අපගේ බහු නාලිකා පහසුකම් යටතේ ඔබේ ප්‍රියතම සමාජ මාධ්‍ය නාලිකාව හරහා ඔබේ බැංකු අවශ්‍යතා පහසු කරලීමට අපි සූදානම්.
ලංකා බැංකු Meta බැංකුකරණ - Whatapp බැංකුකරණ සේවාව මඟින් සාමාන්‍ය සේවා සම්බන්ධ විමසීම් සහ CASA, ණය සහ ස්ථාවර තැන්පතු ශේෂය විමසීම් / සංක්ෂිප්ත ගිණුම් ප්‍රකාශ බැලීම ඇතුළු වෙනත් බොහෝ සේවාවන්වලට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ක්‍රෙඩිට් කාඩ් ශේෂය විමසීමේ, ප්‍රේෂණ වාර්තා බලාගැනීමේ සහ සජීවීව පාරිභෝගික සේවා නියෝජිතයෙකු හා සම්බන්ධ වීමේ පහසුකම් සැපයේ.
- ලංකා බැංකු ක්ෂණික ඇමතුම් අංකය (වට්ස්ඇප් අංකය) 011 220 4444 වෙත Hi ලෙස type කර යවන්න.
- 011 220 4444 අංකය, ඔබගේ සම්බන්ධතා ලැයිස්තුවට එක් කර සාකච්ඡාව ඉදිරියට කරගෙන යන්න.
- මුල සිට අග දක්වා කේතනය කරන ලද සන්නිවේදන ක්‍රියාවලිය මඟින් ඔබේ තොරතුරුවල පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව සහතික කෙරේ.
විශේෂතා සහ ප්‍රතිලාභ
- සතියේ දින 7 පුරාවටම පැය 24 මුළුල්ලේම බැංකුව හා සම්බන්ධ වීමේ හැකියාව
- ආරක්ෂිත සහ පහසු බැංකුකරණය
- මුල්‍ය තොරතුරු විමසීම් සහ අනෙකුත් සේවාවන්
- සජීවීව ගනුදෙනුකාර සහාය ලබා ගැනීමේ හැකියාව
- ඔබගේ ජාතික හැඳුනුම්පත සහ ජංගම දුරකථන අංකය (දේශීය සහ විදේශීය) මඟින් ස්වයං ලියාපදිංචිය
- ලංකා බැංකුවේ ගනුදෙනුකරුවන් නොවන යට ද මෙම පහසුකම හරහා පොලී අනුපාත, ප්‍රේෂණ විස්තර, ළඟම ඇති BOC ATM යන්ත්‍ර සහ ශාඛා සොයා ගැනීම වැනි සේවාවන් වෙත ප්‍රවේශ විය හැක.
සුදුසුකම්
- ලංකා බැංකුවේ ගනුදෙනුකරුවකු හෝ ගනුදෙනුකරුවකු නොවන ඕනෑම අයෙකුට
- ලංකා බැංකු ගනුදෙනුකරුවන්ට ගිණුම් ශේෂය / ගනුදෙනු විමසීම් පහසුකම ලබා ගත හැක
- ලංකා බැංකුවේ ගනුදෙනුකරුවන්ට නොවන අයට මෙම පහසුකම හරහා සේවා පිළිබඳ විස්තර, පොලී අනුපාත, ප්‍රේෂණ විස්තර, ළඟම ඇති ලංකා බැංකු ATM යන්ත්‍ර සහ ශාඛා සොයා ගැනීම වැනි සේවාවන් වෙත ප්‍රවේශ විය හැක.
ගාස්තු
- ලංකා බැංකු Meta බැංකුකරණය සඳහා ගාස්තු අය නොකෙරේ.
රෙගුලාසි සහ කොන්දේසි
නිතර අසන ප්‍රශ්න
