BOC Smart Online Banking සේවාව සමඟින් ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිට ඔබේ මුල්‍ය කටයුතු කළමනාකරණය කරන්න. එය ප්‍රයෝජනවත් සේවා රාශියකට සරල, කාර්යක්‍ෂම ප්‍රවේශය සපයන අතරම, ජාත්‍යන්තර පරිශීලකයින් සඳහා බහු භාෂා සහායද සපයයි. මෙමඟින් සැපයෙන විශේෂ සේවා අතරට ගිණුම් විමසීම, මුදල් හුවමාරු කිරීම, බිල්පත් ගෙවීම, ලංකා බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් සේවා, ඔබ කැමති පරිදි අන්තර්ජාල සේවා සැකසුම් අභිරුචිකරණය කිරීම සහ ඔබේ ලංකා බැංකු ගිණුම් කළමනාකරණය කිරීම ඇතුළත් වේ (ජංගම බ්‍රව්සරය, ජංගම යෙදුම, අන්තර්ජාලය යනාදී භාවිතා කරන අතුරු මුහුණත මත මෙම සේවාවේ උපයෝගීතාව රඳා පවතී).
ජංගම දුරකථන බැංකුකරණයේ සැබෑ වටිනාකම අත්විඳින්න
- අන්තර්ජාල බැංකුකරණයට ප්‍රවේශ වීමට හෝ ගනුදෙනු වඩාත් ආරක්ෂිතව සත්‍යාපනය කිරීමට ආරක්ෂක කේත ලබාගන්න
- ඔබගේ සියලුම දේශීය BOC ගිණුම් එක තැනකින් බලා ගැනීමේ සහ ගිණුම් ප්‍රකාශ බාගත කර ගැනීමේ පහසුව
- ඉක්මනින් සහ ආරක්ෂිතව දේශීය බැංකු වෙත කෙරෙන ගෙවීම් සඳහා නව අර්ථලාභීන් එක් කරන්න
- පියවර කිහිපයකින් ස්ථාවර තැන්පතු ගිණුමක් විවෘත කරන්න
- ඕනෑම වේලාවක, ඕනෑම තැනක ඔබට පහසු ආකාරයෙන් ඔබගේ මුරපදය යළි සකසන්න /අගුළු හරින්න
ලියාපදිංචි වීම
ලියාපදිංචි ජංගම දුරකථන අංක(ය), විද්‍යුත් තැපැල් ලිපිනය හෝ NFC පහසුකම සහිත ඩෙබිට් කාඩ්පත් හිමි පුද්ගලික ගනුදෙනුකරුවන් සඳහා ස්වයං-ලියාපදිංචි පහසුකම සහිතය.
ළඟම ඇති බැංකු ශාඛාව වෙත පිවිස ඔබේ B App අයදුම්පත ඉදිරිපත් කරන්න (තනි පුද්ගල සහ ආයතනික ගනුදෙනුකරුවන්).
විශේෂතා
ලංකා බැංකුව ඔබේ ඇඟිලි තුඩු වෙත පරිපූර්ණ මාර්ගගත බැංකු සේවාවක් ගෙන එමින් ඔබගේ නිවසේ / රැකියා ස්ථානයේ සිටම ඔබගේ ගිණුම කළමනාකරණය කිරීමට ඉඩ සලසයි.
- තමන්ගේම ගිණුමකට, තෙවන පාර්ශ්ව BOC ගිණුම් වෙත සහ වෙනත් බැංකු ගිණුම් වෙත අරමුදල් හුවමාරු කිරීම (ක්ෂණික / අනාගත වේලාවක් සඳහා නියමිත / ස්ථාවර නියෝග)
- සේවාවට පෙර ඇතුළත් කරන ලද වෙළඳ ආයතන සහ ගෙවීම්
- උපයෝගීතා බිල්පත් ගෙවීම් (ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලි පෞද්ගලික සමාගම, ජල සම්පත් මණ්ඩලය)
- ජංගම දුරකථන, CDMA, රූපවාහිනී සහ අන්තර්ජාල සේවා සම්පාදකයින් (එයාටෙල්, හච්, මොබිටෙල්, ලංකා බෙල්, ශ්‍රී ලංකා ටෙලිකොම්, ඩයලොග්)
- රජයේ දෙපාර්තමේන්තු (දේශීය ආදායම්, විභාග දෙපාර්තමේන්තුව, සේවක අර්ථසාධක අරමුදල, ආයෝජන මණ්ඩලය, සිපෙට්කෝ, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, මහාමාර්ග සහ අධිවේගී මාර්ග (අධිවේගී මාර්ග ගාස්තු top-up කිරීම්)
- ශ්‍රී ලංකන් එයාලයින්ස්
- ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය
- විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
- මුල්‍ය සමාගම් (අබාන්ස් ෆයිනෑන්ස්, AMW කැපිටල් ලීසිං, ආර්පිකෝ ෆයිනෑන්ස්, ඇසට්ලයින්, අයිඩියල් ෆයිනෑන්ස්, LB ෆයිනෑන්ස්, නේශන් ලංකා
- මුල්‍ය, සීමාසහිත ට්‍රේඩ් ෆයිනෑන්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් ආයතනය, වැලිබල් ෆිනෑන්ස්
- ශ්‍රී ලංකා වරාය අධිකාරිය (ජය බහාලුම් පර්‍යන්තයේ සහ සහ අනෙකුත් පර්‍යන්ත වල භාණ්ඩ සඳහා වන ගෙවීම්, ඇතුල්වීමේ බලපත්‍ර, යාත්‍රා සේවය, ශ්‍රී ලංකා රේගුව)
- රක්ෂණ සේවා සම්පාදකයින් (AIA ඉන්ෂුවරන්ස්, සීබෑන්ක් ඉන්ෂුවරන්ස්, සෙලින්කෝ ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, යුනියන් ඇෂුවරන්ස්
- වෙනත් ගෙවීම් (SLIIT, Trico ලොජිස්ටික්ස්, ඔරිෆ්ලේම්)
තොරතුරු සඳහා කරුණාකර 1975 හෝ +94 11 220 4444 අමතන්න. නැතහොත් info@boc.lk වෙත විද්‍යුත් තැපැල් පණිවිඩයක් එවන්න.