director-image

තුල්සි අලුවිහාරේ මහතා

ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ

ටී. ජී. අලුවිහාරේ මහතා 2025 සැප්තැම්බර් මස 16 වන දින ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කෙරිණි.

ආයතනික ප්‍රාග්ධන උත්පාදනය පිළිබඳ ජාත්‍යන්තර අත්දැකීම් සහිත අලුවිහාරේ මහතා, ආයෝජන උපායමාර්ග, ගනුදෙනු උපදේශන, විකුණුම්, ප්‍රාග්ධන උත්පාදන සහ ප්‍රතිව්‍යූහගතකිරීම් පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත පළපුරුදු ව්‍යාපාරිකයෙකු සහ ආයෝජන වෘත්තිකයෙකු ද වේ. එමෙන් ම ලන්ඩන්, මෙල්බර්න් සහ කොළඹ යන නගර ආශ්‍රිතව ව්‍යාපාර සහ ආයෝජන කටයුතු මෙහෙයවීම සම්බන්ධයෙන් එතුමාට වසර 25කට අධික පළපුරුද්දක් ඇත.

අලුවිහාරේ මහතා, සීමාසහිත CHEC Port City Colomboපුද්ගලික සමාගමෙහි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන අතර, විදේශ මුදල් පදනම් කරගත්, ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුසේවා විශේෂ ආර්ථික කලාපය (SEZ) පිහිටුවීම සඳහා කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ මෙහෙයුම් කමිටු සාමාජිකයෙකු ලෙස ද එතුමා කටයුතු කළේ ය. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත බලාත්මක වීමත් සමඟ, FDI ප්‍රවර්ධනය කිරීම මෙන් ම වරාය නගරය ආශ්‍රිත ආයෝජන සඳහා ව්‍යාපාරික යෝජනා සැකසීම අලුවිහාරේ මහතාගේ වර්තමාන කාර්යභාරය වී ඇත. වරාය නගර ව්‍යාපෘතිය යනු ඇමරිකානු ඩොලර් බිලියන 15ක නව නගර සංවර්ධනයක් වන අතර එය දැනට පවතින කොළඹ මධ්‍යම ව්‍යාපාරික කලාපයේ දිගුවකි. 

සීමාසහිත CHEC Port City Colombo පුද්ගලික සමාගම හා සම්බන්ධ වීමට පෙර අලුවිහාරේ මහතා, PwCහි ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඒකාබද්ධකිරීම් සහ අත්පත්කරගැනීම් පිළිබඳ අධ්‍යක්ෂ මෙන් ම ප්‍රධානී ලෙස ද කටයුතු කළ අතර, එතුමා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි PwCඇතුළුව PwC ආශ්‍රිතව වසර 14ක කාලයක් කටයුතු කරමින් බහුජාතික ගනුදෙනු රැසකට දායක වී ඇත. ඒකාබද්ධකිරීම් සහ අත්පත්කරගැනීම් සඳහා වන ගෝලීයPwCපුහුණුකරුවන්ගේ මණ්ඩලයට ද තේරී පත් වූ අලුවිහාරේ මහතා, කෝපන්හේගන්, ස්ටොක්හෝම්, ඩබ්ලින්, රෝමය, වෝර්සෝ සහ අබුඩාබි යන නගරවල පැවති උපදේශන වැඩසටහන්හි කළමනාකරුවන් පුහුණු කිරීම සඳහා ද දායක වූයේ ය.

වර්තමානය වන විට, අලුවිහාරේ මහතා, Abans Finance PLC සහExpack Corrugated Cartons PLC යන සමාගම්වල විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කරයි. එමෙන් ම එතුමා එක්සත් රාජධානියේ බටහිර ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා උපාධිය මෙන් ම කොළඹ විශ්වවිද්‍යාලයේ මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාද් උපාධිය (MFE) ද හදාරා ඇත.