Download App

    

SmartPay යනු ඩිජිටල් ජීවන රටා සේවා දොරටුවක් වන අතර එය පරිශීලකයින්ට ඔවුන්ගේ මුදල් ඩිජිටල් මාධ්‍යයෙන්  කළමනාකරණය කිරීමට පහසුකම් සපයයි. ගිණුම් අංකය හෝ Smartpay QR භාවිත කරමින්  ඕනෑම බැංකුවක සිට ඕනෑම බැංකුවකට අරමුදල් හුවමාරු කිරීම, පුළුල් පරාසයක බිල්කරුවන් වෙත ගෙවීම් කිරීම, ඕනෑම වෙළඳ ස්ථානයක ඕනෑම Lanka QR ස්කෑන් කර ගෙවීම් කිරීම මෙන්ම  Lanka QR හා  China Union Pay QR හරහා වෙළඳ ගෙවීම් ලබා ගැනීම සඳහා පහසුකම් සපයයි.

SmartPay- ඔබේ මුදල් සම්බන්ධයෙන් නිසි වාර්තා තබාගන්න

පහසුව යනු වර්තමානයේ ගනුදෙනුකරුවන් හට වඩාත්ම වැදගත් දෙයකි. සැම දෙනෙකුගේම පාහේ ජීවන රටාවද පහසුව මත රැඳී පවතින කාලයක ඔබේ එදිනෙදා මුල්‍ය කටයුතු කළමනාකරණය සම්බන්ධයෙන් තවදුරටත් ඔබේ සුවපහසුව කැප කළ යුතු නොවේ. කිසිදු වියදමකින් තොරව ලබාගත හැකි SmartPay හරහා ඔබට අවශ්‍ය පරිදි ඔබේ කටයුතු සිදු කර ගත හැකිය. එයට ඔබේ ජීවිතයේ නැවුම් වෙනසක් ඇති කරනු ඇත.
 

විශේෂතා

  • ඕනෑම ජංගම හෝ ඉතුරුම් බැංකු ගිණුමක් මගින් ගෙවීම් කිරීමට එක්  කල හැක.
  • ඕනෑම උපයෝගීතා බිල්පත් ගෙවීමක් සහ රජයේ සේවාවන් සඳහා වන ගෙවීම් සැණින් සිදු කරන්න.
  • ඕනෑම බැංකුවක සිට ඕනෑම බැංකුවකට එසැණින් අරමුදල් මාරු කරන්න.
  • ඔබගේම ජංගම දුරකථනය භාවිතයෙන් සහ අතේ මුදල් නොමැතිව වුවද  දිවයින පුරා 100,000කට වැඩි LANKAQR සහතික ලත් වෙළඳ අලෙවිසැල්වලදී scan  කර ගෙවීම් සිදු කරන්න.
  • උපයෝගීතා බිල්පතක හෝ වෙළඳ ඉන්වොයිසියක මුද්‍රිත ඕනෑම LANKAQR කේතයක් scan කර ගෙවීම් සිදු කරන්න.
  • ඉක්මනින් ලංකා බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම් සිදු කර ප්‍රමාද ගෙවීම් ගාස්තු මගහරවා ගන්න.
  • පුණ්‍යායතනවලට සහ ආගමික සංවිධානවලට නිතිපතා කරන පරිත්‍යාගයන් SmartPay හරහා කරන්න.
  • ඔබගේ එදිනෙදා SmartPay ගනුදෙනු පරික්ෂා කර සාර්ථක ගනුදෙනු සඳහා අන්තර්ජාලය හරහා යැවිය හැකි ඉලෙක්ට්‍රොනික රිසිට්පත් ලබා ගන්න.
  • හර කාඩ්පතක් හෝ මුදල් ආපසු ගැනීමකින් තොරව, සෘජු ගෙවීම් ඔබගේ ජංගම හෝ ඉතුරුම් ගිණුම් මගින් ම  කරන්න.
  • ගෙවීම් කරන විට ආකර්ෂණීය Cash-Back දීමනා, වට්ටම් සහ වෙනත් සුවිශේෂී දීමනා ලබා ගන්න.
  • ඔබගේ ලංකා බැංකු ඉතුරුම් හෝ ජංගම ගිණුමේ ශේෂයන් සැණින් පරීක්ෂා කරන්න.
  • ඇතුලත් කරන ලද ඕනෑම බැංකු ගිණුමක් සඳහාම කුඩා ගිණුම් ප්‍රකාශයක් ලබා ගන්න.
  • නිවැරදි, වාර්තා සහිත සහ ආරක්ෂිත ඩිජිටල් ගෙවීම් ලබන LANKAQR සහ චීන UnionPay International හි සහතික ලත් වෙළඳ ආයතනයක් වන්න.

