උපන් දින සාද, විවාහ උත්සව, සංවත්සර සැමරුම් සහ දරුවන්ගේ ජයග්‍රහණ සැමරුම් වැනි ඔබේ ආදරණීයයන්ගේ ජීවිතවල විශේෂ අවස්ථාවලට පහසුවෙන් හා සුරක්ෂිතව වටිනා මූල්‍යමය තෑග්ගක් දෙන්න BOC තිළිණපත් හරහා දැන් ඔබට පුළුවන්.

රු. 1,000/-, රු. 5,000/-, රු. 10,000/- සහ රු. 25,000/- ලෙස  මුදල් වටිනාකම් හතරකින්, වටිනාකම දවසින් දවස වැඩි වෙන තෑග්ගක් දෙන්න.

  • පහසුවෙන් සහ ආරක්ෂිතව පිරීනැමිය හැකි වටිනාම මූල්‍යමය තෑග්ගක්.
  • ලංකා බැංකුවේ දැනට පවතින ගිණුමක හෝ අලුතෙන් අරඹන ගිණුමක තැන්පත් කිරීමේ හැකියාව.
  • ඉතුරුමක් ලෙස හෝ බැංකු ගිණුමෙන් අවශ්‍ය දෙයකට මුදල් ලෙස භාවිතා කිරීමේ හැකියාව.

ඔබට අවශ්‍ය තිළිණපත් ළඟම ලංකා බැංකු ශාඛාවකින් ලබා ගත හැකියි.

වැඩි විස්තර සඳහා ළඟම ඇති ලංකා බැංකු ශාඛාව හෝ 1975 ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න

* කොන්දේසි අදාළ වේ

නියමයන් හා කොන්දේසි
  • මෙම තිළිණපත නිකුත් කළ දින සිට වසරක කාලයක් සඳහා වලංගු වේ.
  • මෙම තිළිණපත මුදල් කළ නොහැකිය.
  • මෙම තිළිණපත පැවරුම්ලාභියා නමින් ලංකා බැංකුවේ දැනට පවත්නා ඕනෑම ජංගම/ඉතුරුම් ගිණුමක තැන්පත් කිරීමට හෝ ඔහු හෝ ඇය ලංකා බැංකුවේ අලුතින් අරඹන ජංගම/ඉතුරුම්/ස්ථාවර ගිණුමක තැන්පත් කිරීම සඳහා යොදාගත හැකිය.
  • මෙම තිළිණපත පැවරිය නොහැකිය.
  • මෙම තිළිණපත අස්ථානගත වුවහොත්, නව තිළිණපතක් නිකුත් කිරීමක් හෝ තිළිණපතෙහි වටිනාකම ආපසු ලබාදීමක් සිදු නොකෙරේ.

ඔබේ සහයට

  1975 |    +94 11 2204444