Multi-Currency Travel කාඩ්පත යනු විවිධ මුදල් වර්ග සමඟ top-up කළ  හැකි පෙරගෙවුම් සංචාරක මුදල් කාඩ්පතකි. මෙම කාඩ්පත විදේශ මුදල් නෝට්ටු සහ සංචාරක චෙක්පත් සඳහා විකල්පයක් ලෙස භාවිතා කළ හැකිය.

ප්‍රතිලාභ

  • සංචාරය කරන රට මත පදනම්ව මුදල් වර්ග කිහිපයක්  top-up කළ හැක (එක්සත් ජනපද ඩොලර්, ස්ටර්ලින් පවුම්, යුරෝ, ජපන් යෙන් සහ ඕස්ට්‍රේලියානු ඩොලර්)
  • Reload කිරීමේ හැකියාව 
  • ආරක්ෂිත, පහසු සහ කරදරයකින් තොර මාදිලිය
  • ප්‍රධාන කාඩ්පත නැතිවී/සොරකම් කළ/හානි වූ අවස්ථාවකදී භාවිත කිරීමට අතිරේක කාඩ්පත
  • විනිමය අනුපාත උච්චාවචනයන්ට නිරාවරණය නොවීම
  • ගනුදෙනු දැනුම් දීමට ක්ෂණික SMS/email alerts පහසුකම 
  • ඇ.එ. ජ. ඩොලර් 250,000 දක්වා නොමිලේ සංචාරක රක්ෂණය
    සංචාරක රක්‍ෂණ ප්‍රතිපත්තිය (MCTC) කියවන්න

විශේෂාංග

  • පෙරගෙවුම් කාඩ්පත - කාඩ්පතේ වටිනාකම කලින් top-up කරනු ලැබේ
  • PIN/අත්සන සහිත NFC-සක්‍රිය DI කාඩ්පත
  • එක්සත් ජනපද ඩොලර්, ස්ටර්ලින් පවුම්, යුරෝ, ජපන් යෙන් සහ ඕස්ට්‍රේලියානු ඩොලර් වලින් top-up කළ හැක
  • වලංගු කාලය තුළ නැවත පූරණය කිරීමේ පහසුකම (විනිමය පාලන රෙගුලාසි වලට යටත්ව)
  • 'MasterCard' ලකුණ පෙන්වන ජාත්‍යන්තර අලෙවිසැල්වල කාඩ්පත පිළිගනු ලැබේ
    භාවිතා කළ හැකි සේවාවන් 
    » මිලදී ගැනීම් (POS)
    » විදේශීය ATM යන්ත්‍රවලින් මුදල් ආපසු ගැනීම
    » සම්බන්ධතා රහිත ගෙවීම්
    » මාර්ගගත ගනුදෙනු
    » තීරුබදු රහිත මිලදී ගැනීම් (කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී - BIA)
  • කාඩ්පතේ එක් මුදල් ඒකකයකින් තවත් මුදල් ඒකකයකට අරමුදල් මාරු කිරීමේ හැකියාව
  • විද්‍යුත් තැපෑල/SMS හරහා නොමිලේ ගනුදෙනු ඇඟවීම්
  • ඊ-වාණිජ්‍යය ගනුදෙනු සඳහා 3D ආරක්‍ෂිත සත්‍යාපන පහසුකම
  • උපස්ථ කාඩ්පත, ප්‍රධාන කාඩ්පත නැතිවූ/සොරකම් කළ/හානි වූ අවස්ථාවකදී භාවිත කිරීමට
  • ප්‍රාථමික කාඩ්පත අවලංගු කිරීමෙන් පසු අතිරේක කාඩ්පත ඇමතුම් මධ්‍යස්ථානය හරහා හෝ කාඩ්පත් හිමියාගේ Self Care Portal හරහා සක්‍රිය කළ හැක.
  • ප්‍රාථමික සහ අතිරේක කාඩ්පත් සඳහා කාඩ්පත් නැවත නිකුත් කිරීම  (කාඩ්පත අස්ථානගත වීමකදී )
  • වත්මන් විනිමය පාලන රෙගුලාසිවලට අනුව ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමෙන් පසු දින 90ක් ඇතුළත කාඩ්පත් ශේෂය මුදල් කළ යුතුය.
     

