අරමුණ
සාමාන්‍ය උප ණය (GSL)
- ව්‍යාපෘති ආශ්‍රිත පාරිසරික ගැටළු වෙනුවෙන් විසඳුම් සඳහා මූල්‍යකරණය (අපද්‍රව්‍ය අවම කිරීම, සම්පත් ප්‍රතිසාධනය සහ ඉතිරිකිරීම්, පරිසර දූෂණය පාලනය සහ අවම කිරීමේ පියවර)
තාක්ෂණික ආධාර ණය (TAL)
- පාරිසරික ගැටළු විසඳීමට අදාළ උපදේශන සේවා සඳහා
සුදුසුකම්
- මුල්‍යමය වශයෙන් ශක්‍ය කාර්මික ව්‍යවසායන්
උපරිම ණය මුදල
- සාමාන්‍ය උප ණය (GSL) - රු. මිලියන 30.0
- තාක්ෂණික ආධාර ණය (TAL) - උපදේශන පිරිවැයෙන් 100% දක්වා උපරිම රු. මිලියන 1.0
උපරිම ආපසු ගෙවීමේ කාලය
- සාමාන්‍ය උප ණය (GSL) - අවුරුදු 10 යි
- තාක්ෂණික ආධාර ණය (TAL) - අවුරුදු 5 යි
සහන කාලය
- සාමාන්‍ය උප ණය (GSL) - අවුරුදු 2 යි
- තාක්ෂණික ආධාර ණය (TAL) - වසර 1 යි
විශේෂ කොන්දේසි
- කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය මෙම පහසුකම නිර්දේශ කළ යුතුය
- සියලුම උප ව්‍යාපෘති ශ්‍රී ලංකා රජය විසින් පනවා ඇති පාරිසරික මාර්ගෝපදේශයන්ට අනුකූල විය යුතුය
- ඇස්බැස්ටස් හෝ වෙනත් අන්තරායකර ද්‍රව්‍ය නිෂ්පාදනය හෝ සැකසීම සඳහා වන ආයෝජන මෙම යෝජනා ක්‍රමය යටතේ අරමුදල් සඳහා සුදුසුකම් නොලබයි.

