සුදුසුකම් නිර්ණායක

  • ලංකා බැංකුවේ පෞද්ගලික  විදේශ මුදල් ගිණුමක් (PFCA) පවත්වාගෙන යන විගමනික සේවකයින්.
  • විගමනික සේවකයාගේ PFCA හෝ දේශීය මුදල් ඉතුරුම් ගිණුමට අවම වශයෙන් නිත්‍ය ප්‍රේෂණ 3ක් ලැබිය යුතුය.
  • වයස අවුරුදු 18-60 අතර පුද්ගලයින් සුදුසුකම් ලබන අතර, ණය ගැනුම්කරුගේ වයස අවුරුදු 60 ඉක්මවීමට පෙර ණය මුදල සම්පූර්ණයෙන් අයකර ගත යුතුය.
  • වලංගු වීසා බලපත්‍රයක් හෝ වලංගු රැකියා කොන්ත්‍රාත්තුවක් තිබිය යුතුය.
  • නිරවුල් CRIB වාර්තාවක් තිබිය යුතුය.

අරමුණ

  • බැංකුවට නීත්‍යානුකූලව පිළිගත හැකි ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන ඕනෑ ම කටයුත්තක් සඳහා යොදා ගත හැකිය.
  • ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින ණය ගැනුම්කරුගේ ආසන්නතම පවුලේ සාමාජිකයන්ගේ වත්මන් ගනුදෙනු සම්බන්ධයෙන් ගෙවීම් සිදු කෙරෙයි.
ණය මුදල, ආපසු ගෙවීම සහ අවශ්‍ය ඇපකරය

ණය ප්‍රමාණය

  • උපරිම මුදල : රුපියල් 2,500,000

ආපසු ගෙවීම 

  • වීසා කාලය/ රැකියා කොන්ත්‍රාත්තු කාලය තුළ උපරිම වසර 03 යි.

සුරැකුම්

  • බැංකුවට පිළිගත හැකි පුද්ගල ඇපකරුවන් දෙදෙනෙක්.
    I. පළමු ඇපකරු විගමණික සේවකයෙකු විය යුතු අතර, ඔහු ණය ගැනුම්කරුට සමාන ණය ආපසු ගෙවීමේ හැකියාවක් සහිත විය යුතුය.
    II. දෙවන ඇපකරු ශ්‍රී ලංකාවේ පදිංචි අයෙකු විය යුතු අතර, ඔහු බැංකුවට පිළිගත හැකි සහ ණය ගැනුම්කරුගේ ආසන්නතම පවුලේ සාමාජිකයෙකු හෝ සහෝදර සහෝදරියක් හෝ විය යුතුය.
  • පිළිගත හැකි රක්ෂණ ආයතනයක් වෙතින් උකස් සුරැකුම් ජිවිත රක්ෂණයක් ලබා ගත යුතුය.
  • ණය ගැනුම්කරුගේ, මාසික වාරිකය ගෙවීම සඳහා එකඟතා ලිපිය. 

For any assistance 

Foreign Circle
International Customer Service Support Unit

+94 11 220 3859
+94 11 220 3860
+94 11 220 3886
+94 11 220 3887

 
+94 707 203203
+94 707 204204
+94 707 205205

fc@boc.lk