ප්‍රාග්ධන ගනුදෙනු රුපියල් ගිණුම (CTRA) විවෘත කිරීමේ අරමුණු

  • සංක්‍රමණික දීමනාව සහ විදේශයන්හි වර්තන ආදායම ඉල්ලා සිටීමට.
  • සුදුසුකම් ලත් පුද්ගලයින්ට සංක්‍රමණික දීමනාව ඉල්ලා සිටිය හැක්කේ ශ්‍රී ලංකාවෙන් පිට වන අවස්ථාවේදී (මුල දී හෝ පසුව) හෝ විගමනිකයා ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචිව සිටින අවස්ථාවේදී පමණි.
  • සුදුසුකම් ලත් බාලවයස්කරුවෙකුට CTRA විවෘත කළ හැකිය. කෙසේ වෙතත්, ඔහු/ඇයට මුදල් පිටරටට ගෙන යාම සඳහා සුදුසුකම් ලබන්නේ වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසුව පමණි.

 

විශේෂාංග

  • CTRA ගිණුමක්  ශ්‍රී ලංකා රුපියල්වලින් ඉතුරුම් හෝ ජංගම ගිණුමක් ආකාරයෙන් විවෘත කර පවත්වාගෙන යා හැකිය.
  • CTRA ජංගම ගිණුම් චෙක් පොතක් සමඟ ඇරඹිය හැකි නමුත් අයිරා පහසුකම ලබා නොදේ.
  • සුදුසුකම් ලත් පුද්ගලයින්ට බැංකු පද්ධතිය තුළ විවෘත කළ හැක්කේ එක් CTRA ගිණුමක් පමණි.
  • සුදුසුකම් ලත් පුද්ගලයන්ට තනි ගිණුමක් ලෙස CTRA ගිණුම පවත්වා ගත හැකිය.
  • සුදුසුකම් සහිත බාලවයස්කරුවන්  (වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින්) වෙනුවෙන් CTRA ගිණුමක් විවෘත කළ හැක්කේ ඔහුගේ හෝ ඇයගේ ස්වාභාවික හෝ නීත්‍යානුකූලව පත් කරන ලද භාරකරුට පමණි.
  • මූලික තැන්පතු සහ අවම ශේෂ අවශ්‍යතා CTRA ඉතුරුම් හෝ ජංගම ගිණුම් සඳහා අදාළ නොවේ.

 

CTRA ගිණුම් වර්ග :

  • CTRA
  • CTRA (අද්මිනිස්ත්‍රාසි බලකරු හෝ පොල්මඃකරු)
  • CTRA (බාල වයස්කාර)
සුදුසුකම්
  • ශ්‍රී ලංකාවේ හෝ විදෙස් රටක පදිංචිව සිටින විගමනික පුද්ගලයෙක්.
  • ශ්‍රී ලංකාවේ හෝ විදෙස් රටක පදිංචි ශ්‍රී ලංකිකයෙකු  නොවන පදිංචිකරුවෙකු හෝ ඔවුන්ගේ බාලවයස්කරුවන් 
  • වයස අවුරුදු 18 හෝ ඊට වැඩි, වෙනත් රටක තාවකාලික හෝ නේවාසික වීසා ලබාගෙන ඇති, ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත පදිංචි ශ්‍රී ලාංකිකයෙක්.
  • මාපිය සංක්‍රමණ යෝජනා ක්‍රමය යටතේ විදෙස් රටකට සංක්‍රමණය වීමට නියමිත ශ්‍රී ලාංකිකයෙක්.
  • මියගිය සංක්‍රමණිකයෙකුගේ දේපළක පරිපාලකයෙකු හෝ විධායකයෙකු.

    'විගමනිකයෙක්' යනු,
      (අ) වෙනත් රටක ස්ථිර පදිංචිය හෝ පුරවැසිභාවය ලබා ඇති ශ්‍රී ලාංකිකයෙක්;
      (ආ) ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසි භාවය හිමි මව හෝ පියා ලංකාවේ උපන් කෙනෙකු
      (ඇ) මව හෝ පියා ශ්‍රී ලාංකිකයෙකු නොවන ;  ශ්‍රී ලංකාවේ උපත ලියාපදිංචි කර ඇති පුද්ගලයින්,
    සහ (අ), (ආ) සහ (ඇ) වගන්තිවල සඳහන් කර ඇති පුද්ගලයන්ගේ බාලවයස්කරුවන් ඇතුළත් වේ;
    * ශ්‍රී ලාංකිකයෙකු නොවන මව හෝ පියා ශ්‍රී ලංකාවේ උපන් සහ උපත ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර ඇති අයෙකු
     
