ඔබට ගොඩනැගෙන්නට මඟ පෙන්වන මහා පහන් ටැඹ

December 16, 2025

BOC Articles - ඔබට ගොඩනැගෙන්නට මඟ පෙන්වන මහා පහන් ටැඹ

 

මූල්‍ය ක්ෂේත්‍රයේ පෙරගමන්කරු, ජාතියේ මහා පහන් ටැඹ - ලංකා බැංකුව වාණිජ පරමාර්ථ වලින් ඔබ්බට යමින් ශ්‍රී ලාංකේය ව්‍යවසායන් නැවතගොඩනැංවීමේ ජාතික අවශ්‍යතාවය සපුරාලීමේ අරමුණ පෙරදැරිව, 'දිට්වා' සුළිකුණාටුවෙන් බළපෑමට ලක්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, නැවත සවිබල ගැන්වීම සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සලකා බැලීමට කටයුතු යොදා ඇති බව දන්වා සිටිමු.

මේ යටතේ 3% ක සහනදායී වාර්ෂික පොලී අනුපාතයක් යටතේ එම ව්‍යාපාර නැවත ගොඩනැංවීමට අවශ්‍ය කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා මූල්‍ය පහසුකම් ලබාදීමට සූදානම් බව වැඩිදුරටත් අවධාරණය කර සිටිමු.

වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා ළඟම ඇති ලංකා බැංකු ශාඛාව වෙත පිවිසෙන්න

Related Article : We Are Ready! Let's Unite and Rebuild!