 SmartPay සමඟින් වඩාත් විශ්වාසයෙන් යුක්තව ඔබේ කටයුතු සිදු කරන්න

තොරතුරු පද්ධති ආරක්ෂාව සහ විගණන සේවා සම්බන්ධ දිවයිනේ ඉහළම පෙලේ ප්‍රවීණයන් විසින් සමස්ථ ස්මාර්ට්පේ පද්ධතියේ පවත්නා දැඩි ආරක්ෂක පියවර පිරික්සා සහතික කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ සී/ස ලංකා ක්ලියර් (පෞද්ගලික) සමාගමේ නීතිරීති, රෙගුලාසි සහ මාර්ගෝපදේශ නිසි ලෙස පිළිපදිමින් SmartPay නිර්මාණය කර ඇත. ඔබගේ විශ්වාසය සුරක්ෂිත කිරීමට අනුමත මුරපද ප්‍රතිපත්ති සහ තහවුරු කිරීමේ තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කෙරේ.

 

ලියාපදිංචි වීම ඉතා පහසුයි
  • Play Store හෝ App Store හරහා SmartPay යෙදුම බාගත කරන්න
  • ලියාපදිංචි වන්න
  • වලංගු පුද්ගලික තොරතුරු ඇතුළත් කර ලියාපදිංචිය සම්පූර්ණ කරන්න
  • ඔබට ලැබෙන සත්‍යාපන කේතය ඇතුළත් කරන්න
  • ඉලක්කම් 4 ක ‍රහස්‍ය අංකයක් (PIN) සකසන්න 
  • ආරක්ෂක ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙන්න
ගෙවීම් ක්‍රමයක් එකතු කරන්නේ කෙසේද?
  • මෙනුවෙන් 'ගෙවීම් ක්‍රම (Payment Method)' තෝරන්න
  • 'නව ගිණුමක් එක් කරන්න (ADD NEW PAYMENT INSTRUMENT)' මත ක්ලික් කරන්න
  • ගිණුම් වර්ගය, ගිණුම් අංකය, බැංකුව සහ ඔබට කැමති ගිණුම් නාමයක් ඇතුළත් කරන්න
  • ඔබගේ ලියාපදිංචි දුරකථන අංකයට යවන ‘එක් වර මුරපදය’ (OTP) ඇතුළත් කර ඉදිරියට යන්න, 
    ඔබ ගෙවීම් ක්‍රමය ඇතුළත් කර අවසන්!
ප්‍රතිලාභි ගිණුමක් එකතු කරන්නේ කෙසේද
  • මෙනුවෙන් 'Beneficiary Management’ තෝරන්න
  • 'ADD Beneficiary' මත ක්ලික් කරන්න
  • ඔබේ බැංකුව, ගිණුම් වර්ගය, ගිණුම් අංකය සහ ගිණුම  නාමය ඇතුළත් කරමින් ඉදිරිපත් කරන්න
  • ඔබගේ ලියාපදිංචි දුරකථන අංකයට යවන ‘එක් වර මුරපදය’ (OTP) ඇතුළත් කර ඉදිරියට යන්න, 
    ඔබ ප්‍රතිලාභි ගිණුම ඇතුළත් කර අවසන්!
බිල් ගෙවීමක් එකතු කරන්නේ කෙසේද
  • මෙනුවෙන් 'Biller Management' තෝරන්න
  • 'ADD Biller' මත ක්ලික් කරන්න
  • ඔබට බිල්පත ගෙවීමට අවශ්‍ය කාණ්ඩය තෝරන්න
  • අවශ්‍ය විස්තර පුරවා ‘Submit’ බොත්තම ක්ලික් කරන්න
  • ඊළඟ තිරයේ දිස්වන විස්තර තහවුරු කර ඉදිරියට යාමට ‘Confirm’ බොත්තම ක්ලික් කරන්න.
වෙළඳ ආයතනයක් ලෙස ලියාපදිංචි වන්න
  • මුල් තිරයෙන් ‘My  Shop' අයිකනය තෝරන්න
  • Merchant Registration’ පෝරමය පුරවා ලියාපදිංචි වන්න
  • ළඟම ඇති ලංකා බැංකු ශාඛාව වෙත පැමිණ SmartPay හවුල්කාර වෙළඳ ආයතන සඳහා  අයදුම් කිරීමේ ක්‍රියාවලිය අනුගමනය කරන්න
  • ඔබට ලැබෙන සත්‍යාපන කේතය ඇතුලත් කරන්න.
නිතර අසන ප්‍රශ්න
  • SmartPay යනු කුමක්ද?
    SmartPay යනු ඩිජිටල් ජීවන රටා යෙදුමක් වන අතර එය පරිශීලකයින්ට ඔවුන්ගේ මුදල් ඩිජිටල් ලෙස උපයා ගැනීමට, වියදම් කිරීමට සහ කළමනාකරණය කිරීමට පහසුකම් සපයයි.
