BOC Premier ශාඛා සංකල්පය - ශාඛා මෙහෙයුම් නියෝජ්‍ය මහා කළමනාකරු, ප්‍රියල් සිල්වා මහතා සමඟ විශේෂ සංවාද සටහන

August 18, 2025

BOC Articles - BOC Premier ශාඛා සංකල්පය - ශාඛා මෙහෙයුම් නියෝජ්‍ය මහා කළමනාකරු, ප්‍රියල් සිල්වා මහතා සමඟ විශේෂ සංවාද සටහන

ශාඛා මෙහෙයුම් නියෝජ්‍ය මහා කළමනාකරු, ප්‍රියල් සිල්වා මහතා සමඟ විශේෂ සංවාද සටහන 

ශ්‍රී ලංකාවේ අංක 01 රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුව, ගනුදෙනුකාර අවශ්‍යතා හා තත්වයන්ට ගැළපෙන ලෙස නවීකරණය වේ. එහි නවතම පියවරක් වන්නේ ඉහළ ආදායම් ලබන හා ගනුදෙනු හසූරවන ගනුදෙනුකරුවන් වෙනුවෙන් සෑදූ Premier ශාඛා සංකල්පයයි.

මෙම සංකල්පය පිළිබඳව වැඩිදුරටත් දැනගැනීම සඳහා, 660කට අධික ශාඛා ජාලයක් මෙහෙයවන ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු ප්‍රියල් සිල්වා මහතා අප සමඟ විශේෂ සංවාදයකට එක්වෙමින්, ඔහුගේ අදහස් මෙලෙස දැක්වූවා.

 


 

ප්‍රශ්නය: Premier ශාඛා සංකල්පය ආරම්භ කිරීමට ලංකා බැංකුව යොමු වූයේ කුමන හේතුවක් නිසාද?

පිළිතුර: වසර ගණනාවක් පුරා අපගේ ඉහළ ආදායම් ලබන සහ ඉහල ධාරිතාවක ගනුදෙනු හසුරුවන ගනුදෙනුකරුවන් වෙනුවෙන්ම පුද්ගලිකව සැලසුම් කරන ලද  වේගවත් සහ එලදායී ගනුදෙනුකාර සේවාවක් අපේක්ෂාවෙන් සිටියා. කොළඹ Premier ශාඛාවක් දැන් දශකයකට අධික කාලයක සිට පවතින නමුත්, එම අත්දැකීම දිවයින පුරා ගනුදෙනුකරුවන්ට ලබා දීම අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු ඉහල කළමණාකරීත්වයේ තීරණය වුණා. ඒ නිසාවෙන්ම, නව සංකල්පයක් ලෙස Premier ශාඛා පලාත් මට්ටමින් ආරම්භ කිරීමට අප පියවර ගත්තා.

 


 

ප්‍රශ්නය: මෙය සාමන්‍ය ශාඛාවකින් වෙනස් වන්නේ කෙසේද?

පිළිතුර: මෙය සාමන්‍ය බැංකු අත්දැකීමක් නොවෙයි. මෙහි වටපිටාව, ගනුදෙනුකාර සේවාව, සහ සේවා පහසුකම් වඩාත් නම්‍යශීලී මෙන්ම ගුණාත්මකභාවයෙන් ඉහළ අයුරකින් සැලසුම් කරලා තියෙනවා. ගනුදෙනුකරුවන් හට ශාඛාවට පිවිසෙන පළමු මොහොතේ සිටම එම වෙනස සමගින් ඔවුන්ට ලබා දෙන වටිනාකම දැනෙන්න ඕන. ගාල්ල ශාඛාව, එහි ඓතිහාසික නගර සැලැස්මට අනුගත වෙමින් ගාල්ල කොටුව පරිශ්‍රය තුළ හැඩගැන්වුණා. මහනුවර ශාඛාව නම් "කන්ද උඩරට" අභිමානය හා සම්ප්‍රදාය  මුල් කරගනිමින් සැලසුම් කරලා තියෙනවා.

 


 

 

 

ප්‍රශ්නය: මේ වනවිට ක්‍රියාත්මක Premier ශාඛාවන් ගැන සදහන් කරනවා නම්,

පිළිතුර: ආයතනික ශාඛාව යටතේ ක්‍රියාත්මක වන කොළඹ නගරයේ පිහිටි Premier ශාඛාව හැරුණු කොට, ගාල්ල සහ කුරුණෑගල නගරවල Premier ශාඛා දෙකක් ක්‍රියාත්මක වෙනවා. එම ශාඛා පිළිබඳව ගනුදෙනුකරුවන්ගෙන් ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන්ම ජුලි මස 29 වෙනිදා මහනුවර නගරයේ අපගේ නවතම Premier ශාඛාව විවෘත කරනු ලැබුවා.

 


 

ප්‍රශ්නය: මෙම සේවාව ලබාදෙන්නේ කා සඳහාද?

