පිළිගත් online මාධ්‍යයන් ඔස්සේ සේවා සපයන්නන් සහ online ව්‍යවසායකයින් සඳහා නිර්මාණය කර ඇති විශේෂ ඉතුරුම් යෝජනා ක්‍රමයකි. මෙම ගිණුම මගින් Freelancers සහ online ව්‍යවසායකයින්ගේ සුවිශේෂී මූල්‍ය අවශ්‍යතා  නම්‍යශීලීව, පහසු ලෙස සහ ඉහල ප්‍රතිලාභ සමගින් සපුරාලයි.

ලංකා බැංකුව මේ යටතේ ඉතුරුම් ගිණුම් වර්ග තුනක් හඳුන්වා දී ඇත.

  • Smart Freelancer
  • Smart Freelancer PFC (Personal Foreign Currency)  
  • Smart Freelancer BFC (Business Foreign Currency)
විශේෂාංග
  • ශ්‍රී ලංකා රුපියල් වලින් හෝ පහත සඳහන්  විදේශ මුදල් වර්ග හතකින් Smart Freelancer ගිණුම් විවෘත කල හැක.
    - එක්සත් ජනපද ඩොලර්  (USD)
    - ස්ටර්ලින් පවුම්(GBP)
    - යුරෝ (EUR )
    - ජපන් යෙන් (JPY)
    - කැනේඩියානු ඩොලර් (CAD)
    - ඕස්ට්‍රේලියානු ඩොලර් (AUD)
    - සිංගප්පූරු ඩොලර් (SGD)
  • Smart Freelancer PFC/BFC මුදල් තැන්පතු රුපියල් වලට මාරු කිරීමේදී විශේෂ වාසි.
  • තැන්පතු සඳහා ඉහළ පොලී අනුපාත
    - Smart Freelancer (LKR)       : සාමාන්‍ය ඉතුරුම් අනුපාතය + 1%
    - Smart Freelancer PFC/ BFC : PFC/BFC සාමාන්‍ය පොලී අනුපාතය + අදාළ අනුපාතයෙන් 10%
  • සම්බන්ධතා ගාස්තු රහිත ක්‍රෙඩිට් කාඩ් පතක් 
  • ‘VISA Direct’ පහසුකම හරහා වේගවත් මුදල් හුවමාරුව 
  • PROMO Codes හරහා වරින් වර විශේෂ වට්ටම් (උදා: ලැප්ටොප්, කැමරා, මෘදුකාංග මෙවලම් මිලදී ගැනීමට)
  • අන්තර්ජාල බැංකු පහසුකම
  • Smart Passbook, SMS Alert සහ Whatsapp බැංකුකරණය හරහා ගිණුම් පිරික්සීම
  • විද්‍යුත් ප්‍රකාශන (e-statement)
  • Visa Debit කාඩ්පත
  • මූලික තැන්පතු මුදල :
    - Smart Freelancer (LKR)       : රු. 2,500/-
    - Smart Freelancer PFC/ BFC: මූලික තැන්පතුවක් අවශ්‍ය නොවේ

 

*මෙම විශේෂාංග සහ සුදුසුකම් නිර්ණායක කලින් කලට සංශෝධනය විය හැක.

* කොන්දේසි අදාළ වේ

සුදුසුකම්
  • වයස අවුරුදු 18 ට වැඩි, බැංකුවට පිළිගත හැකි online මාධ්‍ය ඔස්සේ   සේවයේ යෙදී සිටින පුද්ගලයින්. (උදා: Fiverr, Freelancer.com, Upwork, YouTube සහ ඒ හා සමාන පිළිගත් මාධ්‍යයන්)


ගිණුම් වර්ග සහ නිර්ණායකයන් 

මුදල් වර්ගය

නිමැවුම

නිර්ණායක

දේශීය මුදල් (LKR) 

Smart Freelancer

ශ්‍රී ලංකාවේ පදිංචි ශ්‍රී ලාංකික පුද්ගලයින්

 

විදේශ මුදල් (FCY)

Smart Freelancer  PFC

ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි ශ්‍රී ලාංකික පුද්ගලයින්

Smart Freelancer BFC

ශ්‍රී ලංකාවෙන් පිටත අනේවාසික  පුද්ගලයෙකුට/ ආයතනයකට මාර්ගගතව සේවය ලබාදී විදේශ විනිමය උපයන නේවාසික ශ්‍රී ලාංකික පුද්ගලයන් 

 

  • බද්ධ ගිණුම් ආරම්භ කල නොහැක.
ලේඛන
  • නිසි පරිදි සම්පුර්ණ කල ගිණුම් විවෘත කිරීමේ අයදුම්පත සමග,
    නේවාසික අයදුම්කරුවන් සඳහා:
    - ජාතික හැඳුනුම්පතේ  (NIC) පිටපතක්
    - පදිංචි ලිපිනය ජාතික හැඳුනුම්පතට වඩා වෙනස් නම් ලිපිනය සත්‍යාපන ලේඛන
    අනේවාසික අයදුම්කරුවන් සඳහා:
    - අයදුම්කරුගේ විදේශ ගමන් බලපත්‍රයේ ජීව දත්ත පිටුවේ පිටපතක්
    - වලංගු වීසා පිටපතක් හෝ විදේශ රැකියා සඳහා ලේඛනගත සාක්ෂි
  • ස්වයං ප්‍රකාශන (බැංකු ආකෘති)
  • අදාල online මාධ්‍යය ඔස්සේ ඉල්ලුම්කරුගේ සේවය සැපයීම සනාථ කිරීම සඳහා ලේඛනයක්/තොරතුරු (උදා. ගිවිසුමේ පිටපතක්, email තහවුරු කිරීම්, ඉපැයීම් රිසිට්පත්, ඉපැයීම් ප්‍රේෂණය දක්වන බැංකු ප්‍රකාශ, online මාධ්‍යය තුල ඇති අයදුම්කරුගේ ලියාපදිංචිය (profile) පිළිබඳ විස්තර.
නියමයන් හා කොන්දේසි
  • මෙම ගිණුමට අදාල කොන්දේසි/ පහසුකම්/ප්‍රතිලාභ/විශේෂාංග වෙනස් කිරීමට, එකතු කිරීමට, ඉවත් කිරීමට හෝ සංශෝධනය කිරීමට සිදු විය හැකි අතර  එවැනි සංශෝධන ලංකා බැංකු වෙබ් අඩවියේ පළ කරනු ලැබේ.
  • ගනුදෙනුකරුවන් සේවය සපයන online මාධ්‍යය / ව්‍යවසායක ක්‍රියාකාරකම් වල ස්වභාවය නීත්‍යානුකූලව පිළිගත හැකි විය යුතුය.
  • Online මාධ්‍යය ඔස්සේ සේවය සැපයීම නවත්වන්නේ නම්, ඒ බව ගිණුම් හිමියා හැකි ඉක්මනින් බැංකුවට දැනුම් දිය යුතුය.
  • ගිණුමට ප්‍රේෂණය කරන සියලුම විදේශීය මුදල් නිත්‍යානුකුල ක්‍රම මගින් ලද ඉපයීම් විය  යුතුය.

නවතම තොරතුරු සහ පවතින නියමයන් හා කොන්දේසි පිළිබඳව දැනගැනීම සඳහා ඔබට ළඟම ඇති ලංකා බැංකු ශාඛාව සමඟ හෝ 1975 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ අපගේ ඇමතුම් මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ වන්න.

ඔබේ සහයට

  1975 |    +94 11 2204444