ප්‍රියන්ති විජේසේකර මහත්මිය
නියෝජ්‍ය මහා කළමනාකාරිණී (මෙහෙයුම්)
ප්‍රියන්ති විජේසේකර මහත්මිය 2023 පෙබරවාරි මාසයේදී නියෝජ්‍ය මහා කළමනාකාරිණී (උපකාරක සේවා) ලෙස බැංකුවේ ආයතනික කළමනාකාරිත්වයට පත් කරන ලද අතර දැනට නියෝජ්‍ය මහා කළමනාකාරිණී (මෙහෙයුම්) ලෙස කටයුතු කරයි.
2016 ජූලි මාසයේදී සහකාර මහා කළමනාකාරවරියක් ලෙස උසස්වීම් ලැබූ ඇය, සහකාර මහා කළමනාකාරිණී (පරිපාලන සේවා), සහකාර මහා කළමනාකාරිණී (අලෙවිකරණ), සහකාර මහා කළමනාකාරිණී (විදේශීය ශාඛා) සහ සහකාර මහා කළමනාකාරිණී (ණය විගණන) යන තනතුරු හොබවා ඇත. සහකාර මහා කළමනාකාරිණී (අලෙවිකරණ) ලෙස සේවය කරන අතරතුර ඇය අලෙවිකරණ කමිටුවේ ලේකම්වරිය ලෙසද කටයුතු කළාය.
ඇය බැංකුකරණයේ විවිධ ක්ෂේත්‍රවල වසර 35කට වැඩි පළපුරුද්දක් ඇති පළපුරුදු බැංකු වෘත්තිකයෙකි. ඇය 1991 සිට ලංකා බැංකුව හා කටයුතු කර ඇති අතර, පුද්ගලික බැංකුකරණය, ආයතනික ණය, අයකරගැනීම්, අක්වෙරළ බැංකුකරණය, පරිපාලන සේවා, අලෙවිකරණය, විදේශීය ශාඛා සහ ණය විගණන අංශ ඇතුළු විවිධ අංශවල සේවය කර ඇත. විජේසේකර මහත්මිය බැංකුවේ සේවය කරන කාලය තුළ 2002/2003 වසරවලදී ලංකා බැංකුවේ ලන්ඩන් ශාඛාවේ සේවය කරමින් විදේශ අත්දැකීම්ද ලබා ඇත.
ලන්ඩන් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයෙන් කුසලතා සාමාර්ථයක් සමඟ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් (MBA) ලබා ඇති විජේසේකර මහත්මිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් සහ මොරටුව විශ්වවිද්‍යාලයෙන් ජාතික තාක්ෂණ ඩිප්ලෝමාවක්ද ලබා ඇත. ඊට අමතරව, ඇය ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ අධි සාමාජිකාවකි.
විජේසේකර මහත්මිය සී/ස සීබෑන්ක් හොලිඩේ හෝම්ස් (පුද්ගලික) සමාගමේ සහ සී/ස හොටෙල්ස් කළම්බු (1963) සමාගමේ අධ්‍යක්ෂවරියක් ලෙසද කටයුතු කරයි.