පිළිතුර: මෙය නිර්දේශ වන්නේ ඉහළ ආදායම් ලබන හා ඉහළ ගනුදෙනු හසූරවන ගනුදෙනුකරුවන් සඳහායි. ව්‍යාපාරිකයන්, වෘත්තීයවේදීන්, ආයෝජකයන්, විශේෂයෙන්ම පුද්ගලික බැංකුකරණ අභිලාෂයන් සහිත ගනුදෙනුකරුවන්ට මෙය වටිනවා. ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට සරිලන ආකාරයට සැකසුණු සේවාවක් මෙහිදී ඔවුන්ට ලබාදෙනවා.

 


 

ප්‍රශ්නය: මෙම සේවාව ලබාගැනීමට සුදුසුකම් තිබෙනවද?

පිළිතුර: ඒ වෙනුවෙන් වෙන්වූ නිර්ණායක තිබෙනවා. මූලිකවම විශාල ව්‍යාපාරික ගනුදෙනු, විස්තීරණ බැංකු සේවා විසදුම් අවැසි අය, විදේශ ගනුදෙනු සම්බන්ධතා ඇති අය, ආයෝජන බැංකු සේවා වෙනුවෙන් මෙය කදිම විසදුමක්. 

 


 

ප්‍රශ්නය: මෙහි විශේෂිත සේවාවන් මොනවාද?

පිළිතුර: ගනුදෙනුකරුවන්ට ම වෙන්වූ ගනුදෙනුකාර සබඳතා නිළධාරීන් මෙහි සේවාව ලබා දීම සදහා යොදවා තිබෙනවා. ගනුදෙනුකාර සේවාව සඳහා ම  වෙන්වූ පුද්ගලික සාකච්ඡා අවකාශ, ‘Prestige Plus’ සහ ‘Premier’ ජංගම ගිණුම්, විශේෂ ‘Black debit’/ credit කාඩ්පත්, ආනයන අපනයන ව්‍යාපාර සඳහා විස්තීරණ මූල්‍ය පහසුකම්, උපදේශන සේවා, ආයෝජන සැලසුම්, විදේශ මුදල් සේවාවන්, සහ තවත් බොහෝ දෑ හිමි වෙනවා. 

 


 

ප්‍රශ්නය: ඩිජිටල් පහසුකම් පිළිබඳව කියනවා නම්,

පිළිතුර: ඔව්. අපගේ BOC Flex AppSmart Passbook App වැනි ජංගම බැංකුකරණ මෙවලම්, තත්කාලීන මුදල් හුවමාරු පහසුකම් සහ අනෙකුත් නවීන ඩිජිටල් බැංකුකරණ පහසුකම් පූර්ණ ලෙසම ලැබෙනවා. ඒ මෙන්ම ඇමතුම් මධ්‍යස්ථාන ප්‍රමුඛතා සහ විශේෂිත අයකැමි සේවාවක් ද ක්‍රියාත්මක වෙනවා.

 

 

 


 

ප්‍රශ්නය: Premier ශාඛා පිළිබඳ ගනුදෙනුකාර ප්‍රතිචාර මොනවද?

පිළිතුර: ඉතාමත් හොඳයි. "මේක තමයි අපි බලාපොරොත්තු වූ සේවාව" කියන වගේ ප්‍රතිචාර අපිට අහන්න ලැබෙනවා. වේගවත්, ආරක්ෂාකාරී, පුද්ගලානුබද්ධ සේවාවක් ලෙස හදුන්වන්න පුලුවන්.

 


 

ප්‍රශ්නය: මෙම සංකල්පය ක්‍රියාත්මක කිරීමට පැවති භූමිකාව පිළිබඳව ඔබගේ හැඟීම?

පිළිතුර: මේ සංකල්පය යථාර්ථයක් වීම ගැන මම ඉමහත් සතුටට පත් වෙනවා. විවිධ අංශවලින් ලබාගත් පරිචය සහ අවබෝධය සමඟින්, අපගේ ගනුදෙනුකරුවන්ට සැබෑවටම වටින සේවාවක් සැලසීමට අපට හැකි වුණා. මේක සාමාන්‍ය ශාඛාවක් නෙවෙයි. මෙය ලංකා බැංකුවේ ගනුදෙනුකාර සේවාව වෙනුවෙන් ඉදිරියට ගිය විශාල පියවරක්.

 


 

ප්‍රශ්නය: අවසාන වශයෙන් Premier ශාඛා ගැන ඔබට දෙන්න තිබෙන පණිවුඩය කුමක් ද?

පිළිතුර: ඔබ ඉහළ ආදායම් ලබන වෘත්තීයවේදියෙකු, ව්‍යාවසායකයෙකු, හෝ ගනුදෙනුකරුවෙකු නම් ඔබේම පලාතෙහි ස්ථාපනය  කර ඇති ලංකා බැංකුවේ Premier ශාඛාවට පිවිසෙන්න. ඔබට නවීන බැංකුකරණයක ආරම්භය දැනෙනු ඇත.

ඔබගේම Premier බැංකු අත්දැකීම අරඹන්න, ලංකා බැංකුව සමගින් එක් වන ලෙස පාඨක ඔබ සැමට ආරාධනා කරමි.