BOC Flexi Investor යනු ඔබ කැමති ආකාරයට ඔබේ ඉලක්ක සපුරා ගැනීම සඳහා පිරිනැමෙන ඉලක්ක පදනම් කරගත් ආයෝජන ගිණුමකි. මෙම ගිණුම මුදල් ඉතිරි කිරීමට සහ ඔබේ ජිවන ඉලක්ක සහ අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට හොඳම ක්‍රමයකි. ඔබටම ගැලපෙන පරිදි සකසා ගත හැකි ‘BOC Flexi Investor’ සමඟින් ඔබේ ජීවිතය සැලසුම් කරන්න.
ඔබේ BOC Flexi Investor ගිණුම සකසන්න

ඔබගේ මූලික ඉල්ලීම "Online අයදුම් කරන්න" හරහා යොමු කර ගිණුම විවෘත කිරීමට ඔබගේ ළඟම ඇති ශාඛාවට පිවිසෙන්න.
සුදුසුකම්
- වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකික පදිංචිකරුවන්
- වයස අවුරුදු 18ට වැඩි විදේශයන්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකික අනේවාසිකයින් (විගමණිකයන් හැර)
- බැංකුවේ ඉතුරුම් හෝ ජංගම ගිණුමක් (ශ්‍රී ලංකා රුපියල් ගිණුමක්) පවත්වාගෙන යාම BOC Flexi ආයෝජක ආදායමේ මූලික අරමුදල් සහ පරිණත මාරු කිරීම සඳහා අවශ්‍ය වේ.
ප්‍රතිලාභ
- ඉලක්කය, කාලය සිමාව සහ දැරිය හැකි තැන්පතු මත පදනම්ව ඔබේම ආයෝජන සැලැස්මක් සැකසීමට මෙය නම්‍යශීලී වේ
- පුළුල් පරාසයක ආයෝජන විකල්ප
- ආකර්ශනීය පොලී අනුපාත
- එකවර ආයෝජන සැලසුම් කිහිපයක් විවෘත කිරීමේ හැකියාව
- අතපසු වූ තැන්පතු සඳහා අධිභාරයන් අය නොවේ.
- ඩිජිටල් නාලිකා හරහා පහසුවෙන් පරික්ෂා කළ හැක

