BOC EDC උපාංග - අමතර ප්‍රතිලාභ සහ විශේෂාංග

  • සියලුම EDC උපාංග නොමිලේ සවිකෙරේ.
  • ටර්මිනල් 3G සම්බන්ධතාව සහිත Dialog SIM එකකින් සමන්විත වන අතර SLT හරහා PSTN සම්බන්ධතාවට සහය දක්වයි. සිම් සඳහා වන පිරිවැය සහ දත්ත භාවිතය සඳහා වන ගාස්තු බැංකුව විසින් දරනු ලැබේ.
  • ඉලෙක්ට්‍රොනික මුදල් ලේඛනය (ECR)
  • පියවීම් පසු දිනයේ, ඔබේ ජංගම ගිණුමට බැර කෙරේ.
  • සැසඳීමේ කටයුතු ගනුදෙනු ලැයිස්තුව, ඊමේල් ඔස්සේ දෛනික ප්‍රකාශන ලබාදිය හැක.
  • තාක්ෂණික සේවා, දින 365ම පැය 24 පුරාම ලබාගත හැක. තාක්ෂණික සහාය සහ පුහුණු පහසුකම් ඕනෑම අවස්ථාවක අපගේ ක්ෂේත්‍ර නිලධාරීන් සහ ශාඛා මගින් ලබාගත හැක.
  • ලිපිද්‍රව්‍ය අවශ්‍යතා (කඩදාසි රෝල්ස්, ස්ටිකර්, ආදිය) නිතර නොමිලයේ සපයනු ලැබේ.
අනුපාත සහ ගාස්තු

අනුපාත

  • වෙළඳ කොමිස් අනුපාතය 2.5% වේ (මෙය වෙළෙඳ ආයතනයේ මාසික පිරිවැටුම මත රඳා පවතී)

ගාස්තු

  • EDC යන්ත්‍රයේ මාසික පිරිවැටුම රුපියල් 300,000/- ට අඩු නම්, රුපියල් 3000/- ක බදුකුලී ගාස්තුවක් වෙළෙඳ ආයතනයෙන් අයකරන අතර, රුපියල් 300,000/- ට වැඩි නම් කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.
සුදුසුකම් නිර්ණායක

පහත දැක්වෙන්නේ වෙළෙන්දෙකු/ වෙළෙඳ ආයතනයක් ලෙස සම්බන්ධ වීමට අවශ්‍ය වන කාරණා ය.