  • SmartPay ආරක්ෂිත ද?
    දිවයිනේ ඉහළ කීර්තිමත් තොරතුරු පද්ධති ආරක්‍ෂාව සහ විගණන සේවා එහි දැඩි ආරක්‍ෂක පියවරයන් සහතික කරමින් සමස්ත SmartPay පද්ධතියම සමාලෝචනය කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ Lanka Clear (Pvt) Ltd හි රීති, රෙගුලාසි සහ මාර්ගෝපදේශ නිසි ලෙස පිළිපැදී ඇත. ඔබගේ විශ්වාසය සුරක්ෂිත කිරීම සඳහා අනුමත මුරපද ප්‍රතිපත්ති සහ වලංගු කිරීමේ ඇල්ගොරිතම අනුගමනය කෙරේ.
  • SmartPay සමඟ බැංකුවක් සම්බන්ධද?
    ඔව්. SmartPay යනු ලංකා බැංකුව විසින් ගෙන එන යෙදවුමකි.
  • SmartPay භාවිතා කිරීමට මට ලංකා බැංකුවේ ගිණුමක් තිබිය යුතුද?
    ඕනෑම බැංකුවක හෝ මූල්‍ය ආයතනයක සක්‍රීය SMS දැනුම්දීමේ පහසුකම සහිත ඉතුරුම් හෝ ජංගම ගිණුමක් ඇති ඕනෑම අයෙකුට SmartPay යෙදුම භාවිත කළ හැක.
  • SmartPay ඕනෑම උපාංගයක් සමඟ අනුකූලද?
    SmartPay බොහෝ Android, iPhone සහ Huawei ජංගම දුරකථන වල ක්‍රියා කරයි.
  • SmartPay සඳහා ලියාපදිංචි වන්නේ කෙසේද?
    Apple App Store හෝ Google Play Store හෝ Huawei AppGallery වෙතින් යෙදුම බාගත කර, "Signup" මත ක්ලික් කර, පුරනය වීමට පරිශීලක-හිතකාමී පියවර අනුගමනය කරන්න.
  • ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේදී මට එක් වරක් මුරපදයක් නොලැබුනේ නම් කුමක් කළ යුතුද?
    කරුණාකර "Resend OTP" විකල්පය භාවිතා කරන්න, තවමත් ඔබට නොලැබුනේ නම් කරුණාකර සහය ලබා ගැනීමට අපගේ ඇමතුම් මධ්‍යස්ථානය 1975 අමතන්න.
  • අදාළ ගනුදෙනු සීමාවන් මොනවාද?
    ගනුදෙනු සඳහා අදාළ සීමාවන් පහත දැක්වේ
ගනුදෙනුවඑක් ගනුදෙනුවකට අවම මුදලඑක් ගනුදෙනුවකට උපරිම සීමාවදිනකට ගනුදෙනු සීමාව
බිල්පත් ගෙවීමේ10/-50,000/-200,000/-
අරමුදල් මාරු කිරීම10/-50,000/-200,000/-
QR ගෙවීම10/-50,000/-200,000/-
  • SmartPay, root කළ  හෝ මෘදුකාංග ආරක්ෂාවන් ඉවත් කල  උපාංගයක හෝ උපාංගය සංවර්ධක මාදිලියේ ඇති විට භාවිත කළ හැකිද?
    නැත, ආරක්ෂක අවශ්‍යතා හේතුවෙන්, එවැනි උපාංග මත යෙදුම නොගැළපේ.
  • යෙදුම කොපමණ ඉඩක් පරිභෝජනය කරයිද?
    50MB ට අඩු.
  • කිසියම් ගාස්තුවක් තිබේද?
    ඔව්, පහත දැක්වෙන්නේ සවිස්තරාත්මක සටහනයි.
සේවයගාස්තු
යෙදුම් ලියාපදිංචි ගාස්තුවනොමිලේ
වාර්ෂික සේවා ගාස්තුවනොමිලේ
බිල්පත් ගෙවීම්නොමිලේ
උපයෝගිතා බිල්පත් ගෙවීම් (Waterboard, CEB & LECO)ගනුදෙනුවකට රු. 20/-
Merchant LankaQR ගෙවීම්නොමිලේ
Fuel Merchant LankaQR ගෙවීම්ගනුදෙනුවෙන් 0.5%
රජයේ ආයතන සදහා LankaQR ගෙවීම්ගනුදෙනුවකට රු. 10/-
BOC ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්නොමිලේ
BOC ගිණුම් වෙත අරමුදල් මාරු කිරීමනොමිලේ
BOC නොවන ගිණුම් වෙත අරමුදල් මාරු කිරීමගනුදෙනුවකට රු. 30/-
SmartPay QR භාවිතයෙන් මුදල් ඉල්ලීමනොමිලේ

