ඔබ කොතැනක සිටියත්, ඔබගේ බැංකු කටයුතු පහසුවෙන් සහ ආරක්ෂිතව සිදු කර ගැනීමට පහසුම ක්‍රමය ලංකා බැංකුවේ ජංගම යෙදුමයි. ඔබගේ සියලුම ගිණුම් වෙත ප්‍රවේශ වීමට, ඔබේ බිල්පත් ගෙවීමට සහ සුරක්ෂිත කේතන පහසුකම් සහිතව අරමුදල් හුවමාරු කිරීම සඳහා අධිවේගී බැංකුකරණ පහසුකම් අත්විඳීමට B App යෙදුම භාවිතා කරන්න. ස්වයං-ලියාපදිංචිය හරහා ඔබගේ යෙදුම සක්‍රීය කරන්න (ජංගම දුරකථන අංකය සහ විද්‍යුත් තැපෑල පෙර ලියාපදිංචි කර තිබීම අවශ්‍ය වේ); නැතහොත් ඔබ සතුව NFC පහසුකම සහිත කළ ඩෙබිට් කාඩ්පතක් තිබිය යුතුය. ළඟම ඇති ලංකා බැංකු ශාඛාව වෙත පිවිසීමෙන්ද ඔබේ B App යෙදුම් අයදුම්පත ඉදිරිපත් කළ හැකිය.

විශේෂතා

  • ශේෂ විමසීම් (ජංගම ගිණුම් / ඉතුරුම් ගිණුම් / ණය)
  • පෙර ගනුදෙනු පිරික්සීම සහ ගිණුම් ප්‍රකාශ බාගත කිරීම
  • බිල්පත් ගෙවීම් සිදු කළ යුතු පාර්ශව සහ තෙවන පාර්ශව ගිණුම් එකතු කරන්න
  • තමන්ගේම ගිණුමකට, තෙවන පාර්ශව BOC ගිණුම් වෙත සහ වෙනත් බැංකු ගිණුම් වෙත අරමුදල් හුවමාරු කිරීම (ක්ෂණික / අනාගත වේලාවක් සඳහා නියමිත / ස්ථාවර නියෝග)
  • බිල්පත් ගෙවීම් (ක්ෂණික / අනාගත වේලාවක් සඳහා නියමිත / ස්ථාවර නියෝග)
  • තෝරාගත් බිල්පත් ගෙවීම් සිදු කළ යුතු පාර්ශව සඳහා බිල්පත් ශේෂ පිරික්සුම (බිල් අංකය ඇතුළත් කළ පසු ගෙවිය යුතු බිල්පත් මුදල පෙන්වනු ඇත)
  • ක්‍රෙඩිට් කාඩ් ගෙවීම් (බැංකු සහ බැංකු නොවන ක්‍රෙඩිට් කාඩ්පත්)
  • ශේෂය විමසීම
  • ගිණුම් ප්‍රකාශ බාගත කිරීම
  • අන්තර්ජාලය හරහා චෙක් පොත් ඉල්ලුම් කිරීම
  • චෙක්පත් ගෙවීම් නැවැත්වීම
  • ආරක්ෂිත විද්‍යුත් තැපෑල හරහා බැංකුව සමඟ සන්නිවේදනය කරන්න
  • ගනුදෙනු සඳහා මුරපදයක් අවශ්‍ය නොවේ. ආරක්ෂිත OTP (One Time Password) පහසුකම
  • පරිශීලක ගිණුම ස්වයං අගුළු හැරීමේ පහසුව සහ මුරපදය අමතක වී ඇති විටෙක පහසුවෙන් යථා තත්ත්වයට පත් කරගැනීමේ පහසුව
  • Android, iOS සහ Huawei App Gallery මෙහෙයුම් පද්ධති සඳහා යෙදුම් පවතී

BOC B App උපදෙස් වීඩියෝව

 

යෙදුම බාගත කරන්න

  • Download B App ජංගම යෙදුම from Google Play Store
  • Download B App ජංගම යෙදුම from App Store
  • Download B App ජංගම යෙදුම from App Gallery