සුදුසුකම්

  • වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන්
  • විදේශ ගමනාන්තයක් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන විට ගමන් දීමනා ලබා ගැනීමට සුදුසුකම් ඇති අය
  • සංචාරක අරමුණු සඳහා විදේශ විනිමය නිකුත් කිරීම සම්බන්ධයෙන් සංචාරකයින් විනිමය පාලන රෙගුලාසි වලට යටත් වේ
BOC WellGlobe Privilege Card

වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශ ගත වෙන ඔබගේ වියදම් පියවීම සඳහා පරිපුර්ණ කාඩ් පතක් ලංකා බැංකුවෙන්.

ඉන්දියාවට ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට බලාපොරොත්තු වන ඔබට වැසි රැසක් සමගින්  BOC WellGlobe  කාඩ්පත .

  • ගාස්තු රහිතව  BOC Multi Currency Travel Card පත
  • හවුල්කාර රෝහල්වල බිල්පත් පියවීමේදී සඳහා 5% දක්වා වට්ටම් 
  • වෛද්‍යවරුන්  සහ රෝහල් තෝරාගැනීමට විශේෂඥ උපදෙස්.
  • සම්පූර්ණ සංචාරය ආවරණය කරමින් ඔබටම වෙන්වූ නියෝජිතයෙකුගේ සේවා සහාය

BOC WellGlobe වරප්‍රසාද කාඩ්පතක් ලබාගෙන ඔබගේ ගෙවීම් පහසුවෙන් සහ ආරක්ෂාකාරීව සිදු කර ගන්න.

වැඩි විස්තර සඳහා අමතන්න 

011 220 3175
0770 185 185

චාරිකා අංශය, පළමු මහල
ලංකා බැංකු මුලස්ථානය,
කොළඹ 01

 

වෛද්‍ය බිල්පතට වට්ටම් ලබාගැනීම සඳහා වන නියමයන් හා කොන්දේසි:

  • මෙම දීමනාව Vaidam වෙබ් අඩවියේ දක්වා ඇති පරිදි සුදුසුකම් ලත් Master card කාඩ්පත් හිමියන්ට ලබා ගත හැකිය.
  • අවසාන බිල්පත යොමුකරන අවස්ථාවේ දී වට්ටම අදාළ වන අතර වලංගු මාස්ටර් කාඩ්පතක් භාවිතයෙන් රෝහලට ගෙවීම් කළ යුතුය.
  • රෝහල් සැපයුම් සඳහා වෙනත් වෛද්‍ය පහසුකම් සපයන ආයතනවල සේවාවන් ලබාගන්නා කාඩ්පත් හිමියන්ට මෙම දීමනාව හිමිනොවේ.
  • ගනුදෙනුකරුවන් විසින් ප්‍රථමයෙන් මාස්ටර් කාඩ්පත් හිමියන් සඳහාම වෙන්වූ Vaidam portal හි විමසීමක් ඉදිරිපත් කළ යුතුය.
  • විදෙස් රටවල රෝගීන්ට ප්‍රතිලාභ ලබාගැනීම සඳහා හඳුනාගැනීමේ විස්තර (විදේශ ගමන් බලපත්‍ර විස්තර) Vaidam කණ්ඩායමට ලබාදිය යුතුය.
  • එජඩො 20,000 ඉක්මවන ප්‍රතිකාර හෝ එජඩො 10,000 ට වැඩි වටිනාකමක් ඇති බද්ධකිරීම් සම්බන්ධ වෛද්‍ය කටයුතු සඳහා සම්පූර්ණ වට්ටම ලබානොදිය හැකිය.
  • අක්මා බද්ධ කිරීම්, වකුගඩු බද්ධ කිරීම්, ඇටමිදුළු බද්ධ කිරීම්, TAVI, TAVR, Aneurysms, Pacemakers/CRT-D බද්ධ කිරීම් වැනි විශේෂිත ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටම් පිරිනැමීම් ඇත. අදාළ වට්ටම් සඳහා කරුණාකර ඔබේ Vaidam case කළමනාකරු සමඟ සාකච්ඡා කරන්න.
Self Care Portal (ස්වයං ආරක්ෂණ ද්වාරය)

කාඩ්පත් හිමියන්ගේ Self Care Portal (ස්වයං ආරක්ෂණ ද්වාරය) යනු කුමක්ද?

