Lien ජංගම ගිණුම විශේෂ ජංගම ගිණුම් වර්ගයක් වන අතර, මෙහිදී ගනුදෙනුකරු හා තුන්වන පාර්ශවයක් සමඟ එකඟ වූ පරිදි අපේක්ෂිත අරමුණු සඳහා අරමුදල් භාවිතා කිරීම සහතික කිරීමේ අරමුණින් ජංගම ගිණුමෙන් අරමුදල් ආපසු ගැනීම නියාමනය කරනු ලැබේ.

මෙය, ජංගම ගිණුමේ පවතින අරමුදල් මත Lien අයිතිවාසිකම් සක්‍රීය කිරීමට අවශ්‍ය වන ලියාපදිංචි ව්‍යාපාර සඳහා වඩාත් සුදුසු ගිණුමකි.

ආරම්භයේදී, CONSTRUCTION GUARANTEE FUND (CGF) හි ලියාපදිංචි ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් සඳහා පමණක් මෙය හඳුන්වා දෙන ලදී.

ගිණුමේ විශේෂාංග

  • ආරම්භක තැන්පතුවක් අවශ්‍ය නොවේ.
  • අවම ශේෂයක් පවත්වාගැනීමේ අවශ්‍යතාවක් නොමැත.
  • මුදල් ආපසුගැනීම හා හුවමාරු කිරීම සඳහා අදාළ තුන්වන පාර්ශව ආයතනයේ (Lien Holder) පූර්ව ලිඛිත අනුමැතියක් අවශ්‍ය වේ.
  • ගිණුම්හිමියන් සඳහා නොමිලේ කෙටි පණිවුඩ සේවාව හිමිවේ.
  • කවුන්ටරයෙන් මුදල් ආපසු ගැනීමට අවසර නැත.
  • චෙක් පොත් නිකුත් කරනු නොලැබේ.
  • අයිරා පහසුකම් ලබාගත නොහැක.
  • හර කාඩ්පත්, අන්තර්ජාල බැංකුකරණ පහසුකම් හෝ ඩිජිටල් ගනුදෙනු පහසුකම් හිමි නොවේ.
  • මාසික ගිණුම් ප්‍රකාශන
ගාස්තු හා කොමිස් මුදල්
  • වරකට ගිණුමේ පවතින ශේෂයෙන් ආපසු ලබා ගන්නා මුදල හා එම අරමුදල් බැර කරන ගිණුමේ ස්වභාවය මත ගාස්තු හා කොමිස් මුදල තීරණය වේ.
  • කොමිස් ප්‍රතිශනය 0.75% සිට 1% දක්වා පරාසයක පවතී (අවම - රු. 1,000/-, උපරිම - රු. 150,000/-)
සුදුසුකම්
  •  - තනි පුද්ගල ව්‍යාපාර හෝ
     - හවුල් ව්‍යාපාර හෝ
     - සීමිත වගකීම් සමාගම් විසින් ගිණුම් විවෘත කළ හැකිය.
  • CONSTRUCTION GUARANTEE FUND (CGF) හි ලියාපදිංචි විය යුතුය.
  • දැනට සිටින හෝ නව ගනුදෙනුකරුවන් සඳහා පිරිනමනු ලැබේ.
ඉල්ලුම් කළ යුතු ආකාරය
  • ඔබගේ ළඟම ඇති BOC ශාඛාවට පිවිසෙන්න.
  • සම්පුර්ණ කරන ලද Lien ජංගම ගිණුම් අයදුම්පත ඉදිරිපත් කරන්න.
  • ගිණුම විවෘත කිරීම සඳහා CGF ඉල්ලීම් ලිපිය ලබා දෙන්න.
  • අවශ්‍ය ව්‍යාපාර හා අනුකූලතා ලේඛන ඉදිරිපත් කරන්න.
  • හරි වැරදි පරීක්ෂා කිරීමෙන් හා CGF තහවුරු කිරීමෙන් පසු ගිණුම විවෘත කෙරේ.
අවශ්‍ය ලිපි ලේඛන
  • ගිණුමක් විවෘත කිරීමට අවශ්‍ය ලියකියවිලි
     - Lien ජංගම ගිණුම් විවෘත කිරීමේ අයදුම්පත
     - ගිණුම විවෘත කිරීම සඳහා CGF මගින් බැංකුව වෙත කරන ලද ඉල්ලීමේ ලිපිය
     - ව්‍යාපාර ආයත්නයේ වර්ගය අනුව වෙනත් අදාළ ලියකියවිලි
        (උදා: ව්‍යාපාර ලියාපදිංචි සහතිකය / සමාගම් ලියාපදිංචිය / ගිණුම විවෘත කිරීම සඳහා ව්‍යා මණ්ඩල යෝජනාව / බලයලත් අත්සන්කරුවන්)
  • අරමුදල් නිදහස් කිරීමේ අවශ්‍යතා
    ගිණුමෙන් අර මුදල් නිදහස් කිරීම සඳහා:
     - ගිණුම් හිමියාගෙන් ලිඛින ඉල්ලීමක්
     - CGF වෙනින් ලිඛිත අනුමැතිය/තහවුරු කිරීමක් අවශ්‍ය වේ.
නියමයන් හා කොන්දේසි
  • මෙම ගිණුම, ගනුදෙනු කරන වේලාවක් තුළ ගිණුම විවෘත කළ ශාඛාව හරහා පමණක් ක්‍රියාත්මක කළ හැකිය.
  • Lien ජංගම ගිණුමේ ශේෂයන් සඳහා පොලිය ගෙවනු නොලැබේ.
  • Len ජංගම ගිණුම සඳහා වෙක් පොත් නිකුත් නොකෙරේ.
  • මෙම ගිණුම සඳහා අයිරා පහසුකම් ලබා නොදේ.
  • අනුමත බැර කිරීම්: ව්‍යාපෘති හිමිකරුවන් හෝ සේවාදායකයින් විසින් මුදල් කවුන්ටරයෙන් හෝ වෙපන් හරහා හෝ පිළිගත් ඩිජිටල් ක්‍රම හරහා සිදු කරන ව්‍යාපෘති වලට අදාළ අරමුදල් බැර කිරීම.
  • අනුමත හර කිරීම්: Lien Holder අනුමැතිය ඇතිව ගිණු මහිමියාගේ නමින් ඇති ඉතිරි කිරීමේ හෝ ජංගම ගිණුමකට මාරු කරන මුදල් හෝ බැංකු ගාස්තු හෝ කොටස් අයකිරීම.
  • ගනුදෙනුකරුගේ ලිඛින ඉල්ලීම සමඟ Lien Holdered ලිඛිත අනුමැතිය ඇතිව පමණක් අරමුදල් නිකු කරනු ලැබේ (අදාළ නොවන බැර කිරීම තිබේ නම් ඒවා බැංකුව විසින් සෘජුවම ආපසු හරවනු ලැබේ).
  • Lien Holdered අනුමැතිය නොලැබීම නිසා සිදුව්‍යා ප්‍රමාදයන් හෝ ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් බැංකුව වගකීමක් දරනු නොලැබේ.

