BOC ජංගම ගිණුම මඟින් ගනුදෙනුකරුවන්ගේ එදිනෙදා පෞද්ගලික හෝ ව්‍යාපාරික ගනුදෙනු කළමනාකරණය කිරීම සඳහා ප්‍රතිලාභ රැසක් ලබා දෙයි. ගනුදෙනුකරුවන්ට BOC අන්තර්ජාල බැංකුකරණය සහ ජංගම බැංකු පහසුකම හරහා ඔබගේ ජංගම ගිණුම පැය විසිහතර පුරාම ක්‍රියාත්මක කළ හැකිය. මෙම ජංගම ගිණුම, රටේ විශාලතම ශාඛා ජාලය සමඟ සම්බන්ධ කර ඇත. දේශීය හා ජාත්‍යන්තර වශෙය්න් ATM යන්ත්‍ර හරහා මෙම ගිණුමට ප්‍රවේශ වීම සඳහා ජාත්‍යන්තර වශයෙන් වලංගු ඩෙබිට් කාඩ්පතක් පිරිනැමේ.

දැනට පවතින ජංගම ගිණුම් වර්ග

  • පුද්ගලික
  • තනි පුද්ගල ගිණුම්
  • බද්ධ ගිණුම්
  • හවුල්
  • සීමිත වගකීම් සමාගම්
  • සමිති සහ සංවිධාන 
  • සංගම් සහ වෘත්තීය සමිති
  • සමුපකාර සමිති
  • බෞද්ධ භික්ෂූන් සඳහා ගිණුම්
  • රජයේ පාසල් ගිණුම්
  • රජයේ-නොවන පාසල් ගිණුම්
  • රජයේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු 
  • පාර්ලිමේන්තු පනතින් ස්ථාපිත සංස්ථා / මණ්ඩල
  • රජයේ ගිණුම්
  • ‍රාජ්‍ය නොවන සංවිධාන
  • විශේෂ අරමුණු යටතේ විවෘත කරන ලද ගිණුම්
ගිණුමේ ප්‍රතිලාභ
  • ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවකින් මෙම ගිණුමක් විවෘතකර ක්‍රියාත්මක කළ හැකිය
  • චෙක්පත් ඉක්මනින් නිෂ්කාශනය කිරීමේ හැකියාව (BOC චෙක්පත් සඳහා ක්ෂණික චෙක්පත් නිෂ්කාශනය කිරීමේ සේවාව)
  • වෙනත් බැංකුවලට අයත් චෙක්පත් නිෂ්කාශනය සඳහා කොමිස් මුදලක් අය නොකෙරේ
  • ගනුදෙනුකරුගේ නමින් මුද්‍රිත චෙක්පොත් ලබා ගැනීමේ හැකියාව
  • එක් දිනකින් චෙක් පොත් නිකුත් කිරීම
  • පුද්ගලික ජංගම ගිණුම් හිමියන් සඳහා ජාත්‍යන්තරව වලංගු ඩෙබිට් කාඩ්පතක් ලබා දීම.
  • BOC Smart Online බැංකු පහසුකම සහ B App පහසුකම හරහා ඕනෑම වේලාවක ගිණුමට ප්‍රවේශ වීමේ හැකියාව.
  • සති අන්ත බැංකුකරණය
  • පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානය
  • විද්‍යුත් ප්‍රකාශන පහසුකම
  • SMS පණිවුඩ සේවාව

පහසුව අත්විඳීමට ලංකා බැංකුව සමඟ BOC ජංගම ගිණුමක් විවෘත කරන්න

*බදු හා කොන්දේසි අදාළ වේ

අයදුම්පත බාගත කිරීමට මෙතැන ක්ලික් කරන්න

නියමයන් හා කොන්දේසි
  1. ජංගම ගිණුමක් විවෘතකිරීමට අවශ්‍ය ආරම්භක තැන්පතුව, අදාළ ගිණුම් කාණ්ඩය අනුව වෙනස් වේ. ගිණුම විවෘතකරනු ලබන ශාඛාවෙන් ඊට අදාළ ආරම්භක තැන්පතු අවශ්‍යතා පිළිබඳ විමසීම් කළ හැකිය.
     
  2. ජංගම ගිණුමේ ශේෂය මත පොළිය ගෙවනු නොලැබේ.
     
  3. චෙක් පොත සඳහා වන ගාස්තු ජංගම ගිණුමෙන් හර කරගනු ලැබේ.
     
  4. චෙක්පතකින් හැර වෙනත් ඕනෑම ආකාරයකින් ගෙවීම් සිදුකිරිම ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය බැංකුව සතුය.
     