කරගත හැකි කාර්යයන්

  • ගනුදෙනු හා ශේෂ පිළිබඳ විමසීම 
  • කාඩ්පත තුළ එක් මුදල් ඒකකයකින් තවත් මුදල් ඒකකයකට අරමුදල් මාරුකිරීම (Wallet to wallet අරමුදල් මාරුකිරීම) 
  • කාඩ්පත අවහිර කිරීම/අවහිර කිරීම ඉවත්කිරීම 
  • Wallets සක්‍රිය/අක්‍රිය කරන්න 
  • e-commerce සක්‍රීය කිරීම 
  • අමතර කාඩ්පත සක්‍රීයකිරීම
  • කාඩ්පතේ විනිමය ප්‍රමුඛතා අනුපිළිවෙල වෙනස් කිරීම
ලියකියවිලි

අවශ්‍ය ලියකියවිලි

  • නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත (බාගත කරන්න)
  • වලංගු විදේශ ගමන් බලපත්‍රයේ පිටපත - පළමු සහ අවසාන පිටු

කාඩ්පතට අරමුදල් නැවත පූරණය (Reloading) කිරීම සඳහා ඇති අවශ්‍යතා

  • යාමට සහ ඒමට ඇති ගුවන් ටිකට්පත්/ඊ - ටිකට්පත්වල පිටපතක්
  • වීසා පිටපත
  • විදේශ මුදල් කාඩ්පතට පැටවීම සඳහා අංක 1 පෝරමය
  • නිසි පරිදි සම්පුර්ණ කරන ලද රීලෝඩ් පෝරමය - අරමුදල් නැවත පූරණය කිරීම සඳහා

සංචාරක කාඩ්පතට නැවත පූරණය (Reloading) කිරීමේ ක්‍රම

  • ශ්‍රී ලංකා රුපියල්වලින් 
  • ගිණුම්වලින් මාරු කිරීම (ශ්‍රී ලංකා රුපියල් හෝ විදේශ මුදල්)
ගනුදෙනු සීමා සහ ගාස්තු

කාඩ්පත් සීමාව

වලංගු ලියකියවිලි සැපයීම මත; විනිමය පාලන රෙගුලාසිවලට යටත්ව සහ සංචාරක අරමුණ, කාලසීමාව සහ සංචාරය කරන රට සැලකිල්ලට ගනිමින් බැංකුවේ තීන්දුව/අභිමතය මත පදනම්ව USD 25,000/- ක උපරිම මුදලක් සඳහා අවසර හිමිවේ. මුළු වටිනාකම USD 15,000/- ඉක්මවන්නේ නම් හෝ වෙනත් විදේශ මුදල්වලින් ඊට සමාන නම්; පිටත්ව යනවිට හෝ පැමිණීමේදී රේගු දෙපාර්තමේන්තුවට ඒ බව ප්‍රකාශ කළයුතුය.

ගනුදෙනු සීමා

  • POS ගනුදෙනු සීමාව- දිනකට ඇ.ඩො. 5,000
  • ATM මුදල් ආපසුගැනීමේ සීමාව - දිනකට ඇ.ඩො. 1,000
  • ඊ-වාණිජ්‍යය ගනුදෙනු සීමාව - දිනකට ඇ.ඩො. 2,500
  • දිනකට උපරිම POS ගනුදෙනු ගණන - 10 වතාවක්
  • දිනකට උපරිම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ගනුදෙනු සංඛ්‍යාව - 3 වතාවක්

ගාස්තු

කරුණාකර Travel Card Fees ගාස්තු බලන්න
(Outward Remittances ➔ Multi Currency Travel card) 
 

සම්බන්ධකරගන්නා ආකාරය

කාඩ්පත සොරකම් කිරීම හෝ නැතිවීම

අළුත් කාඩ්පතක් ලබාගැනීම

  • ප්‍රාථමික කාඩ්පත සහ අමතර කාඩ්පත යන දෙකම නැති වූ විට, අදාළ ගාස්තුවක් සමඟ කාඩ්පත් නිකුත්කරන ශාඛාවෙන් තවත් අමතර කාඩ්පතක් ලබාගත හැක.

එකඟ නොවන ගනුදෙනු

  • කිසියම් මතභේදාත්මක ගනුදෙනුවක් සිදුවුවහොත්, එම ගැටලුව ලංකා බැංකුවේ ඇමතුම් මධ්‍යස්ථානයට හෝ කාඩ්පත් නිකුත්කිරීමේ ශාඛාව වෙත යොමුකරන ලෙස, කාඩ්පත් හිමියාගෙන් ඉල්ලා සිටිමු.

වැඩි විස්තර සඳහා, අමතන්න,

පැය 24 පුරා ක්‍රියාත්මක පාරිභෝගික සේවා ක්ෂණික ඇමතුම් අංකය  1975  (+94 11 220 4444)

011 220 3175 (සතියේ දිනවල පෙ.ව. 9.00 සිට සවස 5.00 දක්වා)

travelcard@boc.lk

 

ඔබේ සහයට

  1975 |    +94 11 2204444