සුනිමල් වීරසූරිය මහතා
ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ
සුනිමල් වීරසූරිය මහතා, ඩිජිටල් ගෙවීම්, සැපයුම්, ස්වයංක්‍රීය නිෂ්කාශන නිවාස/ ගෙවීම් යටිතල පහසුකම්, තොරතුරු ආරක්ෂණය, ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය, මුදල් කළමනාකරණය, ආයෝජන බැංකුකරණය, නිෂ්පාදනය සහ පුහුණුව වැනි බහු විධ ක්ෂේත්‍ර ආශ්‍රිතව වසර 30කට වැඩි පළපුරුද්දක් සහිත තාක්ෂණ වෘත්තිකයෙකි. එමෙන්ම වීරසූරිය මහතා, තාක්ෂණික උපාය මාර්ග, ඩිජිටල් පරිවර්තනය, තාක්ෂණික කළමනාකරණය, තාක්ෂණික හුවමාරුව, ව්‍යාපාර උපායමාර්ග සහ නවෝත්පාදන යන ක්ෂේත්‍රවල විශේෂඥයෙකි.
1992 වසරේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක් ලබා ගත් වීරසූරිය මහතා, පසුකාලීනව කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් (PIM) ව්‍යාපාර පරිපාලනපති (MBA) උපාධියක්, තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනයෙන් (AIT) තාක්ෂණ කළමනා කරණය පිළිබඳ පශ්චාත් (MBA) උපාධිය සහ ඕස්ට්‍රේලියාවේ කර්ටින් තාක්ෂණ විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ විද්‍යාපති (MSc.) උපාධිය වැනි විවිධ විෂයන්හි පශ්චාත් උපාධි ගණනාවක් ලබාගෙන ඇති අතර, ඒ මහතා එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනයේද (CMl) සාමාජිකයෙකි.
LankaPay (Pvt) Ltd හි හිටපු සාමාන්‍යාධිකාරී / ප්‍රධාන විධායක නිලධාරීවරයා වන වීරසූරිය මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ මඟ පෙන්වීමෙන් LankaPay යන සන්නාමය යටතේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් පද්ධතියේ යටිතල පහසුකම් නිර්මාණය කර ප්‍රර්වර්ධනය කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්‌යභාරයක් ඉටු කළේ ය. එමෙන් ම ඒ මහතා මෑතක දී සිංගප්පූරුවේ Transnational Group හි තාක්ෂණ සහ නවෝත්පාදන ජ්‍යේෂ්ඨ උප සභාපතිවරයා ලෙස මෙන් ම ශ්‍රී ලංකාවේ Transnational Group of Companies හි දේශීය අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කළේ ය.
ඊට අමතර ව Transnational Technology Solutions Lanka (Pvt) Ltd., Transnational Lanka (Pvt) Ltd., Pronto Lanka (Pvt) Ltd. සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) වැනි විවිධ සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කළ වීරසූරිය මහතා, වර්තමානය වන විට Synapsys Limited හි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කරයි.
එමෙන් ම ඒ මහතා Singapore International Mediation Institute (SIMI), සිංගප්පූරුවේ Sage Mediation සහ ශ්‍රී ලංකාවේ IADRC යන ආයතනවල පිළිගත් ජාත්‍යන්තර මැදිහත්කරුවකු ලෙස ද කටයුතු කරයි.