Keep your BUSINESS Moving

CFlex Corporate යනු ලංකා බැංකුව විසින් ආයතනික ගනුදෙනුකරුවන් සඳහා හඳුන්වා දී ඇති, ආරක්ෂිත සහ එකම ඩිජිටල් වේදිකාවක් හරහා ව්‍යාපාරික ගෙවීම්, එකතු කිරීම්, ආයෝජන සහ බැංකු කටයුතු පහසුවෙන් කළමනාකරණය කර ගැනීමට නිර්මාණය කරන ලද නවීනතම ආයතනික මාර්ගගත බැංකු විසඳුමකි.

ඔබ තවමත් ව්‍යාපාර ක්ෂේත්‍රයේ කුඩා ව්‍යවසායක් වුවද, විශාල සංස්ථාපිත සමාගමක් හෝ සමාගම් සමූහයක් වුවද, නවීන ව්‍යාපාරික කටයුතු ඉදිරියට ගෙන යාමට අවශ්‍ය නම්‍යශීලී බව, පාලනය සහ කාර්යක්ෂමතාව CFlex Corporate හරහා ලබා දේ.

 

CFlex Corporate තෝරාගත යුත්තේ ඇයි?

සමස්ත ආයතනික බැංකුකරණය එකම වේදිකාවක

  • 24x7 පුරා ඩිජිටල් බැංකු සේවාවන් වෙත පිවිසීමේ හැකියාව
  • ක්ෂණිකව මුදල් ගෙවීම් සිදුකිරීමට සහ ගනුදෙනුකරුවන්ගෙන් මුදල් එකතු කර ගැනීමට ඇති හැකියාව
  • අදියර කිහිපයකින් සමන්විත ආරක්ෂිත අනුමතකිරීමේ ක්‍රමවේද 
  • ආයතනික කළමනාකරණ පද්ධති (ERP) සමඟ සෘජුවම බැංකු පද්ධතිය සම්බන්ධ කරගනිමින් ගනුදෙනු කිරීමේ පහසුකම
  • ප්‍රධාන ගිණුමක් යටතේ වෙනත් Virtual ගිණුම් සකස් කර මූල්‍ය කටයුතු පහසුවෙන් කළමනාකරණය කරගත හැක
  • තැන්පතු සහ ලැබිය යුතු මුදල් ආරක්ෂිතව සහ විනිවිදභාවයකින් යුතුව කළමනාකරණය කිරීමේ එස්ක්‍රෝ පහසුකම්
  • ආයතනික පරිශීලකයන්ට අදාළ බලතල සහ සීමාවන් පාලනය කිරීමේ හැකියාව
  • අනුබද්ධ සමාගම් හෝ සමූහ ව්‍යාපාරවල බැංකු කටයුතු එකම වේදිකාවක සිදුකිරීමේ පහසුකම
  • ව්‍යාපාරික මට්ටමේ ඉතා ඉහළ සහ දැඩි දත්ත ආරක්ෂණ ක්‍රමවේද

 

cflex.boc.lk

වැඩි විස්තර සඳහා 1975  හෝ +94 11 220 4444 අංක අමතන්න, නැතහොත් Cflexsupport@boc.lk  වෙත විද්‍යුත් පණිවිඩයක් යොමු කරන්න.

ගෙවීම් හා මුදල් මාරුකිරීම්

වේගවත්. ආරක්ෂිතව. විශ්වසනීය.
ඔබගේ සියලුම ව්‍යාපාරික ගෙවීම් එකම වේදිකාවක සිදුකර ගන්න.

