ඔබේත්, ඔබේ සමිපතමයන්ගේත් නිරෝගී හෙට දවස වෙනුවෙන් සුවිශේෂතා හා ප්‍රතිලාභ රැසක් සමගින් BOC My Health සෞඛ්‍ය ඉතුරුම් ගිණුම හඳුන්වා දී ඇත.
විශේෂාංග
- වාර්ෂික No Claim Bonus ප්‍රතිලාභ.
- ශල්‍ය සහ රෝහල්ගත වීමේ රක්‍ෂණ ආවරණය
හදිසි අනතුරු සහ බැංකුව විසින් නම් කරන ලද බරපතල රෝගාබාධ (වකුගඩු අකර්මණ්‍ය වීම, පිළිකා, මොළයේ ගෙඩි, ආඝාතය, ලියුකේමියාව, ඇපෙන්ඩිසයිටිස්, හර්නියා, කෝමා, පාකින්සන්, ඩිමෙන්ශියාව, අංශභාගය, ප්‍රධාන අවයව බද්ධ කිරීම, හදවත් රෝග - කිරීටක ධමනි සැත්කම් (බයිපාස්), හෘද කපාට සැත්කම්, ඇන්ජියෝප්ලාස්ටි) සඳහා රෝහල්ගත වී ලබන ප්‍රතිකාර සඳහා එක් ගනුදෙනුකරුවකුට වසරකට රු. 250,000/- දක්වා වූ රක්ෂණ ප්‍රතිලාභ.

