ෂාමිනි රත්වත්තේ මහත්මිය
ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂිකා
ෂාමිනි රත්වත්තේ මහත්මිය 2025 සැප්තැම්බර් මස 16 වන දින ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කෙරිණි. එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකාවක වන ෂාමිනි රත්වත්තේ මහත්මිය, කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාද් උපාධිධාරිනියක වන අතර, ඇය 2004 වර්ෂයේ දී “Zonta Woman of Achievement-Management” ලෙස පිළිගැනීමට ලක් ව ඇත.
රත්වත්තේ මහත්මිය මින් පෙර ශ්‍රී ලංකාවේ MAS Holdings සමූහයේ ජ්‍යේෂ්ඨ මූල්‍ය, කළමනාකරණ හා ඉහළ විධායක තනතුරුවල වසර 16කට වැඩි කාලයක් සේවය කර ඇත. එමෙන් ම ඇය වර්ෂ 2007 සිට 2016 දක්වා John Keells සමූහයට අනුබද්ධිත තේ හා කොටස් තැරැව්කාර සමාගම වන John Keells PLC සමාගමෙහි විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස ද කටයුතු කළා ය.
වර්ෂ 2016 සිට 2025 දක්වා, John Keells Holdings PLC සමාගමට අනුබද්ධිත පාරිභෝගික ආහාර හා වෙළෙඳ කර්මාන්ත කටයුතුවල නිරත ආයතනයක් වන Ceylon Cold Stores PLC සමාගමෙහි මෙන් ම ආසියාවේ විශාලතම බුරුසු නිෂ්පාදකයෙකු, ප්ලාස්ටික් උත්ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් මෙන් ම ශ්‍රී ලංකාවේ එකම පොලියෙස්ටර් නූල් නිෂ්පාදකයා වන BPPL PLC සමාගමෙහි විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස ද රත්වත්තේ මහත්මිය සේවය කර ඇත.
වර්තමානය වන විට, රත්වත්තේ මහත්මිය, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සහාය වීම උදෙසා ශ්‍රී ලංකා රජය, බැංකු 13 සහ බැංකු නොවන මූල්‍ය ආයතන එක්ව රාජ්‍ය හා පෞද්ගලික සහයෝගීතාවක් ලෙස ආරම්භ කරන ලද සීමාසහිත ජාතික ණය ඇපකර සීමාසහිත ආයතනයේ විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කරයි. තවද එතුමිය, CBL සමූහයේ ප්‍රෝටීන්පාදක ආහාර නිෂ්පාදන හා අලෙවිකරන සමාගම් වන Convenience Food (Lanka) PLC සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක නොවන අධ්‍යක්ෂවරියක මෙන් ම, රංගකලාව සහ කලාව සම්බන්ධයෙන් විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් සමඟ කටයුතු කරන ලාභ නොලබන සංවිධානයක් වන සුනේරා පදනමේ භාරකාරවරියක වශයෙන් ද කටයුතු කරයි.