ව්‍යාපාරික විදේශ මුදල් ගිණුම (BFCA) ඉතුරුම් ගිණුම්, ස්ථාවර තැන්පතු ගිණුම් හෝ ජංගම ගිණුම් ආකාරයෙන් පහත සඳහන් විදේශ මුදල් ඒකක යටතේ විවෘත කළ හැකිය.

USD - ඇමරිකානු ඩොලර්
GBP - බ්‍රිතාන්‍ය පවුම්
EUR - යුරෝ
JPY - ජපාන යෙන්
AUD - ඕස්ට්‍රේලියානුඩොලර්
CHF - ස්විස් ෆ්‍රෑන්ක්
CAD - කැනේඩියානු ඩොලර්
SGD - සිංගප්පූරු ඩොලර්
NZD - නවසීලන්ත ඩොලර්
CNY - චීන රෙන්මින්බි

  • ජංගම ගිණුම් සඳහා
    » චෙක් පොත් සහ අයිරා පහසුකම් (OD)  ලබා දෙනු නොලැබේ.
  • රෙගුලාසිවලට අනුකූලව POD පහසුකම් ලබා ගත හැකිය.
  • මූලික තැන්පතු නොමැත.
  • අවම ශේෂ තැන්පතුවක් අවශ්‍ය නැත.
  • BFCA ස්ථාවර තැන්පතු ගිණුම් 
            i. විවෘත කළ හැක්කේ BFCA ඉතුරුම් හෝ ජංගම ගිණුම් හිමියන් ට පමණි.
           ii. BFC ස්ථාවර තැන්පතු ගිණුම් සඳහා අවම තැන්පතු සීමාවක් අදාළ නොවේ.
          iii. ස්ථාවර තැන්පතු විවෘත කිරීම සහ ගිණුම් වැසීම සඳහා මුදල් මාරු කිරීම සිදු කළ යුත්තේ BFCA ඉතුරුම් හෝ ජංගම ගිණුමක් හරහා පමණි.
  • ශ්‍රී ලංකා රුපියල් විදේශ මුදල් බවට මාරු  කර ව්‍යාපාරික විදේශ මුදල් ගිණුම් (BFCA) වෙත බැර කළ නොහැකිය.

 

පොලී අනුපාත

අනුපාත සහ ගාස්තු → විදේශ මුදල් ඉතුරුම් තැන්පතු.

සුදුසුකම්

 ලංකාවෙන් පිටත පදිංචි කරුවකුට අපනයන/ සේවා සැපයීම හරහා විදේශ විනිමය උපයන ශ්‍රී ලංකාව තුල පදිංචි වී සිටින පහත සඳහන් පුද්ගලයන් 

  • ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන්.
  • ශ්‍රී ලංකාවේ ලියාපදිංචි තනි හෝ හවුල් ව්‍යාපාරයක හිමි කරුවන්. (හවුල් ව්‍යාපාරයක් නම් එහි කොටස් වල වැඩි ප්‍රමාණයක්  ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන් ට හිමි විය යුතුය.)
  • ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගම්.
  • 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත සමාගම්.
  • රාජ්‍ය ආයතන. (අමාත්‍යාංශ ලේකම්ගේ හෝ අදාළ පාලන අධිකාරියේ නිර්දේශ සහිතව.)
  • ශ්‍රී ලංකාවේ බලයලත් නැව් නියෝජිතයෙකු හෝ සාමාන්‍ය විකුණුම් නියෝජිතයෙකු. (වෙළෙඳ නාවික අධ්‍යක්ෂ ජනරාල් සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරන ලද වලංගු බලපත්‍රය හෝ පිළිගත හැකි ලිපියක් සමඟ.)
  • පුද්ගලික විදේශ මුදල් ගිණුමක් (PFCA) පවත්වාගෙන ගිය පුද්ගලයෙක් මියගිය පසු අදාළ පුද්ගලයා සතු දේපළ සදහා පත් කරනු ලබන අද්මිනිස්ත්‍රකරු හෝ පොල්මකරුවෙකුට (අදාළ නීතිමය කටයුතු අවසන් වන තෙක්)
  • බැංකුව සමඟ ව්‍යාපාරික විදේශ මුදල් ගිණුමක් පවත්වාගෙන ගිය සමාගමක  ග්‍රාහකයෙකු හෝ ඈවර කරන්නෙකු. (අදාළ ක්‍රියා පටිපාටිය අවසන් වන තුරු)

*** රාජ්‍ය නොවන සංවිධාන (NGO) සඳහා ව්‍යාපාරික විදේශ මුදල් ගිණුමක් විවෘත කිරීමට සහ පවත්වාගෙන යාමට අවසර නොමැත.

ලේඛන

ගිණුම් විවෘත කිරීමේ දී අවශ්‍ය ලේඛනවලට අමතරව,

ව්‍යාපාරික විදේශ මුදල් ගිණුමක්  විවෘත කිරීමට සහ පවත්වාගෙන යාමට අයදුම්කරුගේ සුදුසුකම් තීරණය කිරීම සඳහා  විදේශ විනිමය ඉපැයීම් සම්බන්ධයෙන් අදාළ අධිකාරිය/අධිකාරි විසින් අවසර දීම ඇතුළු ලේඛනමය සාක්ෂි ඉදිරිපත් කළ යුතුය.

For any assistance 

Foreign Circle
International Customer Service Support Unit

+94 11 220 3859
+94 11 220 3860
+94 11 220 3886
+94 11 220 3887

 
+94 707 203203
+94 707 204204
+94 707 205205

 fc@boc.lk