  5. චෙක්පත් භාවිතකිරීමේදී, ගිණුම්හිමියා විසින් පහත සඳහන් කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමුකළ යුතුය;
    අ) චෙක් පොත් කිසිඳු අනවසර පුද්ගලයකු අතට පත්වීමට ඉඩ නොතැබිය යුතුය. ගිණුම්හිමියා වෙත නිකුත්කරන ලද චෙක්පොත/ පොත් සමඟ ගනුදෙනුකිරීමේදී ගිණුම්හිමියාගේ නොසැලකිල්ල නිසා ව්‍යාජ අත්සනක්/අත්සන් සහිත චෙක්පතකට මුදල් ගෙවීමේදී බැංකුව වගකිව කියනු නොලැබේ. 
    ආ) චෙක්පතේ තබා ඇති අත්සන/අත්සන්, බැංකුවේ ඇති ආදර්ශ අත්සන් කාඩ්පතේ සඳහන් ආදර්ශ අත්සනට සමාන විය යුතුය. 
    ඇ) චෙක්පතක් නිකුත් කිරීමේදී, එමගින් ලබාගැනීමට නියමිත මුදල එකම භාෂාවක අකුරින් සහ ඉලක්කමින් යන දෙකෙන්ම පැහැදිලිව ලියා තිබිය යුතු අතර ඉන් පසුව කිසිඳු ඉලක්කමක් හෝ වචනයක් එකතු කිරීමට එහි කිසිම ඉඩක් නොතැබිය යුතුය.
    ඈ) චෙක්පතක යම් වෙනස්කිරීමක් සිදුකළ යුතු නම්, එම වෙනස්කිරීම් අත්සන් කරන ලද බලයලත් නිලධාරියාගේ/යන්ගේ සම්පූර්ණ අත්සන සහිතව ඉදිරිපත් කළ යුතුය.
    ඉ) ඉදිරිපත් කළ දිනට මාස 06ක් හෝ ඊට වඩා පැරණි දිනයක් සහිතව ගෙවීම සඳහා ඉදිරිපත් කරන ඕනෑම චෙක්පතකට මුදල් ගෙවීම බැංකුව විසින් ප්‍රතික්ෂේප කළ හැකිය. 
    ඊ) ගිණුම්හිමියාට නිකුත් කරන ලද චෙක්පතක් හෝ චෙක් පොතක් නැති වුවහොත් වහාම බැංකු ශාඛාවට දැනුම් දිය යුතුය.
     
  6. නිෂ්කාශනය නොවූ චෙක්පත් සඳහා මුදල් ගෙවීමට බැංකුව බැඳී නොසිටියි. 
     
  7. බැංකුව සමඟ පෙරාතුව යම් වැඩපිළිවෙළක් සැලසුම් කර නොමැති නම්, ගිණුම්හිමියා විසින් ගිණුමේ පවතින ශේෂය නොඉක්මවිය යුතුය.
     
  8. මෙම රීතිවලට හා බැංකුව විසින් කලින් කලට නියම කරනු ලබන වෙනත් ඕනෑම රීතියකට පටහැනිව නිකුත් කරන ලද චෙක්පත් සඳහා මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය බැංකුව සතුය. 
     
  9. යම් චෙක්පත් තැන්පතු/බැරකිරීම් නිෂ්කාශනය කර නොමැති බව/වැරදි ලෙස බැර කර ඇති බව බැංකුව දැනගත් විට, එම නිෂ්කාශනය නොකළ චෙක්පත්/බැරකිරීම්වලට අදාළ බැර සටහන් නිවැරදිකිරීමේ අයිතිය බැංකුව සතුය. 
     
  10. ගිණුම විවෘත කරන අවස්ථාවේ ගිණුම්හිමියා විසින් තෝරා ගන්නා ලද ක්‍රමයට හා කාලසීමාවට ගිණුම් ප්‍රකාශයක් බැංකුව විසින් සපයනු ලැබේ. ගිණුම්හිමියා විසින් එහි සටහන් සැලකිල්ලෙන් පරීක්ෂා කළ යුතු අතර එහි ඇති යම් දෝෂයක් හෝ විෂමතාවක් පිළිබඳ බැංකු ප්‍රකාශය ලැබී දින 14ක් ඇතුළත බැංකුවට දැනුම්දිය යුතුය. 
     
  11. ගිණුම පවත්වාගෙන යාමේදී බැංකුවට අවශ්‍ය පරිදි හා අවශ්‍ය විට කොමිස්, ගාස්තු සහ අයකිරීම් බැංකුවේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති පරිදි වෙනස් කරනු ඇත. 
     
  12. ගිණුමේ ප්‍රමාණවත් මුදල් නොමැති නම් බැංකුව විසින් චෙක්පත්වල මුදල් නොගෙවන අතර ඒවා අගරු වේ.
     
  13. දින 730 (අවුරුදු 02) හෝ ඊට වැඩි කාලයක් සඳහා ගනුදෙනුකරු විසින් හර ගනුදෙනු සිදුකළ නොමැති බවට වාර්තා වී ඇති ගිණුම් අක්‍රිය ජංගම ගිණුම් ලෙස සැලකේ.
     
  14. බැංකුවේ වෙබ් අඩවිය (www.boc.lk) හරහා ගිණුම්හිමියන්ට දැනුම්දීමෙන් ගිණුම් පවත්වාගෙනයාමට අදාළ නියමයන් හා කොන්දේසි වෙනස් කිරීම, සංශෝධනය කිරීම හෝ යමක් එකතු කිරීම බැංකුව විසින් කළ හැකිය. මේවා ගිණුම්හිමියා වෙත කරන නිසි දැනුම්දීමක් ලෙස සැලකේ. 
     
  15. නවතම තොරතුරු හා පවතින නියමයන් හා කොන්දේසි දැනගැනීම සඳහා ඔබගේ ළඟම ඇති ලංකා බැංකු ශාඛාව හෝ 1975 ඔස්සේ අපගේ ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.

ඔබේ සහයට

  1975 |    +94 11 2204444