  • ඔබේම ගිණුම් අතර මුදල් මාරු කිරීම
  • වෙනත් පාර්ශ්වයක ගිණුමකට මුදල් මාරු කිරීම
  • එකවර ගෙවීම් රැසක් සිදුකිරීම
  • ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම් සිදුකිරීම
  • රජයේ ආයතන වෙත කරන ගෙවීම්
  • උපයෝගීතා සහ වෙළඳ සේවා ගෙවීම්
  • අර්ථසාධක අරමුදල් ගෙවීම් සිදුකිරීම

වෙනස් කළහැකි අනුමතකිරීමේ ක්‍රියාවලීන් සහ මූල්‍ය පාලන ක්‍රම සමඟින්, BOC සිට BOC, CEFTS සහ RTGS ගෙවීම් ක්‍රම ක්‍රියාත්මක කළ හැකිය.
 

එකවර ගෙවීම් රැසක් සිදුකිරීම

ගෙවීම් ගණනාවක් පහසුවෙන් සිදු කරන්න

වැටුප් ගෙවීම්, සැපයුම්කරුගේ ගෙවීම්, කොමිස්, වියදම් ප්‍රතිපූර්ණ යැවීමෙන් සහ යම් ගොනුවක් (ඡායාරූපයක්, ලේඛනයක්, වීඩියෝවක් ආදී) අන්තර්ජාලයෙන් යැවීමේ ක්‍රියාවලිය හරහා වෙනත් එකවර ගනුදෙනු ගණනාවක් සිදුකිරීම

ප්‍රතිලාභ

  • ගනුදෙනු වේගවත්ව සිදුකිරීම
  • ගනුදෙනුව සිදුකරන මොහොතේදීම ගිණුමට මුදල් බැර වීම
  • මිනිස් මැදිහත්වීමෙන් හෝ අතින් සිදුකළ යුතු වැඩකටයුතු ස්වයංක්‍රීය වීම නිසා ඒවාට දැරිය යුතු වෙහෙස හා කාලය අඩුවීම.
  • ආයතනයක හෝ පද්ධතියක දෛනික කටයුතු වඩාත් නිවැරදිව, අඩු වියදමකින් සහ වේගවත්ව සිදුකිරීමේ හැකියාව වැඩි වීම.
ස්ථාවර තැන්පතු

ඩිජිටල් ලෙස ආයෝජනය කරන්න

ශාඛාවකට නොගොස්, අන්තර්ජාලය හරහා විවිධ විදේශ මුදල් වර්ගවලින් ස්ථාවර තැන්පතු විවෘත කිරීම සහ ඒවා කළමනාකරණය කිරීම.

  • අන්තර්ජාලය හරහා ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීම
  • විවිධ මුදල් වර්ග එකවර භාවිතකිරීමේ හැකියාව
  • පහසුවෙන් කළමනාකරණය කළ හැකිවීම
  • ගනුදෙනු ආරක්ෂිතව සිදුකිරීම
     
Virtual ගිණුම්

දක්ෂ ලෙස මුදල් එකතු කර ඒ පිළිබඳ හොඳ දැනීමකින් පසුවීම

Virtual ගිණුම් කළමනාකරණය කිරීම හරහා මුදල් එකතු කිරීම සහ ගිණුම් සැසඳීම පහසු කරවීම

  • COBO (Collection on Behalf Of)
    සමාගමක ප්‍රධාන ආයතනික ගිණුමකට මුදල් ලබා ගන්නා අතරම, එක් එක් ගනුදෙනුකරුටම වෙන් වූ Virtual ගිණුම් අංක නිකුත් කිරීම
  • POBO (Payment on Behalf Of)
    අනුබද්ධ ආයතන, දෙපාර්තමේන්තු සහ සම්බන්ධිත ආයතන හරහා ගෙවීම් කටයුතු මධ්‍යගතව කළමනාකරණය කිරීම
     
අය විය යුතු මුදල් ඵලදායී ලෙස කළමනාකරණය කර ගැනීමට සහ එකතු කර ගැනීමට උපකාරී වන ක්‍රමවේදය

ගිණුම් සැසඳීම පහසු කරලීම

එකම වේදිකාවක් හරහා ඉන්වොයිසි කළමනාකරණය කිරීම, මුදල් එකතු කිරීම නිරීක්ෂණය කිරීම, ගිණුම් සැසඳීම ස්වයංක්‍රීය කිරීම සහ ලැබිය යුතු මුදල් පිළිබඳ පැහැදිලි දර්ශනයක් ලබා දීම

  • ඉන්වොයිසි කළමනාකරණය
  • ගෙවීම් ගැළපීම
  • එකතු කිරීම් නිරීක්ෂණය කිරීම
  • දැනුම්දීම් හා මතක් කිරීම්
     
Escrow කළමනාකරණය

ඩිජිටල් ව්‍යාපෘති ගෙවීම් කළමනාකරණය

සම්පූර්ණ විනිවිදභාවයකින් යුතුව ව්‍යාපෘති ගෙවීම්, අනුමත කිරීම්, ලේඛනගත කිරීම් සහ පියවීම් කළමනාකරණය කිරීම සඳහා සේවායෝජක–කොන්ත්‍රාත්කරු–බැංකු එකමුතුව (පද්ධතිය) වෙනුවෙන්ම සකස් කරන ලද ආරක්‍ෂිත ක්‍රමවේදය කි.
 

ERP සම්බන්ධතාව

ඔබේ ERP පද්ධතිය සෘජුවම ඔබේ බැංකුවට සම්බන්ධ කරන්න.

SAP සහ අනෙකුත් ERP (Enterprise Resource Planning - ව්‍යවසාය සම්පත් සැලසුම්කරණ) පද්ධති, ආරක්ෂිත API හරහා CFlex Corporate පද්ධතිය සමඟ සම්බන්ධ කිරීම
පවත්නා සේවා:

  • API ශේෂ විමසීම
  • API ගිණුම් ප්‍රකාශන ඉල්ලීම්
  • API ගෙවීම් සිදුකිරීම
  • API ගනුදෙනු තත්ත්වය විමසීම

වැඩ කටයුතුවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා මිනිස් මැදිහත් වීම ඉවත් කර, මුල සිට අගටම ස්වයංක්‍රීයව සිදු කෙරෙන සැකසුම් ක්‍රමවේදයක් (STP) ක්‍රියාත්මක කරන්න.
 

ආයතනික පරිපාලනය

වඩා උසස් පාලනයක් හරහා යහපාලනයක් 

ඔබ ආයතනයේ මෙහෙයුම් අවශ්‍යතාවලට ගැළපෙන පරිදි පරිශීලක භූමිකා, අනුමතකිරීමේ ක්‍රියාවලි, ගනුදෙනු සීමා සහ ප්‍රවේශ පාලන සකස් කරගන්න.

  • පරිශීලක කළමනාකරණය
  • තනතුරු/කාර්යභාරය මත පදනම් වූ ප්‍රවේශය
  • නිර්මාණය කරන්නා සහ පරීක්ෂා කරන්නාගේ පාලන ක්‍රමය
  • මුරපද කළමනාකරණය
  • ගනුදෙනු සීමා කළමනාකරණය
     
සමූහ ව්‍යාපාර

එක් වරක් පිවිසීමෙන් ව්‍යාපාර ගණනාවක් 

එක් එක් සමාගම් සඳහා වෙන වෙනම පාලන ක්‍රම සහ අනුමත කිරීමේ ව්‍යුහයන් පවත්වා ගනිමින්, එකම පිවිසුමකින් අනුමත ආයතන හෝ සමාගම් එකකට වඩා වැඩි ප්‍රමාණයක් කළමනාකරණය කිරීම
 

ණය තොරතුරු

දැනුවත් වන්න

ණය ගිණුම්, ඒවා පියවීමේ කාලසටහන් සහ අනෙකුත් මූල්‍ය පහසුකම් යන සියල්ලම එකම තැනකින් (Centralized Dashboard මඟින්) බලාගැනීමට සහ පාලනය කිරීමට හැකිවීම.
 

ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත විශේෂාංග

II වන අදියරේ කටයුතු

  • ටෙලිග්‍රැෆික් මුදල් මාරුකිරීම්
  • ද්‍රවශීලතා කළමනාකරණය
  • මුදල් ප්‍රවාහ කළමනාකරණය
     
FAQ

What is CFlex Corporate?

CFlex Corporate is a comprehensive digital banking platform designed to help businesses manage payments, collections, accounts, approvals, and financial operations through one secure platform.

Why should my company use CFlex Corporate?

CFlex Corporate provides 24x7 digital banking access, secure payment processing, multi-level authorization, ERP connectivity, virtual accounts, receivable management, and corporate administration controls in one platform.

What types of payments can I make through CFlex Corporate?

You can manage own-account transfers, third-party transfers, bulk payments, credit card payments, government payments, utility and merchant  payments, and ETF payments.

Which payment methods are supported?

CFlex Corporate supports BOC-to-BOC, BOC-to-Other Bank, and RTGS payment methods, with configurable authorization workflows and transaction controls.

Can I process bulk payments?

Yes. You can upload files to process salary payments, supplier payments, commissions, reimbursements, and other bulk transactions efficiently.

What are the benefits of Bulk Payments?

Bulk Payments help reduce manual work, speed up processing, improve operational efficiency, and enable faster crediting of payments.

Can I open Fixed Deposits online?

Yes. CFlex Corporate allows you to place and manage Fixed Deposits digitally, including across multiple currencies, without visiting a branch.

What are Virtual Accounts?

Virtual Accounts provide dedicated account numbers to simplify collections, improve payment identification, and support efficient reconciliation.

  • COBO (Collection on Behalf Of):
    Allows a company to issue dedicated virtual account numbers to customers while receiving the funds into a centralized corporate account.
  • POBO (Payment on Behalf Of):
    Enables centralized payment management across subsidiaries, departments, and affiliated entities.

How does CFlex Corporate help with receivables?

The Receivable Management Solution (RMS) helps manage invoices, monitor collections, match payments, automate reconciliation, and improve visibility of outstanding receivables.

What is Escrow Management?

Escrow Management provides a secure digital platform for managing project payments, approvals, documentation, and settlements between employers, contractors, and the bank with greater transparency.

Can CFlex Corporate connect with my ERP system?

Yes. CFlex Corporate can integrate with SAP and other ERP platforms through secure APIs, supporting automated banking processes.

What ERP services are available?

Available services include Balance Inquiry, Statement Request, Payment Initiation, and Transaction Status Inquiry APIs, enabling Straight-Through Processing (STP).

How does Corporate Administration work?

Corporate administrators can manage users, roles, approval workflows, transaction limits, passwords, and access controls according to the organization’s requirements.

Does CFlex Corporate support Maker-Checker controls?

Yes. Organizations can configure Maker-Checker workflows and approval structures to strengthen transaction controls and governance.

Can I manage multiple companies through CFlex Corporate?

Yes. The Group of Companies feature allows authorized users to manage multiple businesses through a single login, while maintaining separate controls and approval structures for each company.

Can I view my company’s loans through CFlex Corporate?

Yes. Loan View provides centralized visibility of loan accounts, repayment schedules, and financing facilities.

Is CFlex Corporate secure?

Yes. CFlex Corporate is designed with enterprise-grade security, role-based access, authorization controls, transaction limits, and secure digital banking processes.

What features are planned for Phase II?

Phase II enhancements include:
- Telegraphic Transfers
- Liquidity Management
- Cash Flow Management

Can CFlex Corporate be used outside normal banking hours?

Yes. CFlex Corporate provides 24x7 digital banking access, subject to applicable service availability and processing rules.

How does CFlex Corporate improve business efficiency?

CFlex Corporate reduces manual processes, centralizes financial operations, enables automated payments and reconciliation, and provides better control and visibility across business banking activities.