BOC Rewardz Plus – Loyalty Rewards යෝජනාක්‍රමය

Rewardz Plus සමඟින් ඔබේ BOC ක්‍රෙඩිට් කාඩ්පතේ එදිනෙදා වියදම්වලට වටිනාකමක් එකතු කරගන්න. ඔබගේ BOC ක්‍රෙඩිට් කාඩ්පත හරහා සිදුකරන සෑම ගනුදෙනුවක් සඳහාම ආකර්ෂණීය ප්‍රසාද ලකුණු (rewards points) හිමිවේ. ඔබ සාප්පු සවාරි යනවිට, ආහාර ගන්නා විට හෝ සංචාරය කරන විට හා තවත් බොහෝ දේ සඳහා වැයකරන මුදලට වටිනා ප්‍රසාද ලකුණු ලබාගන්න. පුළුල් වෙළඳ අලෙවිසැල් තෝරාගැනීමක් සමඟින්, ඔබේ ප්‍රසාද ලකුණු වටිනාකම ලබාගැනීම සඳහා අසීමිත අවස්ථාවන් ලබා දෙයි.

ඔබ සතුව ඇති BOC ක්‍රෙඩිට් කාඩ්පත ඔබේ හොඳම තේරීමක් බව සනාථ කරමින් Rewardz Plus වෙතින්, සෑම මිලදීගැනීමක් සඳහාම ඔබට ප්‍රසාද ලකුණු (rewards points) ලබා දෙනු ඇත. 

සුදුසුකම 

යන කාණ්ඩවලට අයත් ප්‍රධාන ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් මේ සඳහා සුදුසුකම් ලබයි. 


ඇතුළත් කරගැනීම 

BOC ක්‍රෙඩිට් කාඩ්පත්හිමියකු ලෙස ඔබ ස්වයංක්‍රීයවම Rewardz Plus වැඩසටහනට ඇතුළත් වේ. ප්‍රසාද ලකුණු ලබාගැනීම සඳහා www.rewardzplus.boc.lk වෙබ් අඩවිය වෙත පිවිස ඒ සඳහා ලියාපදිංචි වී ඔබේ ගිණුම සක්‍රිය කිරීම පමණක් ඔබ විසින් කළ යුතුවේ.


ඔබේ ගිණුම සක්‍රිය කිරීමට පහත පියවර අනුගමනය කරන්න:

  1. www.rewardzplus.boc.lk වෙත පිවිසෙන්න
  2. බැංකුව සමග ලියාපදිංචි කර ඇති ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න
  3. ඔබේ ලියාපදිංචි විද්‍යුත් තැපැල් ලිපිනයට හා/හෝ ජංගම දුරකථන අංකයට ලැබෙන එක්වරක් පමණක් භාවිත වන මුරපදය (OTP) ඇතුළත් කරන්න
  4. User ID සහ මුරපදය සකස් කරගන්න 
  5. ඔබේ User ID සහ මුරපදය යොදා වෙබ් අඩවිය වෙත පිවිස ලකුණු වටිනාකම ලබාගැනීම ආරම්භ කරන්න

 

ප්‍රසාද ලකුණු සංචිතය

ඔබේ BOC ක්‍රෙඩිට් කාඩ්පත භාවිත කර වෙළඳ අලෙවිසැල්වලින් (POS) සහ මාර්ගගතව සිදු කරන සෑම ගනුදෙනුවක් සඳහාම, ඔබ ඔබේ කාඩ්පත් වර්ගය මත ලකුණු උපයා ගත හැකිය.


ලකුණු එකතුවන ආකාරය පහත දක්වා ඇත:

කාඩ්පත් වර්ගයවැයකරන මුදල (රු.)ලැබෙන ලකුණු ප්‍රමාණය
VISA Platinum2001
Master World2001
Master Platinum2501
Master Titanium2501
VISA Gold2501
Master Gold2501
VISA Classic3001
Master Standard3001


සැලකිය යුතුය:

  • කාඩ්පත් වර්ගය කුමක් වුවත් රුපියල් 300/- ක් වටිනා emerging market ගනුදෙනු සඳහා (රාජ්‍ය ගෙවීම්, උපයෝගිතා) එක් ලකුණක් එකතු වේ.
  • එක් ලකුණක් රුපියලකට සමාන වේ (1Point = Rs.1/-).
  • පහත සඳහන් ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රසාද ලකුණු හිමිනොවේ;
    •  මුදල් අත්තිකාරම් හෝ ATM යන්ත්‍රවලින් මුදල් ආපසු ගැනීම්
    •  කැසිනෝ ඇතුළු නමුත් ඒවාට සීමා නොවන අර්ධ මුදල් ගනුදෙනු
    •  මුදල් ඒකක මිලදී ගැනීම
    •  ශේෂය මාරු කිරීම
    •  මාසික වාරික බිල්පත් 
    •  වාර්ෂික ගාස්තු, මුල්‍ය ගාස්තු සහ අනෙකුත් ගාස්තු
    •  පළ නොකළ හෝ අවලංගු කළ ගනුදෙනු
  • ප්‍රධාන මෙන්ම අතිරේක කාඩ්පත් ගනුදෙනු සඳහා ප්‍රසාද ලකුණු එකතු වේ. ප්‍රධාන සහ අතිරේක කාඩ්පත් දෙකටම ලබාගන්නා මුළු ලකුණු redeem කිරීමට ප්‍රධාන කාඩ්පත්හිමියා සුදුසුකම් ලබන්නේ ය.
  • ක්‍රෙඩිට් කාඩ්පත් වාරික සැලසුම් (installment plans) හරහා සිදුකරන ඕනෑම ගනුදෙනුවක් සඳහා, සම්පූර්ණ ගනුදෙනු වටිනාකම මත පළමු අවස්ථාවේදීම ප්‍රසාද ලකුණු ප්‍රදානය කරන අතර ඒ සඳහා සැලැස්මේ කාලසීමාව තුළ සිදුකරන මාසික වාරික සලකා බලනු නොලැබේ.
ලබා ගත් ප්‍රසාද ලකුණු භාවිතකිරීම (Redeem කිරීම)

ඔබට පහත අවස්ථාවලදී ප්‍රසාද ලකුණු redeem කර ලබාගත හැකිය;

  • E-වවුචර් මිලදීගැනීමේදී
  • අන්තර්ජාලය හරහා කරනුලබන සාප්පු සවාරි
  • ගුවන් ගමන් වෙන්කරවා ගැනීමේදී
  • හෝටල් වෙන්කිරීම්වලදී
  • තෝරාගත් වෙළෙඳසැල් බිල්පත් ගෙවීමේදී
ප්‍රසාද ලකුණු redeem කිරීම සඳහා වලංගු කාලය අවසන් වීම

කාඩ්පත් ගනුදෙනු සඳහා එකතු වන ප්‍රසාද ලකුණු ඊළඟ වසරේ දෙසැම්බර් මස 31 වන දින දක්වා වලංගු වන අතර වලංගු කාල සීමාවෙන් පසු ඒ සඳහා වටිනාකම ලබාගත නොහැකිය.

භාවිත නොකළ ප්‍රසාද ලකුණු කල් ඉකුත් වන දිනයේදී BOC REWARDZ PLUS ගිණුමෙන් ඉවත් කරනු ලබන අතර නැවත ගිණුමට බැර නොකරනු ලැබේ.

Terms and Conditions

ඔබේ සහයට

  1975 |    +94 11 2204444