director-image

සම්පත් පෙරේරා මහතා

නියෝජ්‍ය මහා කළමනාකරු (ආයතනික සහ අක්වෙරළ බැංකුකරණය)

ලංකා බැංකුවේ සිය වෘත්තීය ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සම්පත් පෙරේරා මහතා 2024 පෙබරවාරි මාසයේදී නියෝජ්‍ය මහා කළමනාකරුවකු ලෙස පත්විය. දශක දෙකකට වැඩි පළපුරුද්දක් ඇති පෙරේරා මහතා, බැංකුවේ විවිධ ක්ෂේත්‍ර හරහා සිය සුවිශේෂී නායකත්ව කුසලතා සහ උපාය මාර්ගික ඥානය නිරතුරුව පෙන්නුම් කර ඇත.

කළමනාකරණ අභ්‍යාසලාභියකු ලෙස 2002 වසරේ බැංකුවට බැඳුණු පෙරේරා මහතා, විවිධ බැංකු කටයුතු සම්බන්ධයෙන් තම ප්‍රවීණත්වය ප්‍රදර්ශනය කරමින් උසස් නිලයන් වෙත ඉතා ඉක්මනින් ළඟාවිය. ඒ් මහතා සහකාර මහා කළමනාකරු ලෙස වසර හයකට වැඩි කාලයක් බස්නාහිර පළාත උතුර, බස්නාහිර පළාත දකුණ, අක්වෙරළ බැංකු අංශය සහ ආයතනික සබඳතා අංශය ඇතුළු ප්‍රධාන උපාය මාර්ගික ව්‍යාපාර ඒකක සාර්ථකව කළමනාකරණය කළේය. ඔහුගේ නායකත්වය යටතේ, මෙම ඒකක අභියෝගාත්මක ව්‍යාපාරික පරිසරයන් හි දී පවා දියුණුවීම ඔහුගේ උපායමාර්ගික දූරදර්ශීභාවය සහ කළමනාකරණ කුසලතාව පිළිබිඹු කරන සාක්ෂියකි. මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව ඉහළ නංවමින් ගිණුම්කරණ සහ බදු අංශයේ කාර්‍ය සංවර්ධනයන් සහ උපාය මාර්ගික ප්‍රසම්පාදන මූලාරම්භයන් හඳුන්වාදීමේදී, පෙරේරා මහතාගේ දූරදර්ශී ප්‍රවේශය ප්‍රධාන වශයෙන් වැදගත් විය.

පෙරේරා මහතාගේ ජාත්‍යන්තර අත්දැකීම් අතරට 2007 වසරේ ලන්ඩන් ලංකා බැංකුවේ අභ්‍යාසලාභී ප්‍රාපණිකයකු ලෙස මාස 6ක සේවා කාලය ද ඇතුළත් වේ. ලංකා බැංකුවේ ලන්ඩන් ශාඛාව ස්වාධීන අනුබද්ධිත ආයතනයක් බවට පත්කිරීමෙන් පසු, එහි වාණිජ ණය මෙහෙයුම් ස්ථාපිතකිරීමෙහි ලා පළමු ණය කළමනාකරු (2010-2013) ලෙස ඔහුගේ දායකත්වය ඉවහල් විය. 

පෙරේරා මහතා සිය වෘත්තීය ජීවිතය පුරාවටම බැංකුවේ නවෝත්පාදන සහ පරිවර්තනයන් පිටුපස ශක්තිමත් නියමුවකු විය. බැංකුවේ උපායමාර්ගික පරිවර්තනයන් මෙහෙයවීම සහ නවෝත්පාදන සංස්කෘතියක් බිහිකිරීම අරමුණු කොටගත් ඉතා වැදගත් මූලාරම්භයන් සහ කමිටු ඔහු විසින් මෙහෙයවා ඇත. එපමණක් නොව, ආයතනික කළමනාකාරිත්වය විසින් පත් කරන ලද කමිටු කිහිපයක සභාපතිවරයා ලෙස ඔහු විසින් තීරණාත්මක අභියෝගවලට මුහුණදීමට සහ නැගී එන අවස්ථාවන්ගෙන් ප්‍රයෝජනගැනීමට වටිනා දෘෂ්ටීන් හා නිර්දේශ ලබා දී ඇත.

පෙරේරා මහතා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී (විශේෂ) උපාධියක්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් (PIM) ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් සහ බැංකුකරණය සහ මූල්‍ය පිළිබඳ ඩිප්ලෝමාවක් ලබාගෙන ඇත. ඔහු ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සහකරුවකු ද වන අතර කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ උපායමාර්ගික කළමනාකරණය පිළිබඳ උසස් පාඨමාලාව ද අවසන් කර ඇත.