වෛද්‍ය රක්ෂණාවරණයක්
    »  පෞද්ගලික රෝහලක දී:
    එක් රාත්‍රියක් හෝ ඊට වැඩි කාලයක් සඳහා රෝහල්ගත වුවහොත්, රු.100,000/- උපරිමයකට යටත් ව දරන්නට සිදු වූ සත්‍ය වියදම්ප්‍රතිපූරණය.
    »  රජයේ රෝහලක දී:
    අවම වශයෙන් දින 03ක් සහ උපරිම දින 30ක් සඳහා, දිනකට රු. 600/- බැගින් 

නියමයන් සහ කොන්දේසි

  • වයස අවුරුදු 35 දක්වා පමණක් ආවරණය කරයි.
  • රෝහල් ගත වීමට පෙර, අවම වශයෙන් මාස 6ක කාලයක් අඛණ්ඩව, රු.10,000/- අවම ශේෂයක් පවත්වා ගත යුතු ය.
  • සිද්ධියෙන් මාස 6ක් ඇතුළත, බැංකුවට හිමිකම් සඳහා ඉල්ලීම ඉදිරිපත් කළ යුතුය.

ගිණුම් හිමියා සඳහා ජීවිත රක්ෂණාවරණයක්

  • ගිණුම් හිමියාගේ මරණය (ස්වාභාවික/අනතුරු) හෝ සදාකාලික ආබාධිත වීමක දී (අනතුරක් හේතුවෙන් පමණක්) උපරිමය රු.500,000/-කට යටත්ව, ගිණුමේ ශේෂය මෙන් 10 ගුණයක් ගෙවනු ලැබේ.  

නියමයන් සහ කොන්දේසි

  • ගිණුම් හිමියාගේ මරණයට පෙර, අවම වශයෙන් මාස 6ක කාලයක් සඳහා රුපියල් 10,000/-ක අවම ශේෂයක් අඛණ්ඩව පවත්වාගෙන තිබිය යුතුය.
  • සිද්ධියෙන් මාස 6ක් ඇතුළත බැංකුවට හිමිකම් සඳහා ඉල්ලීම ඉදිරිපත් කළයුතුය.
  • ආවරණය වයස අවුරුදු 35 දක්වා පමණි.

අ.පො.ස. උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් වුවන්ට ශිෂ්‍යත්ව 

  • ඔහු/ඇය පෙනී සිටිනු ලබන අ.පො.ස. උසස් පෙළ විභාගය ආරම්භ වන දින සිට ඉදිරියට අඛණ්ඩව මාස 6ක කාලයක් රු.10,000/- ක අවම ශේෂයක් පවත්වාගෙන ගොස්, එම වසරේදීම අ.පො.ස. උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත්වන්නන්ට 18+ නැණජය ශිෂ්‍යත්වය සඳහා අයදුම් කිරීමට හැකිය. 

විවාහයේදී වටිනා ත්‍යාග

  • ගිණුම විවෘත කළ දිනය, ගිණුම් ශේෂය සහ ශේෂය පවත්වා ගෙන ආ කාලසීමාව මත පදනම්ව මංගල ත්‍යාගය (තෑගි වවුචරය, රන් කාසි ½ හෝ 01) ලබාදෙනු ලැබේ.

පළමු දරුවාට රන්කැකුළු Smart ගිණුමක් නොමිලේ

  • එම දරු උපතට පෙර දිනය වන විට අවම වශයෙන් අඛණ්ඩව වසරක කාලයක් සඳහා රු. 10,000/-ක අවම ශේෂයක් පවත්වාගෙන තිබිය යුතුය.     

ණය පහසුකම්

  • 18+ ගිණුමේ පැවති ශේෂය මත පදනම්ව ක්ෂණික ණය පහසුකම්
  • පුද්ගලික ණය පහසුකම්

හර/ATM සහ ක්‍රෙඩිට් කාඩ් පහසුකම්

  • දිවයින පුරා පිහිටි ATM යන්ත්‍රවලින් මුදල් ලබාගැනීම සඳහා විශේෂ ATM/හර කාඩ්පතක් නිකුත් කෙරේ

BOC Smart Online සහ B App පහසුකම්

 

* බදු හා කොන්දේසි අදාළ වේ

අවශ්‍ය ලිපි ලේඛන
  • ජාතික හැඳුනුම්පත
  • ලිපිනය සනාථ කිරීමේ  ලියවිලි. (ජාතික හැඳුනුම්පතේ සඳහන් ස්ථානයේ ම පදිංචි ව නො සිටින්නේ නම් පමණක්)
  • අයදුම්පත 
නියමයන් හා කොන්දේසි
  • ගිණුම සඳහා ලබා දී ඇති ඕනෑ ම කොන්දේසියක් හෝ පහසුකම් වෙනස්කිරීමට, එකතු කිරීමට හෝ සංශෝධනය කිරීමේ අයිතිය ලංකා බැංකුව සතු ය. 
  • නවතම තොරතුරු සහ පවතින නියමයන් හා කොන්දේසි පිළිබඳව දැනගැනීම සඳහා ඔබට ළඟම ඇති ලංකා බැංකු ශාඛාව සමඟ හෝ 1975 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ අපගේ ඇමතුම් මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ වන්න.

ඔබේ සහයට

  1975 |    +94 11 2204444