BOC Prestige Plus පුද්ගලික ජංගම ගිණුම නිර්මාණය කර ඇත්තේ, වර්තමානයේ ඉතා කාර්ය බහුල ජීවන රටාවකින් යුත් වෘත්තිකයන්ගේ අවශ්‍යතා සඳහා විසඳුම් ලබා දීම වෙනුවෙනි. මෙමඟින් ඔවුන්ගේ ජීවන රටාවට ගැළපෙන පහසු විශේෂාංග සහ ප්‍රතිලාභ රාශියක් ලබාදෙයි.

තැන්පතු අවශ්‍යතා‍වය

  • මූලික තැන්පතුව රු. 30,000/-
  • අවශ්‍ය අවම ශේෂය රු. 10,000/-

ප්‍රතිලාභ

  • විශේෂයෙන් නිර්මාණය කරන ලද, ගනුදෙනුකරුගේ නම මුද්‍රිත චෙක් පොත
  • සම්බන්ධ වීමේ ගාස්තුවකින් තොර, අවමය රු. 100,000/- ණය සීමාවක් සහිත ක්‍රෙඩිට් කාඩ්පතක්
  • BOC Smart Online බැංකුකරණ පහසුකම සහ B App පහසුකම.
  • Smart Passbook සහ SMS පණිවුඩ සේවාව.
  • නිවාස ණය, පුද්ගලික ණය, කල්බදු (ලීසිං) පහසුකම් ආදී පහසුකම් ආකර්ෂණීය කොන්දේසි යටතේ ලබා ගැනීමේ හැකියාව.

* බදු හා කොන්දේසි අදාළ වේ.

ගිණුමක් විවෘත කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම්
  • වෘත්තිකයන් - රැකියාවල නියුතු හෝ ස්වයං රැකියාවල නියුතු (වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතීඥයින්, ගෘහ නිර්මාණ ශිල්පීන්, ගණකාධිකාරීවරුන්, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් ආදීන්.)
  • පිළිගත් පෞද්ගලික ආයතනවල හෝ සමාගම්වල විධායකයින්
  • රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය සංවිධානවල මාණ්ඩලික නිලධාරීන් (මාසික දළ ආදායම රු. 40,000/- ඉක්මවන)
  • වැඩි විස්තර සඳහා ළඟ ම ඇති ලංකා බැංකු ශාඛාව අමතන්න

* කොන්දේසි අදාළ වේ

අයදුම්පත බාගත කිරීමට මෙතැන ක්ලික් කරන්න

නියමයන් හා කොන්දේසි
  1. ජංගම ගිණුමක් විවෘතකිරීමට අවශ්‍ය ආරම්භක තැන්පතුව, අදාළ ගිණුම් කාණ්ඩය අනුව වෙනස් වේ. ගිණුම විවෘතකරනු ලබන ශාඛාවෙන් ඊට අදාළ ආරම්භක තැන්පතු අවශ්‍යතා පිළිබඳ විමසීම් කළ හැකිය.
     
  2. ජංගම ගිණුමේ ශේෂය මත පොළිය ගෙවනු නොලැබේ.
     
  3. චෙක් පොත සඳහා වන ගාස්තු ජංගම ගිණුමෙන් හර කරගනු ලැබේ.
     
  4. චෙක්පතකින් හැර වෙනත් ඕනෑම ආකාරයකින් ගෙවීම් සිදුකිරිම ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය බැංකුව සතුය.
     
  5. චෙක්පත් භාවිතකිරීමේදී, ගිණුම්හිමියා විසින් පහත සඳහන් කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමුකළ යුතුය;
    අ) චෙක් පොත් කිසිඳු අනවසර පුද්ගලයකු අතට පත්වීමට ඉඩ නොතැබිය යුතුය. ගිණුම්හිමියා වෙත නිකුත්කරන ලද චෙක්පොත/ පොත් සමඟ ගනුදෙනුකිරීමේදී ගිණුම්හිමියාගේ නොසැලකිල්ල නිසා ව්‍යාජ අත්සනක්/අත්සන් සහිත චෙක්පතකට මුදල් ගෙවීමේදී බැංකුව වගකිව කියනු නොලැබේ. 
    ආ) චෙක්පතේ තබා ඇති අත්සන/අත්සන්, බැංකුවේ ඇති ආදර්ශ අත්සන් කාඩ්පතේ සඳහන් ආදර්ශ අත්සනට සමාන විය යුතුය. 
    ඇ) චෙක්පතක් නිකුත් කිරීමේදී, එමගින් ලබාගැනීමට නියමිත මුදල එකම භාෂාවක අකුරින් සහ ඉලක්කමින් යන දෙකෙන්ම පැහැදිලිව ලියා තිබිය යුතු අතර ඉන් පසුව කිසිඳු ඉලක්කමක් හෝ වචනයක් එකතු කිරීමට එහි කිසිම ඉඩක් නොතැබිය යුතුය.
    ඈ) චෙක්පතක යම් වෙනස්කිරීමක් සිදුකළ යුතු නම්, එම වෙනස්කිරීම් අත්සන් කරන ලද බලයලත් නිලධාරියාගේ/යන්ගේ සම්පූර්ණ අත්සන සහිතව ඉදිරිපත් කළ යුතුය.
    ඉ) ඉදිරිපත් කළ දිනට මාස 06ක් හෝ ඊට වඩා පැරණි දිනයක් සහිතව ගෙවීම සඳහා ඉදිරිපත් කරන ඕනෑම චෙක්පතකට මුදල් ගෙවීම බැංකුව විසින් ප්‍රතික්ෂේප කළ හැකිය. 
    ඊ) ගිණුම්හිමියාට නිකුත් කරන ලද චෙක්පතක් හෝ චෙක් පොතක් නැති වුවහොත් වහාම බැංකු ශාඛාවට දැනුම් දිය යුතුය.
     
