ජානකී සේනානායක සිරිවර්ධන මහත්මිය
අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම් / ලේකම්, ලංකා බැංකුව/ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහා කළමනාකාරිණී
ලංකා බැංකුවේ ලේකම් තනතුර සහ ලංකා බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම් තනතුර හොබවන ජානකී සේනානායක සිරිවර්ධන මහත්මිය, 2010 ඔක්තෝම්බර් මාසයේදී ආයතනික කළමනාකරණ කණ්ඩායමේ සාමාජිකාවක් වශයෙන් පත් කරන ලද අතර 2023 වසරේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහා කළමනාකාරිණියක් ලෙස පත් කරන ලදී.
නීතිවේදී උපාධියක් හිමි ඇය, වෘත්තීය නීතිඥවරියකි. ආයතනික යහපාලනය හා සම්බන්ධ වගකීම් දරමින් ලංකා බැංකුවේ සමාගම් ලේකම් තනතුරේ වසර 25 කට වැඩි පළපුරුද්දක් ඇති සිරිවර්ධන මහත්මිය, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන පශ්චාත් (කුසලතා) උපාධියක් ද ලබා ඇත.
බැංකුවට බැඳීමට පෙර, සිරිවර්ධන මහත්මිය පෞද්ගලික අංශයේ සමාගම් ලේකම්වරියක් ලෙස සේවය කළාය. තවද, ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ කාර්මික කළමනාකරණ දෙපාර්තමේන්තුවේ වාණිජ හා කාර්මික නීතිය පිළිබඳ බාහිර කථිකාචාර්යවරියක්, පරීක්ෂකවරියක් සහ අධීක්ෂකවරියක් ලෙස ද සේවය කළාය.