ජාතියේ මහා පහන් ටැඹ, ලංකා බැංකුව විසින් දැන් ඔබගේ විදේශ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත භාවිතයෙන් ලෝකයේ ඕනෑම රටක සිට ශ්‍රී ලංකාවට මුදල් යැවීම සදහා හොදම විසදුමක් ලෙස smart remit ජංගම යෙදුම හදුන්වා දී ඇත. ඉතා පහසු පියවර කිහිපයකින් ඔබට ඔබගේ ආදරණීයයන් වෙත ඉතා ඉක්මනින්, ආරක්ෂිතව හා කාර්යක්ෂමව මුදල් ප්‍රේෂණ කිරීමේ පහසුකම මෙම ක්‍රමවේදය තුලින් අත්විදිය හැකිය.
ඔබ විසින් Smart Remit ජංගම යෙදුම තෝරා ගත යුත්තේ ඇයි?
- සුවිශේෂී අංග රැසකින් සමන්විතව, ආරක්ෂිතව හා කාර්යක්ෂමව ප්‍රේෂණ යැවීමේ පහසුව
- ඔබ කොතැනක සිටියත් ජංගම දුරකථනය භාවිතයෙන් සෘජුව මුදල් යැවීමේ හැකියාව
- සියලුම ප්‍රේෂණ පහසුවෙන් නිරීක්ෂණය කිරීමේ හැකියාව
- හොදම විනිමය අනුපාත සහ ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව
- පළමු ගණුදෙනුකරුවන් 1000 දෙනා සදහා පමණක් ඇමරිකානු ඩොලර් 1 ක ඇතුලත් වීමේ ගාස්තු නිදහස් කිරීම
ඔබගේ ඇගිලි තුඩින් මෙම අද්වතීය අත්දැකීම විදිමින්, ශ්‍රී ලාංකීය ඔබගේ ආදරණීයයන් හා එක්වන්න. වැඩි විස්තර සදහා අපගේ විදේශීය ලංකා බැංකු නියෝජිතයින් හෝ එන ප්‍රේෂණ දෙපාර්තමේන්තුව +94 112203750-55 ඔස්සේ අමතන්න.
දැන්ම භාගත කරගන්න!