පුද්ගලික විදේශ මුදල් ගිණුමක් (PFCA) පහත සඳහන් විදේශ මුදල් ඒකක යටතේ ඉතුරුම්, ස්ථාවර තැන්පතු හෝ ජංගම ගිණුමක් (චෙක්පත් පහසුකම නොමැතිව) ආකාරයෙන් විවෘත කළ හැකිය.
USD - ඇමරිකානු ඩොලර්
GBP - බ්‍රිතාන්‍ය පවුම්
EUR - යුරෝ
JPY - ජපාන යෙන්
AUD - ඕස්ට්‍රේලියානුඩොලර්
CHF - ස්විස් ෆ්‍රෑන්ක්
CAD - කැනේඩියානු ඩොලර්
SGD - සිංගප්පූරු ඩොලර්
NZD - නවසීලන්ත ඩොලර්
CNY - චීන රෙන්මින්බි
- මූලික තැන්පතුවක් අවශ්‍ය නොවේ.
- අවම ශේෂයක් නොමැත.
- සේවා ගාස්තු නොමැත.
- ස්ථාවර තැන්පතු සඳහා :
» අවම තැන්පතු වටිනාකම ඇමරිකානු ඩොලර් 1000/- ක් හෝ වෙනත් මුදල් ඒකකයකින් ඒ හා සමාන මුදලක්.
» ඉතිරිකිරීමේ සහ ජංගම පුද්ගලික විදේශ මුදල් ගිණුම් පවත්වාගෙන යන ගනුදෙනුකරුවන් සඳහා පමණක් ස්ථාවර තැන්පතු විවෘත කරනු ලැබේ
» ස්ථාවර තැන්පතු විවෘත කිරීම සහ ගිණුම් වැසීම සඳහා අරමුදල් මාරු කිරීම සිදු කළ යුත්තේ ඉතිරිකිරීමේ හෝ ජංගම පුද්ගලික විදේශ මුදල් ගිණුම් හරහා පමණි.
» වසරක කාලසීමාවක් සඳහා විවෘත කරන ලද ස්ථාවර තැන්පතු සඳහා පොලිය, මූලික තැන්පතු ශේෂය මත දෛනිකව ගණනය කර වාර්ෂිකව බැර කරනු ලැබේ. මෙසේ එකතු වන පොලිය, තැන්පතු කළ දිනයේ සිට වාර්ෂික පදනම මත මූලික තැන්පතු මුදලට එකතු කරනු ලැබේ.
- ජංගම ගිණුම් සඳහා
» චෙක් පොත් සහ අයිරා පහසුකම් (OD) ලබා දෙනු නොලැබේ.
- PFC Minor Savings
» සියලුම බාලවයස්කාර ඉතුරුම් ගිණුම් සඳහා පොලිය, සෑම දිනකම දවස අවසානයේ පවතින ශේෂය මත ගණනය වන අතර, සෑම මසකම අවසන් වැඩකරන දිනයේදී එම පොලිය ගිණුමට බැර කරනු ලැබේ. විදේශ මුදල් ගිණුම් සඳහා ගෙවිය යුතු අවම මාසික පොලිය, අදාළ මුදල් ඒකකයෙන් 0.10 කි.
පොලී අනුපාත
For any assistance
Foreign Circle
International Customer Service Support Unit
+94 11 220 3859
+94 11 220 3860
+94 11 220 3886
+94 11 220 3887
+94 707 203203
+94 707 204204
+94 707 205205
sda@boc.lk