සම්ප්‍රදායික පාස්පොතේ / ජංගම ගිණුම් ප්‍රකාශනයේම ඉලෙක්ට්‍රොනික මුහුණුවරක් වන BOC Smart Passbook, ඔබේ ගිණුම් ශේෂ සහ ගනුදෙනු ඕනෑම තැනක සිට, ඕනෑම වේලාවක download කර පරීක්ෂා කිරීමේ පහසුව සලසයි.

විශේෂතා

  • ජාතික හැඳුනුම්පත සහ ජංගම දුරකථන අංකය (දේශීය/විදේශීය) සමඟින් ඔබ විසින්ම ලියාපදිංචි වීමේ හැකියාව
  • ඉතිරි කිරීමේ / ජංගම ගිණුම් ශේෂ සහ පසුගිය මාස 3ක ගනුදෙනු විස්තර පරීක්ෂා කිරීමේ හැකියාව
  • ස්ථාවර තැන්පතු, ණය පහසුකම් සහ උකස් අත්තිකාරම් පිලිබඳ විස්තර බැලීමේ හැකියාව
  • SmartGen/ ජංගම ගිණුම් සඳහා මාසික ගිණුම් ප්‍රකාශන download කිරීමේ හැකියාව 
  • අවසන් වරට ලබාගත් ශේෂයන් ගනුදෙනු, අන්තර්ජාලයට සම්බන්ධ නොවී සිටියදීත් ආකාරයෙන් බැලීමේ හැකියාව.
  • විදේශ ප්‍රේෂණ සම්බන්ධ විස්තර බැලීමේ හැකියාව (Remittance Tracker)
  • පහසුවෙන් හඳුනා ගැනීම සඳහා ගිණුම් නම් කිරීමට හැකි වීම
  • එක් ගිණුමක් ගිණුම් ලැයිස්තුවේ ඉහළින්ම බැලීමේ හැකියාව
  • සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් භාවිත කළ හැක
  • විකල්ප PIN අංකයක් මඟින් ප්‍රවේශ වීමේ හැකියාව
  • ජංගම දුරකථන වැනි උපාංග කිහිපයකින්  එකවර සම්බන්ධවීමේ හැකියාව (උපාංග 5ක් දක්වා)
     

සුදුසුකම්

  • බැංකුවේ ලියාපදිංචි වලංගු ජංගම දුරකථන අංකයක් සහිත  පුද්ගලික ගිණුම් හිමියන්.

ගාස්තු සහ අයකිරීම්

  • BOC Smart Passbook සඳහා කිසිදු ගාස්තුවක් නොමැත.


BOC Smart Passbook දැන්ම බාගත කරන්න!


වැඩිදුර තොරතුරු සඳහා ළඟම ලංකා බැංකු ශාඛාව හා සම්බන්ධ වන්න. නැතහොත් 1975 හරහා අපගේ ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.

යෙදුම බාගත කරන්න

  • Download Smart Passbook from Google Play Store
  • Download Smart Passbook from App Store
  • Download Smart Passbook from App Gallery