ඉන්ධන පිරවුම්හල්වල පමණක් භාවිතා කළ හැකි පෙරගෙවුම් ගෙවීම් කාඩ්පතකි

විශේෂාංග

  • පෙරගෙවුම් කාඩ්පතක් ලෙස ක්‍රියා කරයි
  • කාඩ්පතේ ඇති ශේෂය දක්වා ගනුදෙනු කළ හැකිය.
  • සම්බන්ධතා රහිත ගනුදෙනු සඳහා Near Field Communication (NFC) පහසුකම සහිත Chip  Master Card
  • ඉන්ධන පිරවුම්හල්වල (CEYPETCO, IOC සහ LAUGHS) සියලුම Point Of Sale (POS) යන්ත්‍ර පුරා වලංගු වේ
  • එක් එක් ගනුදෙනුව සඳහා නොමිලේ කෙටි පණිවුඩ (SMS Alert) පහසුකම 
  • කාඩ්පත ශුන්‍ය ශේෂයකින් නිකුත් කර ඇති අතර ඕනෑම වේලාවක top-up  කළ හැක.
  • e -statement පහසුකම 
  • පූර්ව නිශ්චිත සීමාවක් දක්වා ස්වයංක්‍රීයව ශේෂය ඉහල නැංවීමේ පහසුකම
  • කාඩ්පත වසර 4 ක් සඳහා වලංගු වේ

ඉන්ධන කාඩ්පතට top-up කිරීමේ  ක්‍රම

  • ලංකා බැංකු ශාඛාවලින් 
  • Smart Online Banking, B App, Smart Pay ජංගම බැංකු යෙදුම් 
  • පොදු ගෙවීම් ක්‍රම භාවිතා කරන අනෙකුත් බැංකු
ප්‍රතිලාභ
  • ඉන්ධන දීමනා ප්‍රතිපූරණය කිරීමේ අපහසුතා ඉවත්කිරීම
  • මුදලින් ගනුදෙනුකිරීමේ අපහසුතා අඩුකරයි
  • නිශ්චිත කාල සීමාවක් තුළ දැරූ ඉන්ධන වියදම් විශ්ලේෂණය කිරීමේ හැකියාව
  • අඩු ලියකියවිලි සහ පරිපාලන කටයුතුවල කාර්යක්ෂමතාව වැඩිකිරීම (ඉන්ධන පොත වෙනුවට)
  • කරදරයකින් තොරව සැසඳුම්කිරීමට හැකිවීම 
  • භාවිතාකරන්නන්ට වඩාත් පහසු සහ ආරක්ෂිත වීම
  • එක් ස්ථානයකින් - ඒ ඒ කාඩ්පත් ගනුදෙනු පිළිබඳ පරීක්ෂා කිරීමට හැකිවීම 
සුදුසුකම් සහ ලියකියවිලි

අයදුම් කළහැක්කේ කාටද?

  • ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ඕනෑම නෛතික ආයතනයක්
  • වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකික නේවාසික පුද්ගලයින්

BOC ඉන්ධන කාඩ්පත සඳහා අයදුම් කිරීමට අවශ්‍ය ලියකියවිලි

පුද්ගලික පාරිභෝගිකයින් සඳහා

  • BOC ඉන්ධන කාඩ්පත් අයදුම්පත - පුද්ගලික
  • ජා.හැ.ප. අංකය
  • ලිපිනය සනාථකිරීමට සාක්ෂි (ජාතික හැඳුනුම්පතේ සඳහන් ස්ථානයේම පදිංචිව නොසිටින්නේ නම්)

ව්‍යාපාරික ආයතන සඳහා

  • ව්‍යාපාරික ආයතන සඳහා BOC ඉන්ධන ඉල්ලුම් පත්‍රය
  • ජා.හැ.ප. අංකය
  • පුද්ගලික සීමාසහිත සමාගම් - අධ්‍යක්ෂ මණ්ඩල යෝජනාව
        - සංස්ථාගත කිරීමේ සහතිකය
        - පෝරමය 01, පෝරමය 20
  • තනි හිමිකාරත්වය / හවුල් ව්‍යාපාර
    - ව්‍යාපාර ලියාපදිංචි සහතිකය
    - හවුල් ගිවිසුම
    - අනුමැතිය ලිපිය
  • කාඩ්පත් භාවිතා කරන්නන්ගේ ලැයිස්තුව සහ අදාළ වාහන අංක

ගාස්තු සහ අයකිරීම

  • සම්බන්ධ වීමේ ගාස්තුව: නොමිලේ
  • වාර්ෂික ගාස්තුව :රු.1,000/-
  • කාඩ්පත් අලුත්කිරීමේ ගාස්තුව: රු. 500/-
  • PIN නැවත නිකුත් කිරීම : රු.250/-
  • ගනුදෙනු වටිනාකම මත 1% ක ඉන්ධන අධිභාරය
  • මුද්‍රිත මාසික ප්‍රකාශය : එක් ප්‍රකාශයකට රු.50/-

ඔබේ සහයට

  1975 |    +94 11 2204444