3G ඉතිරි කිරීම් යනු ශ්‍රී ලාංකේය මුල්‍ය ක්ෂේත්‍රයේ නවමු අත්දැකීමක් වන අතර, තවත් ‘පළමු’ අත්දැකීමකි. මෙම සුවිශේෂී ඉතුරුම් ක්‍රමය මඟින් ඔබ සාප්පු සවාරි යන විට සහ වියදම් කරන විට පරම්පරා තුනක් සම්බන්ධ කර ඉතිරි කිරීමට ඉඩ සලසයි.

මෙමඟින් ඔබට ඔබේ BOC ඩෙබිට් කාඩ්පත හරහා වියදම් කරන අතරතුර, ඔබේ දෙමාපියන් සඳහා BOC ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුමකට, ඔබේ දරුවා සඳහා BOC රන් කැකුළු ගිණුමකට හෝ ඔබ කැමති වෙනත් BOC ඉතුරුම් ගිණුමකට මුදල් තැන්පත් කරමින් ඉතිරි කළ හැක.

ඔබ ඔබේ BOC ඩෙබිට් කාඩ්පතෙන් ගෙවීම් කරන විට, ඔබට ඔබේ වියදම්වලින් ඊළඟ ආසන්නතම රු. 100/- සිට රු. 1000/- දක්වා වූ මුදලක් තැන්පත් කිරීමට තෝරා ගත හැකිය.

  • උදා.: ආසන්නතම රු. 100 සඳහා වැටයීමට තෝරාගෙන ඇත්නම්, රු. 840ක් වටිනා භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා ඩෙබිට් කාඩ්පත මඟින් ගෙවීමේදී රු. 60ක (900 - 840 = 60) මුදලක් පෙර නම් කරන ලද ඉතිරිකිරීමේ ගිණුමකට ස්වයංක්‍රීයව තැන්පත් කෙරේ.

 

සුදුසුකම්

  • ඉතුරුම් හෝ ජංගම ගිණුමක් පවත්වාගෙන යන සහ BOC ඩෙබිට් කාඩ්පතක් ඇති ඕනෑම පාරිභෝගිකයෙක්.
  • අවම වැටයූ ඉතිරි මුදල රු. 10/- හෝ ස්ථාවර මුදලක්.
නියමයන් හා කොන්දේසි
  1. ඩෙබිට් කාඩ්පතක් හිමි ඉතිරි කිරීමේ/ජංගම ගිණුම්හිමියන් (පෞද්ගලික) පමණක් ලියාපදිංචිය සඳහා සුදුසුකම් ලබති.
  2. එක් දිනක් තුළ වෙළඳ මධ්‍යස්ථාන (POS) ගනුදෙනු එකකට වඩා ඇත්නම් ඒවා සියල්ල වෙන වෙනම වැටයීම් කර වෙනස්කම් එකතු කරනු ලැබේ. අදාළ ගිණුම ලියාපදිංචි කිරීමේ පෝරමයේ සඳහන් උපරිම සීමාට නොඉක්මවන පරිදි වූ මුළු මුදලින් හර කරනු ලැබේ.
  3. ගනුදෙනුකරු විසින් ස්ථාවර මුදල" යන විකල්පය තෝරාග්නෙ තිබේ නම්, එකතු කළ මුදල උපරිම මුදලට යටන්ව දිනකට එක් වරක් මාරු කරනු ලැබේ.
  4. සියලුම බද්ධ ගිණුම්හිමියන් ලියාපදිංචි කිරීමේ පෝරමයේ අත්සන් කළ යුතු අතර ඒවායින් ඕනෑම එක් අත්සනක් තිබීමෙන් අවලංගු කිරීම සිදු කළ හැකිය.
  5. යම් ගිණුමක් සඳහා ඩෙබිට් කාඩ්පත් එකකට වඩා නිකුත් කර ඇත්නම් (උදා: බද්ධ ගිණුම් සඳහා) එක් එක් කාඩ්පතෙන් සිදු කරන සියලුම ගනුදෙනු වලංගු වේ.
  6. ලියාපදිංචි කිරීම ගිණුම පවත්වාගෙන යන ශාඛාවේදී සිදු කළ යුතුය.
  7. පැවරීම සඳහා වූ අවම මුදල රු 10/- ක් වන අතර ඊට අඩු මුදලක් සඳහා පැවරීම ක්‍රියාත්මක ොකෙරේ.
  8. අවම ශේෂ අවශ්‍යතා (හෝ අයිරා පහසුකම් සහිත ජංගම ගිණුම් සඳහා සමාන මුදලක් සහ ගිණුමේ ප්‍රමාණවත් ශේෂයක් තිබීම) සපුරාලීමට යටත්ව, ඊළඟ දිනයේ මාරු කිරීම් සිදු කරනු ලැබේ.
  9. බැංකුවේ කලින් ලියාපදිංචි කළ උපදෙස් වෙනස් කිරීම සඳහා ඉල්ලීම් ලිපියක් සමඟ ගිණුම් හිමියා විසින් නව ලියාපදිංචි කිරීමේ පෝරමයක් ඉදිරිපත් කළ යුතුය.
  10. ගිණුම් හිමියා විසින් බැංකුවට ලබාදෙන ලිඛින ඉල්ලීමක් මත මෙම ගිවිසුම අවලංගු කළ හැකිය.
  11. මෙම යෝජනා ක්‍රමයට අදාළ ඕනෑම නියමයක් හා කොන්දේසියක් ඕනෑම අවස්ථාවක සංශෝධනය කිරීමට, අඩුපාඩු සකස් කිරීමට හෝ වෙනස් කිරීමට බැංකුවට අයිතිය ඇති අතර ඒවා www.boc.lk යන බැංකුවේ නිල අඩවියේ පළකෙරේ