ගිණුම විවෘත කර පවත්වාගෙන යා යුත්තේ “එක් ගනුදෙනුකරුවෙකුට එක් ගිණුමක් යන පදනම මතපමණි.

ගිණුම් ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ආරවුල් ඇති වුවහොත්, Lien Holder ගේ ලිඛින උපදෙස් අනුව පමණක් බැංකුව කටයුතු කෙරේ.

නිශ්චිත ව්‍යාපෘතියකට අදාළ ඇපකර හිමිකම් පෑමක් සිදු වුවහොත්, එම නිශ්චිත ව්‍යාපෘතියට අදාළ ගිණුමේ ඇති අරමුදල් නැවත Lien Holder වෙත මාරු කරනු ලැබේ.

බැංකුව විසින් ගිණුම්හිමියාට විද්‍යුත් තැපෑලෙන් ද, Lien Holder හට මාසිකව නැපෑලෙන් ද ගිණුම් ප්‍රකාශන ලබා දෙනු ඇත. ගිණුම් හිමියා/ ඇපකරු ඇතුළන් කිරීම් ප්‍රවේශමෙන් පරීක්ෂා කළ යුතු අතර, කිසියම් දෝෂයක් හෝ විෂමතාවක් තිබේ නම්, ප්‍රකාශය ලැබුණු දින සිට දින 14ක් ඇතුළන බැංකුව වෙන දැනුම් දිය යුතුය.

බැංකුවේ වෙබ් අඩවියේ පළකර ඇති පරිදි ගිණුම ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය විටෙක කොමිස් ගාස්තු හා අයකිරීම් බැංකුව විසින් වෙනස් කරනු ඇත.

හිමිකාරීත්වය/ බලයලත් අත්සන්කරු/කරුවන්, නැපැල් ලිපිනය, විද්‍යුත් තැපැල් ලිපිනය හා දුරකථන අංකය වැනි තොරතුරුවල යම් වෙනසක් සිදු වුව හොත් ඇපකරුගේ පූර්ව අනුමැතිය ඇතිව අදාළ ශාඛාවට වහාම දැනුම් දිය යුතුය.

ව්‍යාපෘතිය අවසන් වූ පසු ඇපකරු නහවුරු කිරීම, නි හිමිකරුවකුගේ මරණය, හවුල්කාරීත්වය අවසන් කිරීම හෝ සමාගමක් ඈවර කිරීම සමඟ ගිණුම වසා දැමිය යුතු අතර, ඉතිරි අරමුදල් ඇපකරු වෙන මාරු කළ යුතුය.

. දින 730 (අවුරුදු 02) හෝ ඊට වැඩි කාලයක් සඳහා ගනුදෙනුකරුවන් විසින් සිදුකරන ලද හර ගනුදෙනු වාර්තා නොකරන ගිණුම්, අක්‍රිය ජංගම ගිණුම් (Dormant) ලෙස සැලකේ.

තොරතුරු සහ පවතින නියමයන් හා කොන්දේසි දැනගැනීම සඳහා ඔබේ ළඟම ඇති ලංකා බැංකු ශාඛාව හෝ 1975 හරහා අපගේ ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.

ඔබේ සහයට

  1975 |    +94 11 2204444