director-image

රොෂෙල් ප්‍රනාන්දු මහත්මිය

නියෝජ්‍ය මහා කළමනාකාරිණී (අයකරගැනීම් - පළාත්)

රොෂෙල් ප්‍රනාන්දු මහත්මිය නියෝජ්‍ය මහා කළමනාකාරිණී (සංවර්ධන බැංකු කටයුතු සහ ශාඛා ණය මෙහෙයුම් - කළාප 2) ලෙස 2023 මාර්තු මාසයේ දී ලංකා බැංකුවේ ආයතනික කළමනාකාරිත්වයට පත් කෙරුණු අතර, ඊට පෙර ඇය සහකාර මහා කළමනාකාරිණී (Trade Services) තනතුර හෙබවූවාය.

ප්‍රනාන්දු මහත්මිය ලංකා බැංකුවේ පාරිභෝගික බැංකුකරණ, ආයතනික බැංකුකරණ සහ Trade Services යන ක්ෂේත්‍ර ආශ්‍රිතව සේවය කරමින් වසර 27කට වැඩි පළපුරුද්දක් ලබා ඇත.

ප්‍රධාන වශයෙන්, ආනයන සහ අපනයන යන අංශ දෙකෙහි ම, විශේෂයෙන් අක්වෙරළ බැංකු අංශයේ ආනයන අංශයට අදාළ කාර්යයන් සඳහා විශේෂඥතාවක් ලබා ගනිමින් එම අංශයේ සේවය කර ඇත.

සාමාන්‍ය රාජකාරී කටයුතුවලට අමතරව, ප්‍රනාන්දු මහත්මිය ජාත්‍යන්තර වෙළෙඳාමට අදාළ බැංකු ක්‍රියා පටිපාටි පිළිබඳ සහතික පත්‍ර පාඨමාලා සඳහා සම්පත් දායිකාවක ලෙස 2018 වසරේ සිට 2022 දක්වා සිය විශේෂඥ දැනුම අපනයන සංවර්ධන මණ්ඩලය වෙත ලබා දෙයි. ඊට අමතරව ඇය ශ්‍රී ලංකාව, මාලදිවයින, සීෂෙල්ස් සහ චෙන්නායි යන ලංකා බැංකු විදේශීය ශාඛා ක්‍රියාත්මක කිරීමේ කලාප හතරක් දක්වා ව්‍යාප්ත වන නව වෙළෙඳ මූල්‍ය මෘදුකාංග ව්‍යාපෘතියේ කළමනාකාරිණිය ලෙස ද කටයුතු කරයි.

2021/22 වසර සඳහා වෙළෙඳ මූල්‍ය බැංකුකරුවන්ගේ සංගමයේ (TFAB) ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරය දැරූ ප්‍රනාන්දු මහත්මිය 2023/24 වසර සඳහා වෙළෙඳ මූල්‍ය බැංකුකරුවන්ගේ සංගමයේ සභාපතිනිය ලෙස කටයුතු කරයි. එමෙන් ම ඇය වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ යාවජීව සාමාජිකත්වය දරනු ලබයි. ප්‍රනාන්දු මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය කළමනාකරණය හා විශේෂඥ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධියක් ලබා ඇති අතර, ඇය ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ද සාමාජිකාවකි. එමෙන් ම ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය (PIM) විසින් මෙහෙයවනු ලබන කළමනාකරණ සංවර්ධන වැඩසටහන සාර්ථකව නිම කර ඇත.