  • ව්‍යාපාරික ආයතනයක් ලෙස, ශ්‍රී ලංකාවේ හෝ මාලදිවයින් ජනරජයේ නීත්‍යානුකූලව ලියාපදිංචි වී තිබිය යුතුය. CRIB හි වාර්තා නොවෙන්නෙකු වියයුතුය. 
  • වීසා සහ මාස්ටර් වංචා අවදානම් අනතුරු ඇඟවීමේ පද්ධතිවල ලැයිස්තුගත නොමැති අයෙකු වියයුතුය. 
  • නීත්‍යානුකූලව වලංගු අරමුණක් සඳහා ලියාපදිංචි වී තිබිය යුතුය.
  • හොඳ මූල්‍ය තත්ත්වයක් සහ මුදල් ප්‍රවාහ තත්ත්වයක් තිබිය යුතුය.
  • ආයතන ප්‍රධානීන් හොඳ අවංකභාවයක් ප්‍රදර්ශනය කළයුතුය. 
ලේඛන : තනි අයිතිකරු
  • සම්බන්ධ වීමේ පෝරමය (ව්‍යාපාර මුද්‍රාවේ හිමිකරු විසින් අත්සන් කළයුතුය)
  • එකඟතා ගිවිසුම (ව්‍යාපාරික මුද්‍රාවෙහි හිමිකරු විසින් අත්සන් කළයුතු අතර, පුද්ගලයන් දෙදෙනෙකු විසින් සාක්ෂි ලෙස අත්සන් තැබිය යුතුය.)
  • ජාතික හැඳුනුම්පතේ පිටපතක්
  • ව්‍යාපාර ලියාපදිංචි සහතිකයේ පිටපතක්
  • KYC පෝරමයo අවශ්‍ය නම්, අයකිරීම් ලිපිය (ව්‍යාපාර මුද්‍රාවේ හිමිකරු විසින් අත්සන් කළයුතුය).
ලේඛන : හවුල් ව්‍යාපාර
  • සම්බන්ධ වීමේ පෝරමය (ව්‍යාපාර මුද්‍රාවේ හවුල්කරුවන් දෙදෙනෙකු විසින් අත්සන් කළයුතුය)
  • එකඟතා ගිවිසුම (ව්‍යාපාර මුද්‍රාවේ හවුල්කරුවන් දෙදෙනෙකු විසින් අත්සන් කළයුතු අතර පුද්ගලයන් දෙදෙනෙකු විසින් සාක්ෂි ලෙස අත්සන් කළයුතුය)
  • ජා.හැ.ප.වල පිටපත්o ව්‍යාපාර ලියාපදිංචි සහතිකයේ පිටපතක්
  • KYC පෝරමයo අවශ්‍ය නම්, අයකිරීම් ලිපිය (ව්‍යාපාර මුද්‍රාවේ හවුල්කරුවන් දෙදෙනෙකු විසින් අත්සන් කළ යුතුය), 
ලේඛන : සීමිත සමාගම්
  • සම්බන්ධ වීමේ පෝරමය (අධ්‍යක්ෂ මණ්ඩල තීරණය අනුව, සමාගම් මුද්‍රාවේ අවම වශයෙන් නම් කරන ලද අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු විසින් අත්සන් කළයුතුය)
  • එකඟතා ගිවිසුම (සමාගම මුද්‍රාව මත අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු විසින් අත්සන් කළයුතු අතර පුද්ගලයන් දෙදෙනෙකු විසින් සාක්ෂි ලෙස අත්සන් කළයුතුය)
  • සාංගමික සංස්ථාපත්‍රය / සාංගමික ව්‍යවස්ථාවලියේ සහතික කළ පිටපත
  • 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාපිත සහතිකයේ සහතික කළ පිටපත
  • අධ්‍යක්ෂවරුන්/ලේකම්වරුන් වෙනස් කිරීමට අදාළ පෝරමයේ සහතික කළ පිටපත සහ අධ්‍යක්ෂවරුන්ගේ/ලේකම්වරුන්ගේ තොරතුරු අංක 1 සහ ආකෘති අංක 2)
  • KYC පෝරමය
  • සමාගමේ ලිපි ශීර්ෂයේ අධ්‍යක්ෂ මණ්ඩල යෝජනාව (සමාගම මුද්‍රාවෙහි අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු (2) විසින් අත්සන් කළ යුතු අතර ලේකම්ගේ මුද්‍රාවෙහි ලේකම් විසින් අත්සන් කළයුතුය), ලියාපදිංචි කිරීමේ පෝරමයේ/ ගැසට් පත්‍රයේ/ බලපත්‍රයේ සහතික කළ පිටපත, අවශ්‍ය නම් ගාස්තු ලිපිය (අත්සන් කළයුත්තේ යෝජනාවට අනුව සමාගම් මුද්‍රාවේ අවම වශයෙන් අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු විසිනි)
ලේඛන : සමිති, සමාජ, රාජ්‍ය සංවිධාන සහ ව්‍යවස්ථාපිත ආයතන
  • සම්බන්ධ වීමේ පෝරමය
  • එකඟතා ගිවිසුම
  • තීරණය ගත් බව සනාථකරන ලිපිය
  • ඉල්ලීම් ලිපිය
  • KYC පෝරමය
  • ගාස්තු ලිපිය (අවශ්‍ය නම්) (සම්බන්ධ වීමේ පෝරමය, එකඟතා ගිවිසුම සහ අනෙකුත් ලේඛන, තීරණය ගත් බව සනාථකරන ලිපියේ නම්කර ඇති නිලධාරීන් විසින් අත්සන් කළයුතුය)
සම්බන්ධ වීමේ තොරතුරු

අලෙවිකරණ සහ වෙළෙඳ බඳවාගැනීම් අංශය,
BOC ක්‍රෙඩිට් කාඩ් මධ්‍යස්ථානය,
බිම් මහල, ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
ලංකා බැංකු මාවත,
කොළඹ: 01

කළමනාකරු - වෙළෙඳ බඳවාගැනීම් - 011 220 5621

සහකාර කළමනාකරු - වෙළෙඳ බඳවාගැනීම් - 011 220 5610

ඔබේ සහයට

  1975 |    +94 11 2204444