director-image

ශෂී ජයසිංහ මහතා

නියෝජ්‍ය මහා කළමනාකරු (පරිණාමණ හා මානව සම්පත් උපාය මාර්ග)

2026 ජනවාරි මාසයේදී ලංකා බැංකුවේ  නියෝජ්‍ය මහා කළමනාකරු (පරිණාමණ හා මානව සම්පත් උපාය මාර්ග) ලෙස ශෂී ජයසිංහ මහතා පත් කෙරිණි.

නිෂ්පාදන, ඉදිකිරීම්, ඉංජිනේරු, පාරිභෝගික වෙළෙඳ, බෙදාහැරීම් සහ සේවා ඇතුළු පුළුල් ක්ෂේත්‍ර ගණනාවක මානව සම්පත් කළමනාකරණය පිළිබඳ වසර 22 කට වැඩි පළපුරුද්දක් සහිත ශෂී ජයසිංහ මහතා, පළපුරුදු මානව සම්පත් වෘත්තිකයෙකි. එමෙන් ම මානව සම්පත් පරිවර්තනය හා උපාය මාර්ග, ව්‍යාපාර උපාය මාර්ග සමඟ මානව සම්පත පෙළගැස්වීම, ආයතනික සංවර්ධනය, මානව සම්පත් විශ්ලේෂණය, කුසලතා කළමනාකරණය, අධ්‍යාපන හා සංවර්ධන, කාර්ය සාධන හා ප්‍රතිචාර කළමනාකරණය, මානව සම්පත් තොරතුරු පද්ධති (HRIS) ක්‍රියාත්මක කිරීම, කාර්මික හා සේවක සබඳතා, පරිවර්තන කළමනාකරණය සහ ක්‍රියාවලි ‍ප්‍රශස්තකරණය ආදී වෘත්තීය ක්ෂේත්‍ර ගණනාවක් ආශ්‍රිත ව ජයසිංහ මහතා විශේෂඥයෙකි.

ලංකා බැංකුව සමඟ එක් වීමට පෙර ජයසිංහ මහතා  මානව සම්පත් ක්ෂේත්‍රයේ ජ්‍යේෂ්ඨ කළමනාකරුවකු ලෙස කටයුතු කර ඇති අතර, ඒ මහතා EMJAY International (Pvt) Ltd සහ Penguin Sportswear (Pvt) Ltd යන සමාගම්වල සමූහ මානව සම්පත් (මෙහෙයුම්) සාමාන්‍යාධිකාරී ලෙස සේවය කළේය. එමෙන් ම Tudawe Brothers Group of Companies හි මානව සම්පත් ප්‍රධානී ලෙස සහ AMSK Constructions (Pvt) Ltd හි මානව සම්පත් හා පරිපාලන ප්‍රධානී ලෙස  කටයුතු කළ ඒ මහතා, සිය වෘත්තීය ජීවිතයේ මුල් අවධියේ දී MAS Holdings හි කළමනාකරණ භූමිකාවක් හොබවමින් මහා පරිමාණ සමාගම් සඳහා පුළුල් මානව සම්පත් රාමු සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා දායකත්වය ලබා දී ඇත.

ඉන්දියාවේ ICFAI විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ  උපාධියත් (BBA) සහ කොළඹ විශ්ව විද්‍යාලයෙන් කුසලතා සාමාර්ථයක් සහිත මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් ලබා ඇති ජයසිංහ මහතා, ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනයේ යාවජීව සාමාජිකයෙකු වන අතර, ඒ මහතා ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනයේ සහ ශ්‍රී ලංකා මානව සම්පත් වෘත්තිකයන්ගේ සංගමයේ ආශ්‍රිත සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරයි.