ලංකා බැංකු කාඩ්පත් රහිත මුදල් ආපසු ගැනීමේ පහසුකම හරහා ඉතා පහසුවෙන් මුදල් ආපසු ගැනීමේ හැකියාව සැලසෙන අතරම, එමඟින් තෙවන පාර්ශව වෙත කෙරෙන ගෙවීම් සඳහාද පහසුකම් සැලසේ. බැංකුව විසින් නිකුත් කරන ලද ඩෙබිට් කාඩ්පත ඔබ අත නොමැති හදිසි අවස්ථාවකදී සහ වෙනත් තීරණාත්මක අවස්ථාවකදී මෙම පහසුකම අතිශය ප්‍රයෝජනවත් විය හැක.
මෙම සේවාව ලඟම ඇති ලංකා බැංකු ශාඛාව වෙත ගොස් සක්‍රිය කර ගත හැකිය.
ප්‍රතිලාභ
- ඕනෑම දිනක ඕනෑම වේලාවක මුදල් ලබා ගත හැක (24 x 7 සේවාව)
- ගනුදෙනු ආරක්ෂිත වන අතර, මෙමඟින් බැංකුකරණය පහසු කෙරේ
- තමා විසින්ම සිදුකරන මුදල් ආපසු ගැනීම් සඳහා ඩෙබිට් කාඩ්පත අවශ්‍ය නොවේ
- අර්ථලාභින්ගේ ගිණුම් අංකය නොමැතිව ගෙවීම් කළ හැකිය
- හදිසි අවශ්‍යතා ඇති ඥාතියෙකුට හෝ දරුවන්ට ක්ෂිණිකව මුදල් නිකුත් කළ හැකිය
- අර්ථලාභියා පැමිණීම අවශ්‍ය නොවේ. තෙවන පාර්ශවීය ගනුදෙනු දිනක (පැය 24) කාලයක් සඳහා වලංගු වේ.
- ලංකා බැංකු නොවන ගනුදෙනුකරුවන් පවා ගනුදෙනු යතුර (T- Key) භාවිතයෙන් ගනුදෙනු කළ හැකිය.
සුදුසුකම්
- ලංකා බැංකු ගනුදෙනුකරුවන් (පුද්ගලික ගිණුම් හිමියන්) - කාඩ්පත් රහිත මුදල් ආපසු ගැනීම් සිදු කිරීමේ හැකියාව සහ මුදල් යැවීමට T-Key උත්පාදනය කිරීමේ හැකියාව
- T-Key ලබන අර්ථලභියාට ලංකා බැංකු ATM/CRM වලින් මුදල් ලබා ගත හැක.
ආපසු ගැනීම් සිදු කළ හැකි ආකාර
- ගිණුම් හිමියා විසින්ම සිදුකරන කාඩ්පත් රහිත මුදල් ආපසු ගැනීම්
- ලංකා බැංකු ගනුදෙනුකරුවන්ට සේවාවට ලියාපදිංචි වීමෙන් පසු ඩෙබිට් කාඩ්පතක් නොමැතිව ඕනෑම BOC ATM / CRM වලින් මුදල් ලබා ගත හැක
- ගනුදෙනු යතුර (T- Key) භාවිතයෙන් වෙනත් ඕනෑම පුද්ගලයෙකුට මුදල් යැවිය හැක
- ලංකා බැංකු ගනුදෙනුකරුවෙකුට ඕනෑම ATM යන්ත්‍රයකින්/CRM එකකින් තම ඩෙබිට් කාඩ්පත භාවිතයෙන් T-Key එකක් උත්පාදනය කර, එය වෙනත් ඕනෑම පුද්ගලයෙකුගේ ජංගම දුරකථන අංකයකට යැවිය හැක
- ගනුදෙනු යතුර (T- Key) භාවිතයෙන් වෙනත් ඕනෑම පුද්ගලයෙකුගෙන් මුදල් ලබා ගත හැක
- T- Keyහි වලංගු කාල සීමාව තුළ T- Key ලැබුනු අර්ථලාභීන්ට ඕනෑම ලංකා බැංකු ATM/CRM යන්ත්‍රයකින් මුදල් ලබා ගත හැක
ගනුදෙනු සීමාවන්
- තමන්ගේම ගිණුමෙන් මුදල් ආපසු ගැනීම
- උපරිම දෛනික ගනුදෙනු සීමාව: රු. 100,000/-
- දිනක් සඳහා සම්පූර්ණ ගනුදෙනු සීමාව: රු. 100,000/-
- දිනකට මුදල් ආපසු ගැනීම් ගණන: 05 වතාවක්
ගනුදෙනු යතුර (T-Key)
- පැය 24ක වලංගුභාවය
- උපරිම දෛනික ගනුදෙනු සීමාව: රු. 25,000/-
- දිනක් සඳහා සම්පූර්ණ ගනුදෙනු සීමාව: රු. 25,000/-
- දිනකට මුදල් ආපසු ගැනීම් ගණන: 03 වතාවක්
ගාස්තු සහ අය කිරීම්
- තමන්ගේම ගිණුමකින් මුදල් ආපසු ගැනීම (කාඩ්පත් රහිත) රු.5/-
- T-Key එකක් භාවිතයෙන් මුදල් ආපසු ගැනීම රු.30/-
කාඩ්පත් රහිතව මුදල් ආපසු ගැනීමේ නියමයන් සහ කොන්දේසි »
කාඩ්පත් රහිතව මුදල් ආපසු ගැනීමේ අයදුම්පත »