එස්. සිවන්ජන් මහතා
නියෝජ්‍ය මහා කළමනාකරු (ආයතනික අයකරගැනීම්)
එස්. සිවන්ජන් මහතා 2020 සැප්තැම්බර් මාසයේ සිට බැංකුවේ ආයතනික කළමනාකාරිත්වයට පත් කරන ලද අතර, මේ වන විට නියෝජ්‍ය මහා කළමනාකරු (ව්‍යාපාර පුනර්ජීවන සහ පුනරුත්ථාපන) ලෙස සේවය කරයි. 2002 වසරේ කළමනාකරණ අභ්‍යාසලාභියෙකු ලෙස බැංකුවට සම්බන්ධ වූ ඔහු, මීට පෙර පළාත් හයක ණය මෙහෙයුම් ආවරණය වන පරිදි නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා ණය මෙහෙයුම් - කළාප I) සහ නියෝජ්‍ය මහා කළමනාකරු (උපකාරක සේවා) ලෙසද 2018 වසරේ සිට සහකාර මහා කළමනාකරු (ජාත්‍යන්තර) තනතුර හොබවා ඇත.
ඔහු යාපනය විශ්ව විද්‍යාලයෙන් පළමු පන්තියේ ගෞරව සාමාර්ථයක් සහිතව විද්‍යාවේදී උපාධියක් ලබා ඇති අතර, 2010 වසරේ කොළඹ විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන (අලෙවිකරණය පිළිබඳ විශේෂ) පශ්චාත් උපාධියක් ද ලබා ඇත.
සිවන්ජන් මහතා පුද්ගලික බැංකුකරණ ශාඛා මෙහෙයුම්වලින් සිය බැංකු ගමන ආරම්භ කළ අතර, බැංකුවේ චෙන්නායි ශාඛාවේද සේවය කරමින් විදේශීය ශාඛා මෙහෙයුම් පිළිබඳ පුළුල් දැනුමක් ලබා ඇත. විවිධ ශ්‍රේණිවල සහ අංශවල සේවය කරමින් ණය, අයකරගැනීම්, ශාඛා පරිවර්තනය, සංවර්ධන බැංකුකරණය සහ ක්ෂුද්‍ර මුල්‍ය සම්බන්ධයෙන් ලබාගත් පුළුල් අත්දැකීම් සම්භාරයක් ඔහු සතුය. සිවන්ජන් මහතා 2010 වසරේ සිට බැංකුවේ මධ්‍යම පුහුණු කිරීමේ ආයතනයේ බාහිර කථිකාචාර්‍යවරයෙක් ලෙසද කටයුතු කරයි.