BOC වෙතින් මුළු දිවයිනටම QR වැස්සක්!

June 24, 2026

BOC Articles - BOC වෙතින් මුළු දිවයිනටම QR වැස්සක්!

 

ලංකා බැංකුව විසින් දිවයින පුරා 9,000 කට අධික සිය කාර්ය මණ්ඩල සාමාජික සාමාජික වන් සමඟ එක් ව QR යන ගෙවීම් සේවා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් පසු ගිය දා දියත් කෙරිණි. ගෙවීම් කටයුතු සිදු කිරීමට හා ලබා ගැනීමට පහසු, වේගවත් මෙන් ම ආරක්ෂිත විසඳුම් සපයන BOC Flex සහ Lanka QR සේවා මඟින් ගනුදෙනුකරුවන් සහ ව්‍යාපාර භෞතික වශයෙන් මුදල් භාවිතයෙන් තොර ඩිජිටල් ගනුදෙනු ක්‍රම වේද වෙත යොමු කරවීමට කටයුතු කරන අතර, මෙමඟින් වඩා ප්‍රශස්ත ඩිජිටල් අනාගතයක් වෙත ශ්‍රී ලාංකේය ජාතිය ගෙන යාම ලංකා බැංකුවේ අරමුණයි.