  6. නිෂ්කාශනය නොවූ චෙක්පත් සඳහා මුදල් ගෙවීමට බැංකුව බැඳී නොසිටියි. 
     
  7. බැංකුව සමඟ පෙරාතුව යම් වැඩපිළිවෙළක් සැලසුම් කර නොමැති නම්, ගිණුම්හිමියා විසින් ගිණුමේ පවතින ශේෂය නොඉක්මවිය යුතුය.
     
  8. මෙම රීතිවලට හා බැංකුව විසින් කලින් කලට නියම කරනු ලබන වෙනත් ඕනෑම රීතියකට පටහැනිව නිකුත් කරන ලද චෙක්පත් සඳහා මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය බැංකුව සතුය. 
     
  9. යම් චෙක්පත් තැන්පතු/බැරකිරීම් නිෂ්කාශනය කර නොමැති බව/වැරදි ලෙස බැර කර ඇති බව බැංකුව දැනගත් විට, එම නිෂ්කාශනය නොකළ චෙක්පත්/බැරකිරීම්වලට අදාළ බැර සටහන් නිවැරදිකිරීමේ අයිතිය බැංකුව සතුය. 
     
  10. ගිණුම විවෘත කරන අවස්ථාවේ ගිණුම්හිමියා විසින් තෝරා ගන්නා ලද ක්‍රමයට හා කාලසීමාවට ගිණුම් ප්‍රකාශයක් බැංකුව විසින් සපයනු ලැබේ. ගිණුම්හිමියා විසින් එහි සටහන් සැලකිල්ලෙන් පරීක්ෂා කළ යුතු අතර එහි ඇති යම් දෝෂයක් හෝ විෂමතාවක් පිළිබඳ බැංකු ප්‍රකාශය ලැබී දින 14ක් ඇතුළත බැංකුවට දැනුම්දිය යුතුය. 
     
  11. ගිණුම පවත්වාගෙන යාමේදී බැංකුවට අවශ්‍ය පරිදි හා අවශ්‍ය විට කොමිස්, ගාස්තු සහ අයකිරීම් බැංකුවේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති පරිදි වෙනස් කරනු ඇත. 
     
  12. ගිණුමේ ප්‍රමාණවත් මුදල් නොමැති නම් බැංකුව විසින් චෙක්පත්වල මුදල් නොගෙවන අතර ඒවා අගරු වේ.
     
  13. දින 730 (අවුරුදු 02) හෝ ඊට වැඩි කාලයක් සඳහා ගනුදෙනුකරු විසින් හර ගනුදෙනු සිදුකළ නොමැති බවට වාර්තා වී ඇති ගිණුම් අක්‍රිය ජංගම ගිණුම් ලෙස සැලකේ.
     
  14. බැංකුවේ වෙබ් අඩවිය (www.boc.lk) හරහා ගිණුම්හිමියන්ට දැනුම්දීමෙන් ගිණුම් පවත්වාගෙනයාමට අදාළ නියමයන් හා කොන්දේසි වෙනස් කිරීම, සංශෝධනය කිරීම හෝ යමක් එකතු කිරීම බැංකුව විසින් කළ හැකිය. මේවා ගිණුම්හිමියා වෙත කරන නිසි දැනුම්දීමක් ලෙස සැලකේ. 
     
  15. නවතම තොරතුරු හා පවතින නියමයන් හා කොන්දේසි දැනගැනීම සඳහා ඔබගේ ළඟම ඇති ලංකා බැංකු ශාඛාව හෝ 1975 ඔස්සේ අපගේ ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.

ඔබේ සහයට

  1975 |    +94 11 2204444