CTRA විවෘත කිරීම සඳහා සපුරාලිය යුතු දෑ
  • සුදුසුකම් ලත් පුද්ගලයෙකු සඳහා CTRA විවෘත කිරීමට පෙර බැංකුව විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගෙන් ලියාපදිංචි අංකයක් ලබා ගත යුතුය.
  • ලියාපදිංචි අංකයක් ලබා ගැනීම සඳහා සුදුසුකම් ලත් පුද්ගලයා පහත ස්කෑන් කරන ලද ලේඛන (අදාළ පරිදි) ඉදිරිපත් කළ යුතුය.
    i. සම්පුර්ණ කරන ලද පෝරමය. (බැංකුව විසින් පුරවනු ලැබේ.)
    ii වත්මන් විදේශ ගමන් බලපත්‍රයේ හඳුනාගැනීමේ පිටුවේ පිටපතක් සහ විකල්ප හා නිරීක්ෂණ පිටු වල පිටපත්
    iii. ස්ථිර පදිංචිය (PR) ලැබූ දිනය සහ රට සනාථ කිරීම සඳහා ස්ථිර පදිංචි (PR) සහතිකයේ පිටපතක් හෝ වෙනත් ලේඛනගත සාක්ෂියක්.
    iv. පුරවැසිභාවය හෝ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සහතිකයේ පිටපතක්.
    v. සංක්‍රමණිකයා ශ්‍රී ලංකාවෙන් පිටත ඉපදී ඇත්නම්, ශ්‍රී ලංකාවේ ලියාපදිංචි උප්පැන්න සහතිකයේ පිටපතක් (ඇත්නම්)
  • ඉහත ලියකියවිලිවලට අමතරව පහත ලිපි ලේඛන ඉදිරිපත් කළ යුතුය.
      ගිණුම් විවෘත කිරීමේ අයදුම්පත
      ගනුදෙනුකාර  ලියාපදිංචි අයදුම්පත
      (KYC) පෝරමය 
      FATCA ප්‍රකාශය (අදාළ නම්)
      බදු ප්‍රකාශය (අදාළ නම්)
    »ලිපිනය තහවුරු කිරීමේ ලේඛන. (බැංකුවට ලබා දී ඇති ලිපිනය ජාතික හැඳුනුම්පතේ / රියදුරු බලපත්‍රයේ / විදේශ ගමන් බලපත්‍රයේ සඳහන් ලිපිනයෙන් වෙනස් නම්.)
  • ශ්‍රී ලංකාවෙන් පිටත තනි තනිව පදිංචිව සිටින සහ ගිණුම විවෘත කිරීම සඳහා ශාඛාවක් වෙත පැමිණීමට නොහැකි, සුදුසුකම් ලත් පුද්ගලයින් මෙම ගිණුමක් විවෘත කිරීම සඳහා පහත සඳහන් ඕනෑ ම පුද්ගලයෙකු විසින් නිසි පරිදි සහතික කරන ලද අයදුම්පත්‍රවල මුල් පිටපත් සහ අවශ්‍ය වෙනත් ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය. 
    i. BOC ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරීන්. (BPO)
    ii  විදේශයන්හි BOC  ශාඛා/ බලයලත් නිලධාරීන්.
    iii. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ බලයලත් නිලධාරීන්.
සංක්‍රමණික දීමනා සීමාවන්
ගනුදෙනුකාර වර්ගයසංක්‍රමණ දීමනා වර්ගය

සීමාව (USD)

විදේශිකයෙක්මූලික සංක්‍රමණ දීමනාව100,000 ක උපරිමයක් 
 

 
වාර්ෂික සංක්‍රමණ දීමනාව30,000 ක උපරිමයක් 
 
තාවකාලික නේවාසික වීසා හිමියෙක් සංක්‍රමණ දීමනාව30,000 ක උපරිමයක් 
 

 

සටහන:

ඉහත සඳහන් සීමාවන් සඳහා, 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ (FEA) 22 වැනි වගන්තිය යටතේ 2025 දෙසැම්බර් 18 දිනැති අංක 2467/67 දරන රජයේ ගැසට් පත්‍රය (අතිවිශේෂ) ප්‍රකාරව ක්‍රියාත්මක කර ඇති සීමා කිරීම් සහ සීමාවන් 2025 දෙසැම්බර් 20 වැනි දින සිට මාස හයක කාලයක් සඳහා වලංගු වේ.

1. Initial migration allowance is having a cumulative limit of equivalent of USD 200,000 
2. For aforesaid limits, the restrictions and limitations implemented under the Government Gazette (Extraordinary) No. 2467/67 dated 18th December 2025 under the section 22 of the Foreign Exchange Act, No. 12 of 2017 (FEA) valid for a period of six months from the date of 20th December 2025

වැඩි විස්තර සඳහා
Foreign Circle (ජාත්‍යන්තර ගනුදෙනුකාර සේවා සහය ඒකකය)
දුරකථන අංකය - +94112203859/3860/3886/3887
විද්‍යුත් තැපෑල - fc@boc.lk
WhatsApp/Viber/Imo : +94 707 203203/ +94 707 204204 / +94 707 205205
 

For any assistance 

Foreign Circle
International Customer Service Support Unit

+94 11 220 3859
+94 11 220 3860
+94 11 220 3886
+94 11 220 3887

 
+94 707 203203
+94 707 204204
+94 707 205205

 fc@boc.lk