 

  • අමතර උපකාර සඳහා සම්බන්ධ කර ගත යුත්තේ කාවද?
    කරුණාකර පහත ක්‍රම හරහා අපගේ කණ්ඩායම අමතන්න.
    දුරකථන:- 1975 (24x 7 සම්බන්ධතා මධ්‍යස්ථාන සහාය)
    Whatsapp:- +94 77 772 1975
    විද්‍යුත් තැපෑල :- smartpay@boc.lk
     
  • මට මගේ ව්‍යාපාරය සඳහා SmartPay භාවිතා කළ හැකිද?
    ඔව් ඔබට පුළුවන්. ඔබ ඔබේ ව්‍යාපාරයේ මුදල් අයකැමි වන්නේ නම් SmartPay වෙත ගොස් යෙදුමේ “My Shop” විකල්පය භාවිතයෙන් ඉල්ලීමක් කර LankaQR පහසුකම සමඟ ලියාපදිංචි වීමට ළඟම ඇති ශාඛාවට පිවිසෙන්න.
    නැතහොත් ඔබේ ව්‍යාපාරයට මුදල් අයකැමි කවුන්ටර එකකට වඩා තිබේ නම්, කරුණාකර ආයතනික වෙළඳ පහසුකම් ලියාපදිංචි කිරීමට ළඟම ඇති ලංකා බැංකු ශාඛාව වෙත පිවිසෙන්න.
     
  • Merchant QR සමඟ සබල කර ඇති ගෙවීම් ජාල මොනවාද?
    ඔබට LankaQR ගෙවීම් සහ China UnionPay ගෙවීම් වෙතින් වෙළඳ ගෙවීම් ලබා ගත හැක.
  • වෙළඳ ගෙවීම් ඔබේ ගිණුමට ලැබෙන්නේ කෙසේද?
    එසැනින්  ඔබගේ ගිණුමට සියලුම වෙළඳ ගෙවීම් බැර  වේ.

යෙදුම බාගත කරන්න

  • Download SmartPay from Google Play Store
  • Download SmartPay from App Store
  • Download SmartPay from App Gallery